Advertisement

සංගක්කාරගෙන්  ආදරණීය බිරිද
යෙහාළිට දුන්න
ලක්ෂ 38 ක ඩෙසට් එක


පසුගියදා නුවරඑළියේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය බිරිය යෙහාළි වෙත රුපියල් ලක්ෂ 38 ක් වටිනා අතුරුපසක් පිළිගැන්වූ බවට පුවතක් වාර්තාවේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන නුවර එළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එහි සූපවේදී විරාජ් ජයරත්න මැරී මී (Marry Me) නමැති මෙම වටිනා අතුරු පස සකස් කළ බව කියැවේ.

පසුගයදා (3) පෙරවරුවේ උත්සවාකාරයෙන් කුමාර් සංගක්කාර මහතාට එම අතුරුපස පිළිගැන්වූ පසු ඔහු සිය බිරියට අතුරුපසේ රස පෙන්වන්නට උත්සාහ කළ මොහොත ඡායාරූපයේ දැක්වේ.

ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිකර ගැනීම අරමුණින් මෙම නිර්මාණය පිළියෙළ කළ බව කියැවුණි.මේ අතුරුපස සකස් කිරීමට විදේශීය රටවලින් ද අමුද්‍රව්‍ය ආනයන කළ බවත් අතුරුපස භාජනයෙහි කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණික් ගලක්ද තැන්පත්කොට තිබුණ බවත් වාර්තා විය.

වසර 25 ක් පමණ ආහාර පිළියෙල කිරීමේ අත්දකීම් ඇති සූපවේදී විරාජ් ජයරත්න, සූපවේදී කලාව තුළින් දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී පදක්කම් 30 ක් පමණ හිමිකරගෙන ඇති අයෙකි. ලක්ෂ 38 ක් වටිනා අතුරුපස එළිදැක්වූ අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව තිබුණි. 
මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements