Advertisement

අසරණ වූ මව රැකබලා ගන්න බැහැයි කියා
දියණියයි පුතයි ලේලියි කුළල්කා
වැලිමඩ 83 හැවිරිදි මවක්‌
පොලිසියට ගෙනත් දමයි

වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ අසූතුන් හැවිරිදි මවක්‌ 20 දා පස්‌වරුවේ වැලිමඩ පොලිස්‌ ස්‌ථානයට ගෙනවිත් දමා ඇය රැගෙන ගොස්‌ රැකබලා ගැනීමට නොහැකි බව ඇගේ දියණිය, පුත්‍රයා සහ ලේලිය පොලිස්‌ ස්‌ථානයේදී කලහ කර ගනිමින් පැවසූහ.

මෙම තිදරු වයෝවෘද්ධ මව අසනීපව පසුවන අතර ඇය මීට මාස කිහිපයකට පෙර සිය දියණිය ළඟ සිට ඇති අතර පසුව ඇය මවට සැලකීමට නොහැකි බව පවසා සැමියා හැර ගොස්‌ (මෙම වයෝවෘද්ධ කාන්තාවගේ පුතා) දරුවන් සිව්දෙනෙක්‌ සමඟ ගම්පළ ප්‍රදේශයේ සිටින ඇයගේ ලේලියගේ නිවසට වාහනයකින් ගෙන ගොස්‌ දමා තිබේ. පසුව ලේලිය ඇය හට සැලකීමට නොහැකි බව පවසා මෙම වයෝවෘද්ධ කත වැලිමඩ පොලිස්‌ ස්‌ථානයට ගෙනවිත් තිබේ.

පොලිසිය වයෝවෘද්ධ කතගේ දියණිය සහ පුත්‍රයා සහ ලේලිය කැඳවා ඇය භාරගන්නා ලෙස පැවසුවත් කිසිදු දරුවකු ඇය භාර ගැනීම පොලිස්‌ ස්‌ථානයේදී ප්‍රතික්‍ෂේප කළේය.

වැලිමඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. එම්. ඩබ්. හේරත් මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‍ෂිකා නිමේෂා තෙන්නකෝන් මහත්මිය අදාළ වයෝවෘද්ධ කාන්තාවගේ දරුවන් හට කොපමණ උපදෙස්‌ ලබා දී කරුණු පැහැදිලි කළ ද දරුවන් ඇයව භාර ගැනීම දැඩි ලෙස ප්‍රතික්‌ෂේප කළේය.

බොරලන්ද සමන්ත කුමාර


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements