Advertisement

කතරගම ඇවිලේ
පොලිස් වෙඩි පහරින් යතුරුපැදි කරුවෙකු මරුට
පොලිස් නිලදාරියකු සැකපිට අත්තඩංගුවට


පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට කතරගම පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තැබූ වෙඩි පහරින් යතුරු පැදි කරු ජිවිතක්ෂයට පත්ව තිබේ .

කතරගම බස්නැවතුම්පොල ආසන්නයේ පසුගිය 20 දින රාත්‍රී 11 ට පමණ පොලිස් සහයක නිලධාරියෙකු සමග රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයා මෙසේ වෙඩි තබා ඇත..

පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ අදාළ යතුරු පැදි කරු පසුව කතරගම රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලේ වෛද්‍ය වරයෙකු පවසා සිටියේ අදාළ පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් සිටි බවයි .

මෙසේ මියගොස් ඇත්තේ කතරගම නාගහ විදියේ පදිංචි වයස අවුරුදු 25 ක් පමණ වන පතිරණගේ නිරෝෂන් නමැති විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු කතරගම ප්‍රාදේශීය සභාවේ ටැක්ටර් රථයක රියදුරෙකු ලෙස සේවය කර ඇත.

පොලිස් වෙඩි තැබීමෙන් පසු ප්‍රදේශ වාසින් පිරිසක් පොලිසියට ගල්මුල් ප්‍රහාරයක් දියත් කර ඇති අතර පසුව එය මැඩපැවැත්වීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ .

කෙසේ නමුත් මෙම වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් කොස්තාපල් වරයා අත්අඩංගුවට ගෙන මේ වන විට තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

''අදාළ වෙඩි තැබීම සිදුකළ පොලිස් කොස්තාපල් වරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් රාජකාරියේ නියැලී සිටිය දී අණ නොතකා ධාවනය කළ අදාල යතුරුපැදි කරු නැවැත්වීමෙන් අනතුරුව තම අත තිබු ගිනි අවිය උදුරා ගැනීමට තැත්කළ බවත් පසුව පලා යන විට වෙඩි තැබූ බවත් ය ''.

මේ වනවිට කතරගම පොලිසිය හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා කැරලි මර්දන ඒකකයේ නිලධාරින් යොදවා තිබෙන බවත් පොලිසියට ප්‍රහාරය එල්ල කළ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකු හා කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතිබව ද තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා පවසා සිටියේ ය.

මේ අතර පොලිස් වෙඩි තැබීම හෙළා දකිමින් කතරගම ප්‍රදේශයේ ජනතාව එක්ව කතරගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක් දියත් කළ අතර මෙහිදී දැඩි නොසන්සුන් තාවයක් ඇතිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ

කතරගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට CID කණ්ඩායමක් යොමුකර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය සමනය කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන ලෙසත් පොලීසියට උපදෙස් දී ඇති බව නීතිය හා සාමය අමාත්‍යංෂය පවසයි


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements