Featured News

Video Gossip

Advertisement

උපේකා නිර්මාණි විවාහ වෙයි
උපේකා නිර්මාණිගෙ පියා ජොලි සීයා
කියපු දේ මෙන්න

(PHOTOS)

දෙරණ ඩ්‍රීම්ස්ටාර් වේදිකාවෙන් බිහි වූ දක්ෂ ගායන ශිල්පිනියක් තමයි උපේකා නිර්මාණි කියන්නේ. මේ දිනවල දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සුපෙම් වී ගීතය ගායනා කරන්නෙත් උපේකා. ඇය එළිමහන් ප්‍රසංග වේදිකාවේ දැවෙන්ත ගායකයෙක් වන ජොලි සීයාගේ දියණිය. උපේකා පසුගිය දිනෙක විවාහ වෙලා තිබුණා. එදිනම තවත් විවාහ උත්සවයක් සිදුවෙලා තියෙනවා. ඒ උපේකාගේ වැඩිමහල් සොයුරියගේ විවාහයයි. උපේකා නිර්මාණි ගායිකාව හා ඇගේ සොයුරිය දෙදෙනා එකම දිනක පැවැත්වූ මංගල උත්සවයට පෙර ඔවුන්ගේ පියා වන ‘ජොලි සීයා‘ නමින් ගායන වේදිකාවේ ප්‍රකට චන්දු ද සිල්වා ඔවුන් සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

‘මට ඉන්නෙ දුවලම තුන් දෙනෙක්. උපෙකා බාලයා, පවුලෙ එකම පුතා ඉතිං මම තමයි, අපේ පවුලෙ ලොකුම හයිය අපේ නෝනා මහත්තයා උමංගා. ඒත් මං ආදරේට කියන්නෙ කුමා කියලා. උපේකා චූටිම කාලෙ ඉදලා සංගීතයට ලොකු නැඹුරුවක් පෙන්නුම් කළා. සංගීතය හැදෑරුව. එයාට වයලීනය, බටනලාව වාදනය කරන්නත් පුළුවන්. පොඩි කාලෙ ඉදන්ම එයා ලස්සනට සින්දු කියනවා. ඊට පස්සෙ තමයි 2009 දී දෙරණ ඩ්‍රීම් ස්ටාර් 

තරගයට සම්බන්ධ වෙන්නෙ එයාගෙ අක්කා මූළික වෙලා. එතකොට එයාට 18 ලබනවා. පියවරෙන් පියවර ඉදිරියට ගිහිං අවසානයේදී කිරුල හිමිකර ගත්තා.

තරගෙදි මෙයා ගායනා කළේ මම යෝජනා කළ ගීත නෙවෙයි. එයාට ඕන ඒවා. සමහර ඒවා මිනිස්සු වැඩිය අහපු නැති ගීත. මම නිතරම කිව්වෙ ආපු දුර හොදටම ඇති කියලා.

උපේකා ලස්සනට විසිල් ගහනවා.ඒක වෙනම කතන්දරයක්. මම මගේ සිංදුවලට තනු නිර්මාණය කරන්නෙ බොහෝ වෙලාවට උපේකාව බයිසිකලේ තියාගෙන මොන්ටිසෝරි, ඉස්කොලෙ යන එන ගමන්. ඒවා අහගෙන ඉදලා මෙයා ගෙදර ඇවිල්ලා මට ඇහෙන්න ඒ සිංදු විසිල් කරනවා. මම පුදුම වෙලා ඇහුවම කවුද විසිල් කළේ කියලා උපේකා එයාගෙ අක්කව ඇගිල්ලෙන් පෙන්නනවා. අක්කත් ඉතිං ආඩම්බරෙන් ලකුණු ගන්නවා.

උපේකාට එක පාරටම අනුකම්පා හිතෙනවා. ඒ වගේම එක පාරටම තරහත් යනවා. ඒත් තරහ ගියාම සෝඩා බෝතලේ වගේ තමයි. ඉක්මනින්ම තරහව නිවෙනවා. එයාගෙ තියෙන උත්සහවන්තකම ම අගයන දෙයක්. එයාගෙ නිර්මාණ පිටුපස සෙවනැල්ල වගේ ඉන්නෙ එයා බඳින්න ඉන්න සැමියා ‘




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements