Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

2018 ඹබට කොහොමද?

මේෂ ලග්නය

ආත්මයට අධිපති රවි ග්‍රහයා බලවත් 9 ස්ථානගත වීම නිසා හොඳ ආත්ම ශක්තියකින් යුක්තව කටයුතු කරන වර්ෂයක් වේ. එසේම රවි-බුධ සම්බන්ධතාවයද යහපත් කල්පනා ශක්තියකින් යුක්තව කටයුතු කරන අතර යහපත් තීරණ ගැනීමේ හැකියාවක් ද ඇති කරයි.

ධනය  -
සාධාරණ මාර්ග වලින් ධනය උපයා කටයුතු වල යෙදේගධනය උපයන කටයුතු වලදී උත්සාහයෙන් කටයුතු කරන බව පෙනේ. එසේම දුර ප්‍රදේශවල කටයුතු වල නිරත වීමේදී ආදායම් උපයා ගනී. ධනය සම්බන්ධව කටයුතු වලදී කාගේත් සහයෝගය ලැබේ.




අධ්‍යාපනය  -
මෙම වර්ෂයේ අධ්‍යාපන කටයුතු සම්බන්ධසතුටුදායකතත්වයක් උදා කරයිගහොඳ කල්පනා ශක්තියක් පවතින නිසාත්ඉගෙනීමේ කටයුතු හොඳින් කරගනී. ඉගෙනීමේ කටයුතු සම්බන්ධයෙන් තරමක බාධක තත්වයක් ද උදාවිය හැක. මෙම අවස්ථාවේ.  උපන් දරුවන් මෙම ග්‍රහ පිහිටීම අනුව යහපත් අධ්‍යාපන තත්වයක් උදා කරගැනීමේ හැකියාවක් උදා කරයි.

රැකියා කටයුතු-
රැකියා කටයුතු වල ප්‍රගතියක් පෙන්නුම් කෙරේගඅළුත් රැකියා ලැබීම් සම්බන්ධයෙන් ද කරන රැකියා දියුණුව සම්බන්ධයෙන් ද මෙම වසරේ යහපත් තත්වයක් උදා කරයි. එසේම රැකියා ස්ථාන ප්‍රධානීන් සම්බන්ධයෙන් ද යහපත් සම්බන්ධතා ඇති කරයි. ඒ හේතුවෙන් රැකියා කටයුතු වල උසස්වීම් ආදිය සම්බන්ධයෙන් ද යහපත් තත්වයක් උදා කරයි. එසේම රැකියා බලාපොරොත්තු අය රැකියා සම්බන්ධයෙන් ඉල්ලූම් කිරීම් විභාග ආදියට පෙනී සිටීම් ආදිය සඳහාදී මෙම වසර යහපත් වේ.
ගෘහ ජීවිතය-
පවුලේ කටයුතු සුහදතාවයකින් කරගෙන යාමේ හැකියාව උදා කරයි. ගෙදර දොර කටයුතු සහයෝගයකින් කරගෙන යාමේ හැකියාව උදාකර පවුලේ අය අතර හොඳ හිත වර්ධනය වේ. සහයෝගයෙන් කරගෙන යා මේ හැකියාව ඇති කරයිගඅවිවාහ අයට යහපත් මංගල යෝග උදා කරයි.
සෞඛ්‍ය  -
මේෂ ලග්නයේ උෂ්ණගත පවතින නිසා උෂ්ණාධික ගති නිතර ඇතිවිය හැකගරාහු 4 වැන්නේ ගමන් කිරීම නිසා පපුව ප්‍රදේශයේ අසනීප පාද වල දණහිස ප්‍රදේශයේ අසනීප ගතිඇතිවිය හැක.  මුත්‍ර සම්බන්ධයෙන් ද හේතු ඇතිවිය හැකිය . ශුභ ඵල අඩුවන අතර ශුභ දශා කාල වලදී යහපත් තත්වයක් උදා කරයි.

අඟහරුවාදා , සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න ( රතු මල් සමඟ )ගඅඟහරුවාදා නිර්මාංශව සිටින්නගකිරිවෙහෙර වැඳ කතරගම දෙවියන්ට බාර වෙන්නගකැකුළු සහල් වලින් තැනූ කිරිබත් දෙන්න. රතු හෝ රතු පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසෙන්න.
ශුභ දිනය - අඟහරුවාදා ශුභ අංකය-09, 08, 06



වෘෂභ ලග්නය


වර්ෂය ආරම්භයේ වෘෂභ ලග්නයට අධිපති සිකුරු 8 ස්ථාන ගතවීමත් බ්‍රහස්පති 6 වැන්නේ ස්ථානගත වීමත් නිසාආදායම් ලබා දියුණුවීම් උදා කරයි. අළුත් ආදායම් මාර්ග ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද යහපත් වන අතර යහපත් මිතුරු ආශ්‍රය නිසා සහයෝගයෙන් කටයුතු කිරීමේ වාසනාව උදා කරයි.

ධනය  -
ආදායම් කටයුතු වැඩි දියුණු කර ගැනීමේ වාසනාව උදා කරයිගදුර ප්‍රදේශ වල කටයුතු වලින් ද ලැබීම් ඇති කරන අතර විදේශ ගමන් සම්බන්ධයෙන් ලැබීම් ඇති කරයි. බ්‍රහස්පති පිහිටීම් අනුව මුදල් ආයෝජන කටයුතු වලින් ද ලැබීමේ වාසනාව ඇති කරයි.

අධ්‍යාපනය  -
ඉගෙනීමේ කටයුතු වර්ෂය තුළහොඳින් කරගෙන යාමේ හැකියාව ඇති කරයි. කලාත්මක අංශයට සම්බන්ධව අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ විය හැක. හොඳින් සිතා බලා අවශ්‍ය කටයුතු කළමනාකරණය කරගෙන අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ හැකියාව ද ඇති කරයි. අළුතින් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන දරුවන්ට ද යහපත් අධ්‍යාපන කටයුතු වලට ද යොමු වීමේ අවස්ථාව උදා කරයි.

රැකියා කටයුතු-
රැකියා කටයුතු වල දියුණුවක් ඇති කරයි. රැකියා ස්ථානය නියෝජනය කරන සෙනසුරු 8 වැන්නේ ඒරාෂ්ටක දෝෂ සහිතව ගමන් කිරීම නිසා රැකියා දියුණුව තරමක් අඩුවිය හැක.  ප්‍රශ්න ඇති කරයි සෙනසුරු 8 වැන්නේ ගමන් කිරීම නිසා ඒරාෂ්ටක අගුණ බලපායි.
ගෘහ ජීවිතය-
පදිංචි ස්ථාන වල කරදර ප්‍රශ්නඇති තත්වයක් උදා කරයි. එසේම සිතට කරදර ප්‍රශ්න ඇති කරයි. පවුලේ කරදර ප්‍රශ්න ඇතිවිය හැක. ඥාතීන් සමඟප්‍රශ්න ඇතිවිය හැක.  සැපවත් බව අඩුවිය හැක. රැකියා ආදායම් මාර්ග සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඇතිවිය හැක.
සෞඛ්‍ය  -
හිසේ අසනීප පපු ප්‍රදේශයේ මෙන්මපාද වල දණහිස් ප්‍රදේශයේ අසනීප ඇතිවිය හැක. සෙනසුරු දෝෂ තත්වයක් නිසා ස්නායු රෝග වාත කෝප ගති ඇතිවිය හැක. අශුභ දසා තත්වයන් බලපාන කාලයන්හි අගුණ වැඩි වශයෙන් බලපාන අතර යහපත් දශා කාලයන්හි අගුණ යටපත් කරගෙන දියුණුව උදා කරයි. ඒරාශ්ටක දෝෂ පවතින කාලයන්හි ශනි යන්ත්‍රය පැළඳීම ද යහපත් වේ.

සිකුරාදාල සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගසිකුරාදා දින නිර්මාංශව සිටින්නගපත්තිනි මෑණියන්ට බාර වෙන්න. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. පංච වර්ණ මල් පූජා කරන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න  ශුභ දිනය - සිකුරාදා ශුභ  අංකය -06  05  08

මිථුන ලග්නය


වර්ෂය ආරම්භයේදී බුධ ට අයත්මිථුන ලග්නයෙන් උපන් ඔබේ ජන්ම පත්‍රය අනුව ඔබට කෙසේදැයි සලකා බලමු. ලග්නාධිපති බුධ ග්‍රහයා 6 ගතවීමත්සිකුරු ග්‍රහයා බලවත් වී මාලවී යෝග බලයෙන් 7 වැන්නේ ස්ථාන ගතවීමත් නිසා මෙම වර්ෂයේ වැඩිදියුණු තත්වයකට පත්වීමේ ඉඩ ඇතගබ්‍රහස්පති පිහිටීම අනුව යහපත් මානසික තත්වයක් උදා කරයි.

ධනය  -
ධනය ලැබීමේ වාසනාව ඇති කරයි. ආදායම් මාර්ග වැඩිදියුණුව ඇති කරයි. ආයෝජන මාර්ග වලින් ලැබීමේ අවස්ථා උදා කරයි. සිකුරු මාලවී යෝග බලයෙන් බලවත් වීම නිසා සමාජයේ ප්‍රසිද්ධිය ඇති කරන අතර කාගේත් සහයෝගය ලබා උසස් තනතුරු වලට පත්වීමේ වාසනාවද ඇති කරයි.

අධ්‍යාපනය  -
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් හොඳ ඥාණ ශක්තියක් පෙන්වයිගඉගෙනීම් කටයුතු වලට යහපත්ිගකුඩා දරුවන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහාත් විභාග ආදිය සඳහා පෙනී සිටීමත් මෙම කාලය යහපතකිගවිභාග ආදියට පෙනී සිටින අයට එම විභාග වලින් පහසුවෙන් ජය ගැනීමේ භාග්‍යය ද මෙම ග්‍රහචාර අනුව උදා කරයි.

රැකියා කටයුතු  -
මෙමජන්ම පත්‍රයේ රැකියා ස්ථානයේ සිකුරු ග්‍රහයා මාලවී යෝග බලයෙන් බලවත් වීම නිසා රැකියා කටයුතු වල වැඩිදියුණු තත්වයක් ඇති කරයි. රැකියා ස්ථානයේපිහිටීම නිසා හොඳ රැකියා වලට යොමු වීමේ වාසනාවත් රැකියා කටයුතු වලදී පවත්වන විභාග ආදියෙන් ජය ලැබීමේ වාසනාව ඇති කරයි. ගමන් බිමන් වැඩි රැකියා වලටයොමු වීමේ වාසනාව ඇත.
ගෘහ ජීවිතය  -
පවුලේ් කටයුතු යහපත් අන්දමින් පිහිටා ඇත.  යහපත් ඥාති සම්බන්ධතා ඇත. ගෙදරදොර කටයුතු යහපත් වේ. විවාහ කටයුතු ප්‍රමාදයක් ඇතිවිය හැක. 2018 10 කාලයේදී ද පවුලේ කටයුතු මෙන්ම වෙනත් කටයුතු සම්බන්ධයෙන් ද කරදර ප්‍රශ්න ඇතිවිය හැක.
සෞඛ්‍ය  -
රාහු කේතු මකරයට හෙවත් 8 වැන්නටත් ගමන් කිරීම හේතුවෙන් එම කාලයේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ ඇති කරයි. බඩේ අසනීප ගති නිතර ඇති කරයි.  උගුරේ ඛෙල්ලේ අසනීප ගති ඇතිවිය හැක.  අගුණ දශා කාලයන්හි අගුණ වැඩි වශයෙන් ඇතිවිය හැක.  එම කාලයන්හි නිතර ආගමික කටයුතු වල යෙදීම ශුභදායක වේ.

බදාදා දින වල බෝධි පූජා කරන්නගබණ පොතක් පූජා කරන්න. බදාදා දින නිර්මාංශව සිටින්න. දෙවුනුවර වැඳ විෂ්ණු දෙවියන්ට භාර වෙන්න. රස කැවිලි දන් දෙන්න. කොළ / කහ වර්ණ ඇඳුම් අඳින්න.
ශුභ දිනය  බදාද  ශුභ  අංකය-03, 05, 12,



කටක ලග්නය


කටක ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රය අනුව මෙම වසර ඔබට කෙසේදැයි සලකා බලමුගධනස්ථානයේ රු පිහිටීම නිසා ධනය ලැබීම සම්බන්ධයෙන් තරමක් දියුණුව අඩුවිය හැක.  සෙනසුරු කේතු පිහිටීම් සම්බන්ධයෙන් ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ද අගුණ ඇතිවිය හැක. දියුණුවට විරුද්ධ වන සතුරු කරදරාදී ඇතිවිය හැක.

ධනය  -
ධනය ලැබීම් සම්බන්ධයෙන් බාධක ඇති කරයි. ආදායම් තත්වයන් අඩු විය හැක. ධනස්ථානය වන 2 පිහිටීම නිසා අනවශ්‍ය වියදම් ඇතිවිිය හැක. ඒ නිසා ආදායම් තත්වයන් අඩු විය හැකග සොර සතුරු කරදර නිසා පාඩුවීම් ද ඇතිවිය හැක.

අධ්‍යාපනය  -
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යහපත් වේ. යහපත් ඥාණ ශක්තියක්ඇති කරන අතර විභාග ආදියෙන් ජය ගැනීමේ වාසනාව ඇතගආගමික කටයුතු වලට යොමු වීමට ද කැමැත්ත ඇති කරයි. රාහු කටකයේ ගමන් කරන කාලයේ මානසික වශයෙන් කරදර පෙන්වන අතර එම කාලය තුළ අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් ද සාර්ථකත්වය අඩුවිය හැක. එමනිසා එම කාලයේ ඉගෙනීමේ කටයුතු සම්බන්ධව වැඩි උනන්දුවකින් කටයුතු කිරිම අවශ්‍ය වේ.

රැකියා කටයුතු  -
රැකියා කටයුතු යහපත් අන්දමින් කරගෙන යාමේ හැකියාව ඇති කරයි. ගණිතය සම්බන්ධ කටුයුතු මාධ්‍ය කටයුතු වලට ආදියට බාධාවිය හැකිය. රැකියා කටයුතු හොඳින් කරගෙන යෑමේ හැකියාව ඇත. රැකියා කටයුතු ආදායම් තත්වයන් අඩුවිය හැක. සෙනසුරු පිහිටීම අනුව රැකියා කටයුතු වල දියුණුවට බාධා කරන සතුරු කරදර ඇතිවිය හැකිය.

ගෘහ ජීවිතය  -
ගෙදර දොර කටයුතු වලදී සමඟියට බාධා වන කරුණු යෙදිය හැක. එමනිසා ගෙදරදොර කටයුතු වලදී ප්‍රවේශමින් වචන භාවිතා කිරීම යහපත් වේ. රාහු ලග්නයටත් කේත 7ට ත් පැමිණේ කේතු පිහිටීම් අනුව පවුල් ජීවිතය සම්බන්ධයෙන් ද කරදර ප්‍රශ්න අසමඟිකම් ඇති කරයි. එසේ අවිවාහක අයගේ මංගල යෝග ප්‍රමාද කරයි. එම නිසා විවාහ ජීවිතයේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වේ. විවාහ ප්‍රමාදය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම ශ=භදායක වේ.
සෞඛ්‍ය  -
ශරීර සෞඛ්‍යසම්බන්ධයෙන් අගුණ ඇති කිරීමට හේතු වේ. බඩේ අසනීප ගති මුත්‍ර දෝෂ ඇතිවිය හැක.  උගුර සම්බන්ධව අසනීප ගති ද ඇතිවිය හැක.

සඳුදා සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගසඳුදා දින නිර්මාංශව සිටින්න.  ශ්‍රී පාදය වැඳ සමන් දෙවිඳුන්ට භාර වෙන්නගකිරි අම්මාවරුන්ට දන් දෙන්න. කහසුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න  ශුභ දිනය - සඳුඳා අඟහරුවාදා  බදාදා   ශුභ අංකය -02, 07, 09

සිංහ ලග්නය

2018 වර්ෂය ආරම්භයේ සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කටයුතුකෙසේ සිදුවේදැයි සලකා බලමු රාහු 12් සිටීම නිසා සිතට කරදර ප්‍රශ්න ඇතිවිය හැකිය. එමනිසා හොඳ මානසිකත්වයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබගේ කටයුතු කරගැනීම වැදගත් වේ.
ධනය  -
ධනය සම්බන්ධ කටයුතු වැඩිදියුණු කරගැනීමේ භාග්‍යය උදා කරයි. දුර ප්‍රදේශ වල කටයුතු වලින් මෙන්ම විදේශ කටයුතු මාර්ගයෙන් ද ධනය ලැබීමේ භාග්‍ය උදා කරයි. අඟහරු පිහිටීම අනුව කාර්මික ක්ෂේත්‍රයේ කටයුතු වලින් ද ලැබීමේ වාසනාව ඇති කරයි.

අධ්‍යාපනය  -
සිංහ ලග්නයේ උපන් ඔබගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි නව වර්ෂයේ බලපෑම කෙසේ දැයි සාකච්ඡා කර බලමු. උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතගඑසේම සෙනසුරු අධ්‍යාපන සම්බන්ධව 5 වැන්නේ පිහිටීම නිසා කුඩා කාලයේ අධ්‍යාපන කටයුතු වලදී කම්මැලි ගති ඇතිවිය හැක. එසේම රාහුගේ පිහිටිම අනුව ද මානසික සංවරභාවය අඩුබැවින් අධ්‍යාපන කටයුතු වලදී අමතකවීම් ඇතිවිය හැක.  එමනිසා අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ දී ඉතා උනන්දුවෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. එසේම නිතර ආගමික කටයුතු වලට සම්බන්ධ වී කටයුතු කිරීම ද යහපත් ප්‍රතිඵල සඳහා සුභදායක වේ.

රැකියා කටයුතු  -
රැකියාව මහන්සියෙන් කරන කටයුතු වලින් ප්‍රතිඵල ලැබිය හැකග එසේම රැකියා ස්ථානයේ තම අදහස් ක්‍රියාත්මක කිරීමට යාම නිසා රැකියා ස්ථානයේ අය සමඟ තරමක් මතභේද ඇතිවිය හැකිය.  දුර ප්‍රදේශ වල රැකියා කටයුතු වල නිරතවීමේ අවස්ථා ඇතිවිය හැක. රාහු 12 වැන්නේ කේතු 6 වැන්නේත් ගමන් කරයි. එම කාලයන්හි වියදම් වැඩි කරුණු බලපාන අතර දියුණුව සම්බන්ධයෙන් බාධක ද ඇතිවිය හැක.

ගෘහ ජීවිතය  -
මානසික වශයෙන් කරදර ප්‍රශ්න බලපාන අතර පවුලේ කරදර ප්‍රශ්න ද බලපායිගවිවාහ අපේක්ෂක අයට විවාහ ප්‍රමාදය ද ඇතිවිය හැක. එසේම විවාහ ප්‍රමාද වීම් සමඟියට බාධා වන කටයුතු ඇතිවිය හැක. විවාහ ජිවිතයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ සම්බන්ධයෙන් හොඳින් සොයා බලා තීරණ ගැනීම වැද. ත්යගඑසේම පවුලේ කරන කටයුතු වලදී ද හවුල්කරුවන් අතර ප්‍රශ්න ඇතිවිය හැක. එසේ හෙයින් විවාහ කටයුතු වලදී හොඳින් සොයා බලා තීරණ ගැනීම වැදගත්ය.
සෞඛ්‍ය  -
ශරීර සෞඛ්‍ය සම්බන්ධව අගුණ ඇති කරයි. හිසේ අසනීප ඇතිවිය හැක.  සෙම් කෝප ගති මුත්‍ර දෝෂ ද ඇතිවිය හැක. රාහු 12 වැන්නේත් කේතු 6 වැන්නේත් ගමන් කරන කාලය තුළ පාද වල තුවාලවීම් අසනීප ඇතිවිය හැක.  ග්‍රහ අගුණ පවතින කාලයන්හි ශාන්තී වශයෙන් නිතර ආගමික කටයුතු වල යෙදීම සුභදායක වේ.

ඉරිදාල සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගඉරිදා දින නිර්මාංශව සිටින්නගදළදා මාළිගාවට ගොස් භාර වෙන්නගවිශ්ණු දෙවියන්ට භාර වෙන්නගළමා නිවාසයකට දානයක් දෙන්නගරතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග
ශුභ දිනය බදාදා ශුභ අංකය-01, 04, 05

කන්‍යා ලග්නය


2018 වර්ෂය ආරම්භයේ කන්‍යා ලග්නයේ උපන් ඔබට කෙසේ බලපා දැයි සලකා බලමුග2 වැන්නෙ බ්‍රහස්පති 4 වැන්නේ සිකුරුත් ධනස්ථානය වන 9 වැන්නේ චන්ද්‍රයා සිටීමත් නිසා ආර්ථීක වශයෙන් දියුණු වීමේ වාසනාව ඇති කරයි.
ධනය  -
ධනය ලැබීමේ වාසනාවඋදා කරයි. ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම් සම්බන්ධයෙන් ද යහපත් වේ. අනුන්ගෙන් ලැබීමේ වාසනාව ඇතගඅළුත් ආදායම් මාර්ග ආරම්භ කිරීම් සම්බන්ධයෙන් ද මෙම වසර සුභදායක වේ. දියුණුව සම්න්ධයෙන් කාගේත් සහයෝගය ලබා දියුණු වීමේ වාසනාව උදා කරයි.

අධ්‍යාපනය  -
යහපත් මානසික තත්වයක් ඇති කරන අතර ඉගෙනීම් කටයුතු වලට යහපත් වේ. යම් දෙයක් කලමනාකරණය කිරීමේ හැකියාව ද ඇති කරයි.ඒ අනුව විභාග ආදියෙන් පහසුවෙන් ජය ගැනීමේ හැකියාව ඇති කරයි. වර්ෂය ආරම්භයේ හොඳ ග්‍රහ තත්වයක් පැවතීම නිසා වෙනත් භාෂාවන් ඉගෙනීමේ හැකියාව ද වෙනත් විෂයන් අධ්‍යනය කිරීමේ හැකියාව ද ඇති කරයි. සිකුරු බලවත් වීම හේතුවෙන් සංගීතය නාට්‍ය කලාව සෞන්දර්යය විෂයන් අධ්‍යනය කිරිමේ හැකියාව ද ඇති කරයි.

රැකියා කටයුතු-
රැකියා කටයුතු සම්බන්ධයෙන් වැඩිදියුණු තත්වයක් උදා කරගැනීමේ හැකියාව උදාකරයි. එසේම දුර ප්‍රදේශ කටයුතු සම්බන්ධයෙන් ද විදේශ කටයුතු සම්බන්ධයෙන් ද රැකියා වලට සම්බන්ධ විමේ හැකියාව ඇතගබ්‍රහස්පතියේ යහපත් පිහිටීම අනුව සමාජයේ සැළකිලි ලබන යහපත් කළමනාකරණ රැකියාවක් ලැබීමේ අවස්ථාව ද උදා කරයි. එමනිසා මෙම කාලයේ හොඳ රැකියා කටයුතු සඳහා ඉල්ලූම් කිරිමත් ඒ සම්බන්ධව විභාග ආදියට පෙනී සිටීමත් සුභදායක වේ.

ගෘහ ජීවිතය  -
පවුලේ කටයුතු යහපත් තත්වයකින් කරගෙන යා හැකිවේ. අවිවාහක අයට මංගල යෝග උදා කරන අතර සමඟියෙන් කටයුතු කිරිමේ හැකියාව උදා කරයි. පදිංචි ස්ථාන වල තරමක් කරදර ප්‍රශ්න සෙනසුරුගේ ගමන නිසා ඇතිවිය හැක. එමනිසා ඉවසිලිවන්තව කටයුතු කිරිම සුභදායක වේ.
සෞඛ්‍ය  -
ශරීර සෞඛ්‍ය සබම්න්ධයෙන් අගුණ ඇති කිරීමට හේතු වේ.  බඩේ අසනීප ගති පපුව ප්‍රදේශයේ අසනීප හා පාද වල තුවාල හෝ වෙනත් ආබාධ ඇතිවිය හැක. එමනිසා ඒ සම්බන්ධයෙන් සැළකිලමත්විම වැදගත්ය. අ  ශුභ දශා කාලයන්හි ශුභ ඵල අඩු වන අතර එම කාලයන්හි නිතර ආගමික කටයුතු වල නිරත වී ශාන්තී කටයුතු වල නිරත වීමත් සුභදායක වේ.

බදාදා දින වල බෝධි පූජා කරන්නගබණ පොතක් පූජා කරන්නගබදාදා දින නිර්මාංශව සිටින්නගදෙවුනුවර වැඳ විෂ්ණු දෙවියන්ට භාර වෙන්නගරස කැවිලි දන් දෙන්නගකොළ/ කහ වර්ණ ඇඳුම් අඳින්නග  ශුභ දිනය ජ් බදාදා  ශුභ අංකය-05, 07, 03

තුලා ලග්නය


සිකුරුට අයත් තුලා ලග්නයෙන් උපන් ඔබට 2018 වර්ෂයේ කෙසේ බලපෑම් ඇතිවේද යන්න සාකච්ඡා කර බලමුගවර්ෂය ආරම්භයේසිකුරු3 වැන්නෙ ගතවීම නිසා හොඳ මානසික තත්වයකින් කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.

ධනය  -
ධනය ලැබීම් සම්බන්ධයෙන් තරමක් බාධක ඇතිවිය හැක එසේම වියදම් වැඩි කරුණු ඇතිවිය හැක. බ්‍රහස්පති පිහිටීම් අනුව ආගමික කටයුතු සම්බන්ධයෙන් ද වෙනත් සුභ කටයුතු සම්බන්ධයෙන් ද වියදම් පෙන්වයිගඅනතුරු අසනීප ගති සම්බන්ධයෙන් වියදම් පෙන්නුම් කෙරේගඒ අනුව වියදම් කටයුතු වලදී සැළකිලිමත්ව කටයුතු කිරිම සුභදායක වේ.

අධ්‍යාපනය  -
මෙම වර්ෂය ආරම්භයේ ග්‍රහ තත්වය අනුව අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද යහපත් තත්වයක් පෙන්නුම් කෙරේගයහපත් මානසික තත්වයක් ඇති කර එමනිසා ඉගෙනීම් කටයුතු වලදී නිවැරදි මාර්ගය අවබෝධ කරගෙන අධ්‍යන කටයුතු වල යෙදීමේ හැකියාව උදා කරයි. කුඩා දරුවන් අධ්‍යන කටයුතු වලට යොමු කිරීම යහපත් වන අතර උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට ද හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇති කරයි. ගණිතය සම්බන්ධ විෂයයන් මෙන්ම ක්ෂේත්‍රය සම්බන්ධ විෂයයන්ට ද යොමු වීමේදී යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇති කරයි.

රැකියා කටයුතු  -
හොඳ රැකියාවකට යොමු වීමේ අවස්ථාව උදා කරයි. රාහු 10 වැන්නේ ස්ථානගතවීම නිසා ආදායම් කටයුතු සම්බන්ධයෙන් බාධක ඇතිවිය හැකි.  අතර ආශ්‍රය කරන අයගේ ප්‍රශ්න නිසා ද දියුණුව ඇතිවිය හැක.  රැකියා කටයුතු සම්බන්ධයෙන් කරදර ප්‍රශ්න මතුවිය හැකි තත්වයක් උදා කරයි. එමනිසා රැකියා කටයුතු කරගෙන යාමේදී කල්පනාවෙන් කටයුතු කිරීම තීරණ ගැනීමත් ශුභදායක වේ.

ගෘහ ජීවිතය  -
ගෘහ ජීවිතය යහපත් අන්දමින් පවත්වා ගැනීමේ හැකියාව ඇති කරයි. පදිංචි ස්ථාන වල කරදර ප්‍රශ්න ඇතිවිය හැක. එසේම රැකියා කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවිය හැකියගසිතට කරදර ප්‍රශ්න ඇතිවිය හැක.
සෞඛ්‍ය  -
මෙම ක්ෂේත්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව සෙම බලපෑම් නිසා හිසේ අසනීප ඇතිවිය හැකගඑසේම බඩේ අසනීප ගති ඇති කරන බඩේ උෂ්ණ ගති නිසා බඩේ අසනීප ඇතිවිය හැක.  අර්ශස් වැඩි අසනීප ඇති කරයි.

සිකුරාදා , සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගසිකුරාදා දින නිර්මාංශව සිටින්නගපත්තිනි මෑණියන්ට බාර වෙන්නගසතෙක් නිදහස් කිරීමට ආධාර කරන්නගපංච වර්ණ මල් පූජා කරන්නගසුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග
ශුභ දිනය - සිකුරාදා ශුභ අංකය-01, 04, 02.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයට වර්ෂ කිහිපයක සිට බලපාන සෙනසුරු ඒරාෂ්ටක තත්වයන් 2018ග ඒරාෂ්ඨක දෝෂ පවතින කාලයේ කරදර ප්‍රශ්න ඇතිවූවත් නව වර්ෂය උදා වීමේදී ඒරාෂ්ඨක දෝෂ අවසන් වීම හේතුවෙන් කරදර ප්‍රශ්න අඩු කරගත හැකි වේ.

ධනය  -
ධනය ලබා දියුණු වීමේ භාග්‍ය උදා කරයි. ආදායම් මාර්ග වැඩි දියුණු කරගැනීමේ හැකියාව ඇතගඒ අනුව අළුත් ආදායම් මාර්ග ආරම්භ කිරීම් සම්බන්ධයෙන් මෙම වසර සුභදායක වේ. යම් යම් වැඩ කටයුතු වල මුදල් ආයෝජනය කිරීම් සම්බන්ධයෙන් ද දියුණු වීමේ අවස්ථාව උදා කරගත හැක.

අධ්‍යාපනය  -
අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කරගැනීමේ හැකියාව ඇතගසෞන්දර්යය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන බව පෙනේගකලාත්මක කටයුතු සංගීතය වැනි විෂයන්ට ද කැමැත්තක් දක්වයි. එසේම කුඩා වයසේදී අනවශ්‍ය විනෝද කටයුතු වලට සම්බන්ධ වීම් කාටුන් බැලීම් ආදිය සීමාවකින් තොරව කිරීමට ඉඩ නොදිය යුතුයිගඅධ්‍යාපන කටයුතු වැඩි වශයෙන් උනන්දු කරවීම යහපත් වේ.  දරුවන්ට නියමිත කාලයේදී අධ්‍යාපන කටයුතු වලට යොමු කරවීම අවධානයෙන් යුතුව බලා සිටීමත් යහපත් ඇසුරට පත් කිරීමත් ආදියෙන් ඉගෙනීම් කටයුතු වලට උනන්දු කිරීමත් නිසා අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යාමේ හැකියාව ඇති කිරීම වැදගත් වේ.

රැකියා කටයුතු  -
නිතර ගමන් බිමන් වැඩි රැකියා වලට සම්බන්ධ වීමට සිදුවේ. රාහු මාරුවත් සමග රැකියා කරදර අඩුවේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් දුර ගමන් ද ඇතිවිය හැකිය. මෙම කාලයේ රැකියා සම්බන්ධයෙන් ඉල්ලූම්පත්‍ර දැමීම් විභාග ආදියට පෙනී සිටීම් මෙම කාලයේ කිරීම යහපත් වේ. රැකියා කටයුතු සම්බන්ධ දියුණුව වඩාත් යහපත් වේ.

ගෘහ ජීවිතය  -
පදිංචි ස්ථාන වල සැපවත් බව අඩුවිය හැක. ඥාතීසම්බන්ධතා ද වර්ෂයේ මුල් බාගයේ අඩුවිය හැක. ඥාතීන්ගේ ප්‍රශ්න ඇතිවිය හැක. පවුලේ සමඟියට බාධා වන කරුණු ද යෙදිය හැක. මෙම ග්‍රහ තත්වයට අනුව විවාහ කටයුතු වල ප්‍රමාදයන් සිදුවිය හැක. එබැවින් හොඳින් සොයා බලා තීරණ ගැනීම සුභදායක වේ.
සෞඛ්‍ය  -
වෘශ්චික ලග්නයේ උපන් නිසා සෙම් කෝප ගති නිසා අසනීපලපපුවේ අසනීප නිතර ඇතිවිය හැක. එසේම පාද වල දණහිස් ප්‍රදේශයේ අසනීපද ඇතිවිය හැක. බඩේ අසනීප ගති ඇති කිරීමට හේතු වේ. පාද වල වාත වේදනා ගති ඇතිවිය හැකගඑසේම ලේ වල දෝෂ තත්වයන් නිසා අසනීප ගති ද ඇතිවිය හැක.

අඟහරුවාදාල සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න ( රතු මල් සමඟ )ගඅඟහරුවාදා නිර්මාංශව සිටින්නගකිරිවෙහෙර වැඳ කතරගම දෙවියන්ට බාර වෙන්නගකැකුළු සහල් වලින් තැනූ කිරිබත් දෙන්නගරතු හෝ රතු පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසෙන්නග  ශුභ දිනය - අඟහරුවාදා ශුභ අංකය-03, 09, 04, 01

ධනු ලග්නය


ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ වර්ෂය උදා වන අවස්ථාවේ ග්‍රහ පිහිටීම් ගැන සලකා බැලීමේදී දියුණු වීමේ වාසනාව ඇති කරයි.

ධනය  -
ධනය සම්බන්ධ ස්ථානාධිපති සෙනසුරු ලග්නයේ ස්ථානගතවීම නිසාත් ආදායම් මාර්ග වැඩි දියුණුව ඇති වී ආර්ථීක වශයෙන් යහපත් තත්වයක් උදා කරගැනීමේ හැකියාව ඇති කරයි. ආදායම් කටයුතු වැඩිදියුණුව ඇති කරයි. කාගේත් සහයෝගය ලැඛෙයිගසිකුරුගේ බලය අනුව ගෙදර සිට කරන කටයුතු වලින් ද ධනය ඉපයීමේ හැකියාව ඇතග එසේම ඉඩම් කඩම් වාහන සම්බන්ධ ආදායම් මාර්ග වලින් ද දියුණු වීමේ අවස්ථාව උදා කරයි. දුර ගමන් පිට දේශ වල කටයුතු වලින් ද දියුණු වීමේ අවසAථාව උදා කරයි.

අධ්‍යාපනය  -
හොඳ කල්පනා ශක්තියක් ඇති කරයිගඑසේම යමක් හොඳින් අවබෝධ කරගැනීමේ ශක්තිය ද පවතී ඒ අනුව ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන යාමේ හැකියාව පවතීගආගමික භක්තිය ඇති කරන අතර උසස් අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා දීමේ ශක්තිය ද ඇති කරයි. එසේම අනුන් වෙනුවෙන් සේවය කිරීමේ කැමැත්ත නිසා අධ්‍යාපනය ලබා ගුරු වෘත්තියලවෛද්‍ය වෘත්තිය වැනි සමාජයට සේවයක් වන කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාව ද පවතීගවිදේශ ගමන් සම්බන්ධයෙන් ද අවස්ථා උදාවිය හැක. අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කරගෙන සමාජයේ සැළකිලි ලබන හොඳ රැකියාවකට සම්බන්ධ වීමේ අවස්ථාව ද උදාවිය හැක

රැකියා කටයුතු  -
හොඳ රැකියාවක් ලැබීමේ භාග්‍ය උදා කරයි. බ්‍රහස්පතියේ තැන්පත් වීම නිසා අනුන්ට උපදෙස් දීමේ රැකියාවකට සම්බන්ධ වීමට හේතු ඇති කරයි. යම් පිරිසකට ප්‍රධාන වීමේ වාසනාව ද ඇති කරයි. එසේම රැකියා ස්ථානයේ රැකියා ප්‍රධානීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ද ඇති කරයි. එසේම රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ යහපත් සම්බන්ධතාවයක් තබාගනීග

ගෘහ ජීවිතය  -
පදිංචි ස්ථාන වල තත්වය වැඩිදියුණු වන අතර මව් පිය ඥාති සම්බන්ධතාවයන් ද යහපත් තත්වයකට පත් කරයි. නිවාස කටයුතු අළුත්වැඩියා කටයුතු කිරීම් වාහන වලට සම්බන්ධවීම් ද ඇතිවිය හැක. හොඳ වාහන භාවිතා කිරීමේ වාසනාව ද ඇතග

සෞඛ්‍ය  -
සෞඛ්‍ය තත්වය ගැන බැලීමේදී බඩේ උෂ්ණ ගති බලපෑම් නිසා වේදනා ගති ඇතිවිය හැක. හිසේ අසනීප ගති ද ලේ වල දෝෂ තත්වයන් නිසා අසනීප ද ඇතිවිය හැක. පිට කොන්දේ අසනීප ගති ඇති ඇතිවිය හැක. එසේම ශාස්ත්‍රී කටයුතු වල යෙදීම ද සුභදායක වේ.

බ්‍රහස්පතින්දාලසෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගමහාබ්‍ර්‍රහ්මයාට භාර වෙන්නගබ්‍රහස්පතින්දා දින නිර්මාංශව සිටින්නගශ්‍රී මහා බෝධියට භාර වෙන්නගසංඝයා වහන්සේලාට දානයක් දෙන්නගකහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග
ශුභ දිනය - බ්‍රහස්පතින්දා  ශුභ අංකය-06, 05, 03,

මකර ලග්නය


මෙම වර්ෂය ආරම්භයේදී මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රය ග්‍රහ පිහිටීම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ සිටීම නිසා ඒරාෂ්ටක දෝස බලපෑම් නිසා දියුණුව සම්බන්ධයෙන් තරමක් බාධක ඇතිවිය හැක. එමනිසා දියුණුව උදා කරගැනීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවකින් කටයුතු කිරීම වැදගත්යග

ධනය  -
ධනය සම්බන්ධ ස්ථානය වන 2 වැන්න අධිපති සෙනසුරු 12 වැන්නේ සිටීම් ධනය ලැබීම් සම්බන්ධයෙන් වඩාත් සතුටුදායක නොවන බව පෙනේගඑසේම සෙනසුරු 12 වැන්නේ නිසා බලාපොරොත්තු නැති පදිංචි වියදම් ඇතිවීමත් නීතිමය ප්‍රශ්න අසනීප කරදර බලපෑමත් නිසා ආදායම් තත්වය සතුටුදායක නොවන බව පෙනේගවියදම් වැඩි කරන නිසා මානසික වශයෙන් ද වඩා සුභදායක නොවන බව පෙනේ.

අධ්‍යාපනය  -
යහපත් කල්පනා ශක්තියක් ඇති කරන අතර ඉගෙනීමේ කටයුතු සම්බන්ධයෙන් ද හොඳ අවබෝධයක් ඇති කරයි මහන්සි වී කරන කටයුතු මෙන්ම තාක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ද කැමැත්තක් ඇති කරයි. බ්‍රහස්පතිගේ පිහිටීම උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද යහපත් ප්‍රතිඵල ඇති කරයි. සෙනසුරු දෝෂ තත්වය පවතින නිසා ඉගෙනීමේ කටයුතු සම්බන්ධයෙන් උනන්දුව අඩුවීම් ද බලපායිගඅධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දුර ප්‍රදේශ වල ගමන් ඇතිවිය හැක.  අළුත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිම් සම්බන්ධයෙන් ද ඒ සම්බන්ධ විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට සහභාගි වීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ඇති කරයි.

රැකියා කටයුතු  -
රැකියා කටයුතු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ඇති කරයි. රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉල්ලූම්පත්‍ර දැමීම විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටීම් ආදිය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි වේ.සෙනසුුරු ඒරාෂ්ටක දෝෂ වර්ෂය තුළපවතින නිසා රැකියා කටයුතු වල දියුණුව සම්බන්ධයෙන් ද තරමක් ප්‍රශ්න බාධක ඇතිවිය හැක. එබැවින් එම කටයුතු වලදී උනන්දුවෙන් හා ඉවසිලිවන්තව කටයුතු කිරිම සුභදායක වේ.

ගෘහ ජීවිතය  -
ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් දියුණුව තරමක් අඩුවිය හැක. පවුගේ කරදර ප්‍රශ්න සමඟියට බාධා වීම ද ඇතිවිය හැක. එසේම මෙම කාලයේ අවිවාහක අයට මංගල යෝජනා ප්‍රමාද වීම් ඇතිවිය හැක.  ඒ අනුව විවාහ අපේක්ෂක අය විවාහ කටයුතු සම්බන්ථයෙන් වැඩි උනන්දුවෙන් කටයුතු කිරීම වැදගත් වේ.

සෞඛ්‍ය  -
මෙම වසරේ ග්‍රහ පිහිටීම ගැන ෂලකා බැලීමේදී ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ බලපායිග බඩේ උෂ්ණ ගති අසනීප උගුරේ ඛෙල්ලේ අසනීප හිසේ අසනීපගති මුත්‍ර දෝෂ ආදිය ඇතිවිය හැක.

බදාදා සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගසෙනසුරාදා දින නිර්මාංශව සිටින්නගකැළණි වෙහෙරට භාර වෙන්නගමහළුනිවාසයකට දානයක් දෙන්නගනිල්පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග ශුභ දිනය - බ්‍රහස්පතින්දා, සෙනසුරාදා  ශුභ අංකය-06,09,08

කුම්භ ලග්නය

වර්ෂය උදාවන අවස්ථාවේ කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජීවිතයට කෙසේ බලපායි ද කියා සාකච්ඡා කරමුග වර්ෂය ආරම්භයේ කේතු 12 වැන්නෙ රාහු 6 වැන්නේත් අඟහරු 9 වැන්නේත් ස්ථානගතවීම නිසා යහපත් ප්‍රතිඵල තරමක් අඩුවිය හැකිය.

ධනය  -
ධනය ලැබීම් සම්බන්ධයෙන් බාධක ඇතිවිය හැක. ආදායම් කටයුතු සම්බන්ධයෙන් අනිත් අයගේ සහයෝගය ද අඩුවිය හැක. එසේම තනිවම කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැඛෙන අතර පවුලේ කටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල අඩුවිය හැකිය. එමනිසා ආදායම් කටයුතු ආරම්භ කිරීමේදී හොඳින් සොයා බලා සැළකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වේ . ආහාර පාන සම්බන්ධ කටයුතු ඇඳුම් පැළඳුම් විලාසිතා ආදිය සම්බන්ධ කටයුතු කිරීමෙන් ආදායම් කටයුතු යහපත් අන්දමින් පවත්වාගත හැක.

අධ්‍යාපනය  -
අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාමේ හැකියාව ඇත රාහු කේතු පිහිටීම් නිසා අමතකවීම් ද ඇතිවිය හැක. එමනිසා නිතර ආගමික කටයුතු වලට යොමුවිමෙන් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දුර ප්‍රදේශ වලට ද සම්බන්ධ වීමට සිදුවේගකුඩා වයසේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට උනන්දු වන අයුරින්ම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් උත්සාහයෙන් කටයුතු කිරීම වැදගත් වේ. අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේදී මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු ආරම්භයේදී ද විභාග ආදිය පවතින අවස්ථා වලදී ආගමික කටයුතු වලට සම්බන්ධ වීම සුභදායක වේග

රැකියා කටයුතු  -
රැකියා කටයුතු සම්බන්ධයෙන් බැලීමේදී රැකියාස්ථානය අයත් අඟහරු ග්‍රහයා 9 වැන්නේඒ හේතුවෙන් රැකියා කටයුතු ආරක්ෂක අංශ වලට මෙන්ම කාර්මික අංශයට ද යොමුවිය හැක.  රැකියාධිපති ග්‍රහයා අඟහරු නිසා අනෙක් අය යටතේ කරන රැකියා වලට කැමැත්ත අඩුවිය හැක. සංචාරක කටයුතු වලට ද සම්බන්ධ විය හැකගඋපන් ප්‍රදේශයට වඩා පිට ප්‍රදේශ වලට දුර ප්‍රදේශ වල කරන රැකියා කටයුතු වලින් වඩාත් යහපත් ප්‍රතිඵල ඇති කරයි. එසේම මිතුරන්ගෙන් ලැඛෙන සහය ද අඩුවිය හැක. එමනිසා තමන් ස්වාධීනව කරන රැකියා කටයුතු වලින් වඩාත් යහපත් ප්‍රතිඵල ගබාගත හැකි වේ.

ගෘහ ජීවිතය  -
පදිංචි ස්ථාන වල කරදර ප්‍රශ්න ඇති කරයි. ඥාතීන්ගෙන් ප්‍රශ්න ඇති කරයි. ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්න ඇතිවිය හැක. එසේම රාහු ගේ පිහිටීම විවාහ ප්‍රමාදයන් ඇතිවිය හැක. ඒ අනුව විවාහ යෝජනා හොඳින් සොයා බලා කටයුතු කිරීමත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමත් සුභදායක වේ.

සෞඛ්‍ය  -
හිසේ අසනීප මුත්‍ර දෝෂ පාද වල අඅසනීප ඇතිවිය හැක. එසේම ලේ ගමන සම්බන්ධ දෝෂ ඇතිවිය හැක. පපුව ප්‍රදේශයේ අසනීප ඇතිවිය හැක.

බදාදා සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගසෙනසුරාදා දින නිර්මාංශව සිටින්නගකැළණි වෙහෙරට භාර වෙන්නගමහළුනිවාසයකට දානයක් දෙන්නගනිල්පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග ශුභ දිනය-බ්‍රහස්පතින්දා, සෙනසුරාදා ශුභ අංකය-03,09, 02,


මීන ලග්නය


උදාවු වර්ෂයේ මීන ලග්නයේ උපන් ඔබට බලපාන ආකාරය සලකා බලමුගසිකුරු මාලවි යෝගයේ බලයෙන් 10 බලවත් වීම නිසා කරන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇතගකාගේත් සහයෝගය ඇති කරයි.

ධනය  -
ධනය ලැබීමේභාග්‍ය ඇතගරැකියා කටයුතු වලින් මෙන්ම වෙනත් ආකාරයේ ව්‍යාපාර කටයුතු වලින් මෙන්ම වෙනත් කටයුතු වලින් ද ධනය ලැබීමේ භාග්‍ය ඇතගඋත්සාහයෙන් ව්‍යාපාර කටයුතු වල යෙදීමෙන් ආර්ථීක තත්වය යහපත් කරගත හැක. පවුලේ කරන කටයුතු වලින් ද මුදල් තත්වය දියුණු කර ගැනීමේ හැකියාව ඇතග

අධ්‍යාපනය  -
කලාත්මක අංශයෙන් සෞන්දර්යය අංශයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැක. සංගීතය නර්ථන කටයුතු වලට ද දක්ෂතාව ඇති කරයි. කාගේත් සහයෝගය ලැබේගවර්ෂයේ මුල්බාගයේ අධ්‍යාපන කටයුතු යහපත් අන්දමින් කරගෙන යා හැකි වේ. 2018 10 10 ඉගෙනීම් කටයුතු වල ප්‍රගතිය තරමක් අඩුවිය හැක. එම කාලයේ පාඩම් කිරීම් ආදිය උනන්දුව අඩු වීම නිසා අමතකවීම් ඇතිවිය හැක. එසේම විභාග ආදියෙන් ජයග්‍රහණය ද තරමක් අඩුවිය හැක. විනෝද කටයුතු වලට දින යෙදවීම නිසා පාඩම් කටයුතු කිරීමෙන් මෙම බාධක තත්වයන් අඩු කරගත හැකිවේ. එමනිසා වැඩි අවධානයකින් යුතු කටයුතු කිරීම වැදගත් වේ.

රැකියා කටයුතු  -
රැකියා කටයුතු වල දියුණුව තරමක් අඩුවිය හැක. උත්සාහ කරන තරමට සාර්ථක ප්‍රතිඵලඅඩුවිය හැකගප්‍රතිඵල ප්‍රමාදවීම් ඇතිවිය හැක. රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ මෙන්ම අනෙකුත් අය සමඟ යම් යම් ප්‍රශ්න ඇතිවිය හැක. ඒ හේතුවෙන් රැකියා කටයුතු සම්බන්ධ සිතෙහි කලකිරීම් ඇතිවිය හැක. නිතර උනන්දුවෙන් කටයුතු කිරීමෙන් කා සමඟවත් හොඳහිත තබාගැනීමට කටයුතු කිරීමත් නිසා ප්‍රශ්න බොහෝ දුරට අඩු කරගත හැක. රැකියා සම්බන්ධ විභාග ආදියට සම්බන්ධ වීමට ද හේතු ඇති කරන අතර වැඩි උත්සාහයකින් කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වේ.

ගෘහ ජීවිතය  -
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් කරදර ප්‍රශ්න අඩුවිය හැක. පවුල් ජීවිතයේ කරදර ප්‍රශන අඩුවේ. විවාහ කටයුතු යහපත් අන්දමින් සිදුවේ. 2018 10 10 දරුවන් පිළිසිඳ ගැනීමේ ප්‍රමාදයන් ඇතිවිය හැක. එම කාලයන්හි දරුවන් සම්බන්ධයෙන්විශේෂයෙන් සොයා බලා කටයුතු කිරීම වැදගත් වේ.
සෞඛ්‍ය  -
සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ ඇතිවිය හැක. බඩේ උෂ්ණ ගති නිසා අසනීප ඇතිවිය හැක. එසේම කේතුගේ පිහිටීම අනුව පාද වල තුවාලවීම් ඇතිවිය හැක. පාද වල වාත රෝග ද ඇතිවිය හැක.

බ්‍රහස්පතින්දා ල සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගමහාබ්‍ර්‍රහ්මයාට භාර වෙන්නගබ්‍රහස්පතින්දා දින නිර්මාංශව සිටින්නග ශ්‍රී මහා බෝධියට භාර වෙන්නගසංඝයා වහන්සේලාට දානයක් දෙන්න. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.
ශුභ දිනය - බ්‍රහස්පතින්දා ශුභ  අංකය-01,03,09




Rukshan Jayasekara
Ancestral Astrologer
International Architectual Astrology & Consulter
Jayani, Hakmana Road, Matara.
Telephone : +94 41 570 9000 | +94 71 570 9000



gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook