Featured News

Video Gossip

Advertisement


අක්මාවේ 68%කුත් අරන් නාමල්
රුවන්ති කැත වැඩේකල රසිකයාට
රංජන් කරපු පින් අයිති වෙන වැඩේ මෙන්න

මම මේ ගැන කතා කරාම නාමල් මට කතා කරේ උබ කියල


පසුගිය දවස් කිහිපය තිස්සෙම සමාජජාල මාධ්‍යයන්වල කතාවූ චරිතයක් තමයි නාමල් උඩුගම කියලා කියන්නේ.‍

ඒ කලකට පෙර දරුණු ලෙස රෝගාතුර වූ නාමල්ට සුවවීම සඳහා අක්මාව ලබාදුන් පුද්ගලයාට ඔහු වංචා කළා කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.

ඉතින් නාමල් උඩුගම කලාකරුවාට තමන්ගේ අක්මාවෙන් සියයට 65ක කොටසක් පරිත්‍යාග කළ රසිකයාට උදව් කරන්න නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පියවරගෙන තිබෙනවා.

ඒ බව දැක්වෙන වීඩියෝවක් රංජන් රාමනායක මහතා විසින් සමාජජාල මාධ්‍යයන්ට යොමු කර තිබෙනවා.

නාමල් උඩුගම ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ ඔහු අසනීපව සිටි නිසා. කෙසේ වෙතත් නාමල් උඩුගම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වල නැවත කතාබහක් ඇරඹිලා, ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ නාමල් සුවපත් කර ගැනීම සිය අක්මාවෙන් 10%ක් දන් දුන්නා යැයි කියන පුද්ගලයෙකුට නාමල් හා ඔහුගේ ඥාතින් විසින් කළා යැයි පැවසෙන වංචාවක් නිසා.

මුද්‍රිත මාධ්‍යය මේ පිළිබදව වාර්තා කර තිබෙන අතර සිදුවීම සැකෙවින් මෙසේය. ඔහු නමින් ක්‍රිෂාන්ත ය. නාමල් උඩුගම ගේ රසිකයෙක් වන ක්‍රිෂාන්ත , නාමල් උඩුගම අසනීපව සිටිනවා යන පුවත අසා නාමල් සුවපත් කර ගැනීමට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී තිබේ. මේ සදහා ක්‍රිෂාන්තට රුපියල් ලක්ෂ දහයක මුදලක් පරිත්‍යාග කිරීමට නාමල් උඩුගම ගේ බිරිඳ වන රංගන ශිල්පිණි රුවන්ති මංගලා පොරොන්දුව ඇත.

ඉන්පසුව මෙම ශල්‍යකර්මය සිදු කර තිබෙන්නේ ඉන්දියාවේ පෞද්ගලික රෝහ්ගලකදිය, නාමල් සුවපත් කරගැනීමට ඉදිරිපත් වූ ක්‍රිෂාන්තට මහා අපරාදයක් සිදු වන්නේ මේ රෝහලේදිය. එනම් අක්මාවෙන් 10%ක් ලබා ගන්නවා යැයි කීයූවද ශල්‍ය කර්මයේදී ක්‍රිෂාන්තගේ අක්මාවෙන් 68%ක කොටසක් ලබා ගෙන තිබේ. මුද්‍රිත මාධ්‍ය වාර්තා කරන්නේ දැන් නාමල් උඩුගම සුව වී සිටිද්දි ක්‍රිෂාන්ත අසනීපයෙන් බවයි . ක්‍රිෂාන්තගේ දුරකථන ඇමතුම් පවා උඩුගම පවුලේ අය විසින් විසන්ධි කරන බවටත් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තවද නිතීය අනුව අක්මාව පරිත්‍යාග කළ හැක්කේ ලේ ඥාතියෙකුට පමණක් වන අතර ක්‍රිෂාන්ත , නාමල් උඩුගමගේ ඥාතියෙකු නොවන බවත් , නාමල් උඩුගම පවුල විසින් මෙම සැත්කම සදහා ව්‍යාජ ලේඛන සකසා තිබෙන බවද සමාජජාලා මාධ්‍ය වල කියවුණා.

මේ සිදුවීම පිළිබදව මුද්‍රිත මාධ්‍යයට සටහන් කරන, මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙසින් පසුසටහනක් තබා තිබුණා.

// රාවයට මම ලීව Namal Udugama අක්මාව දුන් මනුස්සයාගේ කතාව මේ වෙද්දී සමාජමාධ්‍යවල හුවමාරු වෙන්න පටන් අරන්. මේ වෙද්දී බොහොම දරුණු විදියට නාමල්ට අපහාස කරන්නත් සමහරු පටන් අරන්.

නාමල් උඩුගමට අක්මාවෙන් කොටසක් දීපු කෙනා ගැන මේ සතියේ ලිපිය ලියන්න කලින් රුවන්ති මංගලා මහත්මියට සහ නාමල් උඩුගම මහතාට කතාකළේ ඔවුන්ගේ පැත්තෙන් විස්තරය අහගන්න. ලිපිය ලියන්න කලින් අපි විවිධ පැතිවලින් කතාව තහවුරු කරගෙන තිබුණෙ. හැබැයි වැඩි වශයෙන් තිබුණෙ අක්මාව දුන්න කෙනාගේ කතාව. රුවන්තිලා කීවේ උත්තර දෙන්න බැඳිලා නැහැ කියලයි.
කෙසේ වෙතත් රුවන්ති මංගලා අද (23) කතාකරලා මේ ලිපිය ලීවේ ඇයිදැයි ඇහුවා. එක් පුද්ගලයෙක් ලියන දේ විශ්වාස කරලා ලියන එක අසාධාරණ බව කීවා.

අපි ක්‍රිෂාන්ත සම්පත් ගැන ලියන්න හේතු රැසක් තිබුණා. ප්‍රධානම හේතුවක් තමයි දැන් ඔහුගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍ය වීම. ඔහු කාලයකින් තමන්ව වෛද්‍ය පරීක්ෂාවට ලක්කරලා තිබුණෙ නැහැ. වෛද්‍යවරු කියන්නේ අක්මාවක් දුන්නාම දුන්න කෙනත් රෝගියෙක් කියලයි. ඔහු වසර දෙකක් යනතෙක් මාස තුනකට සැරයක් අක්මාව පරීක්ෂා කරගත යුතුයි. එහෙත් ක්‍රිෂාන්ත එහෙම පරීක්ෂාවක් කරගෙන නැහැ. ඔහුට රැකියාවක්වත් නැහැ. ඔහුගෙ බිරිඳ දැන් විදේශ රැකියාවක.

ඔහු සුවෙන් හිටි මනුස්සයෙක්. අසනීප වෙන්නෙ නාමල්ට කරපු පරිත්‍යාගය නිසා. ඔහුට ඒ වෙනුවෙන් ලක්ෂ දහයක මුදලක් ලැබී තියෙනවා. එහෙත් ඔහු නොසිතූ ලෙස අසාධ්‍ය තත්වයට වැටිලා. ඉතින් ඔහුට කියන්න තියෙන දේ ලිවීම අපේ වගකීමක්. විශේෂයෙන් නාමල්ගේ සැත්කම වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු බොහෝදෙනෙක් මුදල් වැයකරපු නිසා ඔවුන්ට සැත්කම පරිත්‍යාග කළ කෙනා කියන දේ දැනගන්නට අයිතියක් තියෙනවා. ඒ නිසයි ඔහු කී දේ අපි ලීවේ. නමුත් ඒ ඔහු කී දේ විතරයි. රුවන්තිලාටත් මේ ගැන තමන්ගේ කතාව කියන්න සාධාරණ ඉඩක් තියෙනවා. කෙසේ හෝ අවසානයේ සිදුවිය යුත්තෙ ක්‍රිෂාන්තට සාධාරණයක් ඉටුවීමයි.

ක්‍රිෂාන්තට ඇහුම්කන් දෙන්න සාමාන්‍ය මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය වෙනුවෙනුයි අපි පෙනී හිටියේ.

එහෙත් ක්‍රිෂාන්ත වුණත් අක්මාවේ 10%ක් පමණක; ගන්නවායැයි කටවචනයක් විශ්වාස කරමින් ඉන්දියාවට යෑම බුද්ධිමත් වැඩක් නෙවෙයි. ඔහුට මේ ගැන සොයාබලන්න තිබුණා. ඔහු බලාපොරොත්තු වෙන්න ඇත්තේ ශරීරයෙන් සුළු කොටසක් දීලා ලොකු ගෞරවයක් ලබන්න, සහ තමන්ගෙ පෞද්ගලික අරමුණු ටිකක් ඉටු කරගන්න වෙන්න පුළුවන්. අපි ඒ ගැන දන්නේ නැහැ.
මේ වෙද්දී හැමෝම නාමල්ට කුණුහරුපයෙන් බණින්න පටන් අරන්. ඒකට කොහෙත්ම එකඟ වෙන්න බැහැ. ඔහු අපේ ආදරය ලබපු යමක් කළ කෙනෙක්. හෙට මා අතින් වුණත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. පෞද්ගලික අරමුණු ඉටු කරගන්නට ලොකු තරඟයක ඉන්න අපට එදිනෙදා බොහෝ යුතුකම්, මනුෂ්‍ය බැඳීම් මඟහැරෙනවා.
කලෙක නාමල් ළඟින්ම සිටි අය වෙන්න ඇති අද ඔහුට බණින්නෙ. මේ රටේ ගෞරවය මොන තරම් තාවකාලිකද කියලා තේරුම් ගන්න නාමල්ට මේක හොඳ අවස්ථාවක්. ජීවිතේ ගැන තේරුම්ගන්න අවස්ථාවක්.

නාමල් එක්ක කිසිම කේන්තියක්, වෛරයක් මට නැහැ. නාමල් උඩුගම වෙනුවෙන් එකල මැදපෙරදිග හිටපු මමත් මුදල් දැම්මා. ඔහුගේ ගීතවලට අදත් මම කැමතියි. හෙටත් කැමතියි. නාමල්ට තව කාලයක් කලාවෙහි යෙදෙන්න ලැබෙන්න ඕනේ. අනෙක නාමල් දැන් කලබල විය යුතු නැහැ. අද බැණවදින අයට හෙට මේ සියල්ල අමතක වේවි. ඔහුට අළුතෙන් අවස්ථාවක් ලැබිලා //

– උපුටා ගැනීම රේඛා නිලුක්ෂි හේරත් –


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements