Featured News

Video Gossip

Advertisement

මම ගමක ඉඳන් ආපු කෙනෙක්
බදුල්ල තමයි මගේ ගම
අපි එකිනෙකාට හරි ආදරෙන් ඉන්නේ
-සංගීත් ප්‍රභූ

හුරතල් අක්කා මියුසික් වීඩියෝවෙන් ජනප්‍රියත්වයට පත්වුණු තරුණ රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ.

සිය හැකියාවෙන් ඉදිරියට යන මොහුගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා.

සංගීත්, හුරතල් අක්කා කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරගෙනනේ?


ආ… ඒ මම සම්බන්ධ වුණු අලුත්ම මියුසික් වීඩියෝව. අපි හිතුවේවත් නැති විදියට මියුසික් වීඩියෝව ජනප්‍රිය වුණා.

සංගීත් වැඩිපුර මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්නේ නෑනේ. මේ වෙනස් වැඩේට සම්බන්ධ වෙන්න සංගීත්ට ආරාධනා ලැබුණේ කාගෙන්ද?


මම දැනට මියුසික් වීඩියෝ හතරක් වගේ කරලා තියෙන්නේ. අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි මම ‘හුරතල් අක්කා’ මියුසික් වීඩියෝවට සම්බන්ධ වුණේ. චාරුක අයියා තමයි මට මේකට ආරාධනා කළේ.

කාලෙකට පස්සේ පත්තු වෙන වැඩක් නේද ලැබුණේ?

ඇත්තටම මේ මියුසික් වීඩියෝව හිතපු නැති විදියට පත්තු වුණා. ඇත්තටම මේ වීඩියෝව ලස්සන වැඩක්. වෙනස් විදියේ වැඩක් නිසා ඒක හිට් වුණා. මට තවත් මියුසික් වීඩියෝවලට මීට කලින් කතා කළා. දින හදාගන්න බැරි වුණු නිසා ඒ වැඩවලට පොලු තියන්න වුණා.

මේ දවස්වල සංගීත්ට හුරතල් නම් දෙක තුනක්ම පටබැඳිලා තියෙනවා නේද?

ඔව්. දැන් ගොඩක් අය මට කතා කරන්නේ. ‘හුරතල් මල්ලි’ කියලා ‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍ය නිසා මට ‘හැපි’ කියලත් ගොඩක් අය කතා කරනවා.

රෙඩ් කියනවා සංගීත්ට මහේන්ද්‍ර වගේ දක්ෂයෙක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම සංගීත්ට මහේන්ද්‍ර ගොඩනඟාගත් තැනට යන්න පුළුවන්ද?

මම ගමක ඉඳන් ආපු කෙනෙක්. බදුල්ල තමයි මගේ ගම. හැබැයි මම හැදුණේ අනුරාධපුරයේ. මේ ගමන ආවේ අමාරුවෙන්. මම මැණිකක්. ඒක කපලා කොටලා එද්දී ඒ තැනට එන්න පුළුවන් වෙයි. තාම ඉතිං මම පොඩියිනේ.

සංගීත් කොළඹ ආවේ නළු හීනය කරේ තියාගෙන නේද?

මගේ අම්මා නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක්. එයාට නිළියක් වෙන්න බැරි වුණු නිසා අම්මට ඕන වුණා මාව කොහොම හරි නළුවෙක් කරන්න. මගේ අම්මා මට සංගීත් ප්‍රභූ කියලා නම තියන්නත් හේතුවක් තියෙනවා. මගේ අම්මා සංගීත ගුරුවරියක්. ඒ නිසා සංගීත් කියලා නම තිබ්බා. ප්‍රභූ කියන නම මට තියලා තියෙන්නේ අම්මා කැමැතිම නළුවගේ නම නිසා.

සංගීත් දැන් ඉන්න තැන ගැන වැඩියෙන්ම සතුටු වෙනවා ඇත්තෙත් අම්මා වෙන්න ඇති?

ඔව්. එයා තරම්, සතුටු වෙන කෙනෙක් වෙන නැහැ. එයාගේ බලාපොරොත්තුව මම ඉෂ්ට කළා. අදටත් මම වැඩක් ලැබුණම මගේ අම්මට මුලින්ම කියනවා.

රංගනය තුළ සංගීත්ට තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද?

මම දක්ෂ නළුවෙක් වෙන්න ආසයි. මේ කොල්ලා දක්ෂ නළුවෙක්නේ කියලා කියනවට මම කැමැතියි. සම්මානත් ලැබෙන කාලෙදි ලැබෙයි කියලා හිතනවා.

සංගීත් සැබෑ ජීවිතේ ආදරේක පැටලිලා නේද ඉන්නේ?

නැහැ. තාම නම් පෙම්වතියක් නැහැ. මට තව ජීවිතේ ගොඩක් දුර යන්න තියෙනවා.

හැබැයි ක්ෂේත්‍රයේ අය කියන්නේ සංගීත්, රුක්ෂානා එක්ක ආදරයක පැටලිලා කියලා?

රුක්ෂානා අක්කා මගේ හොඳ යාළුවෙක්. මම ඒ කාලේ ඉඳන් එයාව දන්නවා. අපේ සෙට් එකේ යාළුවෝ දහ දෙනෙක් විතර ඉන්නවා. අපි එකිනෙකාට හරි ආදරෙන් ඉන්නේ. රුක්ෂානා අක්කත් මට හරි ආදරෙයි. ඒ යාළුවෝ එක්ක ගන්න ෆොටෝ දාද්දි ගොඩක් අය හිතන්නේ රුක්ෂානා අක්කයි මමයි යාළුයි කියලා. මොකද අපි දෙන්නවනේ ගොඩක් අය හඳුනන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements