Featured News

Video Gossip

Advertisement

ජනප්‍රිය ගායිකා ජින්ජර් දෙනියායේදී‍
අනතුරකට ලක්වෙයි


(PHOTOS + VIDEO)

දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය ඊයේ අලුයම (29)  දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.



ඇය රුහුණු සංචාරක කාර්යාංශය සහ දකුණු පළාත් සභාව මගින් සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය සැක කරයි.

එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතෙකුද රියදුරු ගමන් කරමින් සිට ඇත .

අනතුර සිදුවනවාත් සමගම අසල්වාසීන් පැමිණ මහත් පරිශ්‍රමයක් දරා අනතුරට පත් වූ පිරිස මෝටර් රථයෙන් එළියට රැගෙන ත්‍රී රෝද රථ දෙකක් සහ කුඩා බට්ටා වර්ගය ලොරි රථයකින් දෙනියාය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements