Featured News

Video Gossip

Advertisement

කතානායකගේ වැඩෙන් එජාපය කැළඹෙයි
කොමිසම් වාර්තාවෙ කරුණු පරස්පරයි

අනිකා කියූ වචනයක්වත් නෑ - මේක කුමන්ත්‍රණයක්
වාරණය වූ රවීගේ විශේෂ ප්‍රකාශය මෙන්න

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් තමන්ගේ වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ ප්‍රකාශය පූර්ව දැනුම්දීමකින් තොරව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි. වාර්තාවට අදාළ ප්‍රකාශයක් මන්ත්‍රි වරප්‍රසාද යටතේ ඉදිරිපත් කිරීමට...කළ ඉල්ලීමට කතානායක කරු ජයසූරිය එකඟ නොවීම නිසා මන්ත්‍රිවරයා හා කතානායකවරයා අතර වචන හුවමාරුවක් සිදුවිය.

රවි කරුණානායක -"ගරු කතානායකතුමනි, මම රීති ප්‍රශ්නයක් යටතේත් මෙම ප්‍රකාශය කිරීමට ඉල්ලුවා. මම මේ පාර්ලිමේන්තුවේ, දීර්ඝ කාලයක් නියෝජනය කළ මන්ත්‍රිවරයෙක්. මම මේ ප්‍රකාශය කරන්න 
අවස්ථාව ඉල්ලන්නේ මන්ත්‍රි වරප්‍රසාද යටතේ."
කතානායක -
"ගරු මන්ත්‍රිතුමා, මේක බැඳුම්කර සිද්ධියට අදාළයි. මේ ප්‍රකාශය මේ අවස්ථාවේ කරන්න ඉඩ දෙන්න බැහැ. මම ඔබතුමාට කරුණු පැහැදිලි කළා. කරුණාකරලා ඒක පිළිගන්න."
රවි කරුණානායක -

 "මහින්දානන්ද අලුත්ගමගේ ගැන එයාගෙ මල්ලී ප්‍රකාශයක් කරන්න ඉල්ලුවාම ඒකට ඉඩ දුන්නා. මේ තරම් කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න මගේ ඉල්ලීමට ඉඩ නොදීම සාධාරණ නැහැ."
කතානායක -
"ඒ ගැන මම දන්නෙ නැහැ. මම ඒ ගැන සොයා බලන්නම්. මේ ප්‍රකාශය කරන්න මට ඉඩ දෙන්න බැහැ. ඒක මන්ත්‍රි වරප්‍රසාද යටතට එන්නෙ නැහැ."
රවි කරුණානායක -
"ඔබතුමා මට මේ ප්‍රකාශය කරන්න ඉඩ දෙන්නෙ නැති නම්, මම පාර්ලිමේන්තුවේ කරන්න සූදානම් වූ ප්‍රකාශය මාධ්‍යයට ලබා දෙනවා."
කතානායක -
"ඒක ඔබේ කැමැත්තක්. මෙහිදී මේ ප්‍රකාශය කරන්න ඉඩ දෙන්න බැහැ."

එජාපය කැළඹෙයි

කතානායකවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධව මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළද දැඩි ආන්දෝලනයක් මතුව ඇති බව වාර්තා වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ශවය සඳහන් කර සිටින්නේ නියමිත පටිපාටිය අනුව යමින් අද (24) දිනයේ මන්ත්‍රීවරයා සිය වරප්‍රසාද කඩවී ඇති බවට ප්‍රකාශයක් සිදුකරන බව දැනුම්දී තිබියදී කතානායකවරයා මෙසේ කටයුතු කර ඇති බවය.

කතානායකගේ වැඩේ සැකයි

එසේම කතානායකවරයා මෙසේ අද දිනයේ එම ප්‍රකාශය සිදුකිරීමට අවස්ථාවක් නොතිබුණා නම් ඒ පිළිබඳ ඊයේ දිනයේ හෝ දැනුම්දීමට තිබූ බවත් ඒ හමුවේ කතානායකවරයාගේ මෙම හැසිරීම බරපතල සැකසංකා මතුකරණ කාරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් පැවසීය.

එසේම ඊයේ දිනයේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා පවසා සිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තා ජනාධිපති කාර්යාලයට, පාර්ලිමේන්තුවට, නීතිපති කාර්යාලයට සහ මහා බැංකුවට පමණක් ලබාදුන් බවට ජනාධිපති කාර්යාලය සහතික කර තිබෙනවා කියා බවත් අවම වශයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා තමන්ද ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් බව පවසා ඇති නමුත් ඔහු වෙතින් ඒ පිළිබඳ විමසීමක්වත් කිරීමට කතානායකවරයා කටයුතු නොකිරීම සැකසහිත තත්ත්වයක් බවද එම මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රවීව දැන දැනම අවධානමේ දාලා

එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ප්‍රවෘත්ති වාර්තා පළවෙමින් ඇති බවත් ඒ හමුවේ මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවීමේ ප්‍රකාශය සිදුකිරීමට වළක්වාලීමට කතානායකවරයාම කටයුතු කිරීම හමුවේ රවී කරුණානායක මන්ත්‍රීවරයා අවධානමේ හෙලීමේ ප්‍රයත්නයට කතානායකවරයා වක්‍ර අනුබලයක් සපයා ඇති බවක් පෙනීයන බවද එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

කතානායක වාරණය කළේ අදිසි හස්තයක්ද ?


වැඩිදුරටත් තම අනන්‍යතාව හෙළිනොකිරීමේ සහතිකය පිට අපවෙත අදහස් දැක්වූ එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ පැනනැග ඇති දේශපාලන වාතාවරණය හමුවේ කතානායකවරයා ද කිසියම් අදිසි හස්තයක මෙහෙයවීමකට නැතුව ඇතිදෝයි සැකයක් පවතින බවය.

එසේම ඒ පිළිබඳ මේ වන විටත් පක්ෂ අභ්‍යන්තරයේ නායක මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් එම සාකච්ඡාවෙන් පසුව මතුව ඇති තත්ත්වය පිළිබඳ තීරණයක් ලැබෙනු ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සිය වරප්‍රසාද කඩවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ සිදුකිරීමට අපේක්ෂිත වූ කතාව පහත දැක්වේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements