Advertisement

සුපිරි තරු පිරිවරා කවිංග පෙරේරා 
වෛද්‍ය සනායා සමග යුග දිවියට

නව පරපුරේ දක්ෂ නළුවෙක් වන  හැමදෙනාගෙම ආදරය දිනාගෙන ඉන්න ජනප්‍රිය ටෙලි නළු කවිංග පෙරේරා ඊයේ (8) යුග දිවියට පිවිසියා. ඔහු අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරියක සමගිනි. 

ඇය සනායා නම් වන අතර මේ දෙදෙන යෝජනාවකින් මුණගැසී පසුව වසර 2 ක කාලයක් තිස්සේ පෙම් සබඳතාවයක් පැවති බවත් වාර්තා විය.

.කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වුණු ඔවුන්ගේ විවාහ උත්සවයට කලා ලොවේ සුපිරි තරු රැසකට ආරාධනා ලැබී ඇති බවත් දැනගන්නට ලැබෙනවා. 2017 වසරෙදි කවිංග එම සබඳතාව ගැන කියා තිබුනේ මේ විදිහටයි.
”මම ලබන අවුරුද්දේ විවාහ වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. කාලයක් හිටියා ජීවිතේ මම තනිකඩව ඉන්නවා කියලා. ඇත්තටම මට හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මට හොඳ නංගි කෙනෙක් ඉන්නවා. අම්ම තාත්තා නැති වුණාට පස්සේ මට ඉන්න එකම මැණික මගේ නංගි. නංගි මට කිව්වා අයියේ එහෙම ඉන්න

එපා හොඳ කෙනෙක් හොයාගන්න කියලා. ඉතිං මට කෙනෙක් මුණගැහුනා. ඇය මාව හොඳට තේරුම්ගන්න කෙනෙක්. වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇගේ අම්මා සහ තාත්තා මට ගොඩාක් ආදරෙයි. මං හිතනවා මට ඒ ලැබිච්ච හොඳම දෙයක්.

ඇත්තටම ඒක praposal එකක්. යෝජනාව අරගෙන ආවේ වසන්ත දුක්ගන්නාරාළ. ඉතිං දුකා නිසා තමයි මට ඇයව මුණගැසෙන්නේ. මොකද දුකාගේ ඥාතියෝ නිසා. දැනට දුකා අයියා කිව්වට පස්සේ දුකා මාමා කියලා තමයි කතාකරන්න වෙන්නේ. මම විශ්වාස කරනවා මම කාටවත් වරදක් කරලා නැහැ. ඒ නිසා මට හරි වෙලාවේදී ඇයවත් හම්බවුණා. ඉතිං මේ හැමදේකටම දුකාට ස්තුතියි.”

මේ අතර කාවිංග පෙරේරාගේ විවාහයට සුබ පැතුම් එක් කරමින් ශලනි තාරකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුණා.












gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements