Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අපේ සම්බන්ධයට කපුකම කළේ දුකා අයියා
මම දවසක් දුකා අයියලාගේ ගෙදර ගිය වෙලාවක 
තමයි සනායා ගැන මට කිව්වේ 

අලුත් ජීවිතේ හොඳයි. තනිකඩව හිටපු කාලේ ඉවරයි. දැන් තිබුණටත් වඩා වගකීම් එක්ක ජීවත් වෙන්න වෙයි. හැබැයි හිටපු කාවිංගම ඉදිරියටත් ඉඳියි.

පෙම්වතියක් ඉන්නවා කිව්වට පෙම්වතිය කවුද කියලවත් විවාහය ගැනවත් වැඩි ප්‍රචාර දුන්නේ නෑ. පෙම්වතිය ගැන හැංගුවේ ඇයි?

ඒ හැමදේම මුලින්ම එළියට දාන්න ඕන කියලා අපි හිතුවේ නැහැ. හැමදේම හරි විදියට පිළිවෙළකට කරන්න තමයි අපි දෙන්නටම ඕන වුණේ. අපි දෙන්නා විවාහ වෙන්න තීරණය අරගෙන හැමදේම සුදුසු වෙලාවේ සුදුසු විදියට කිව්වා. හැබැයි මම පෙම්වතියක් ඉන්නවා කියලා හැංගුවේ නැහැ.

දැන් කියමුකෝ කාවිංගගේ හිත ගත්ත අත ගත්ත කෙනා කවුද කියලා.?

එයා සනායා පෙරේරා. වෘත්තියෙන් වෛද්‍යවරියක්.

කාවිංගගෙයි සනායාගෙයි සම්බන්ධයට කපුකම් කළේ දුක්ගන්නාරාල කියන්නේ ඇත්තද?

ඔව්. අපේ සම්බන්ධයට කපුකම කළේ දුකා අයියා. එයා සනායාගේ මාමා කෙනෙක් වෙනවා. මම දවසක් දුකා අයියලාගේ ගෙදර ගිය වෙලාවක තමයි සනායා ගැන මට කිව්වේ. දැන්මම බඳින්නේ නැද්ද වයස යනවා නේද කියලා අහලා තමයි සනායා ගැන මට කිව්වේ. එයා එක්ක කතා බහ කරලා බලන්න කියලා සනායාගේ දුරකතන අංකයත් දුන්නා. ඊට පස්සේ අපි කතා බහ කළා.

මුල් කතා බහම ආදර කතාවකට මුල පිරුවද?

අපි මුලින්ම යාළුවෝ විදියට ආශ්‍රය කළේ. අවුරුද්දක් විතර අපි හොඳ යාළුවෝ විදිහට ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි ආදර කතාව පටන් ගත්තේ.

කොච්චර කාලයක ආදර කතාවක්ද විවාහය තෙක් දුර ගෙනාවේ?

අපේ ආදර කතාවට අවුරුදු තුනක් විතර වෙනවා.

සනායා ජීවිතයට තෝරා ගනිද්දී කාවිංගගේ අම්මා මොන වගේ ප්‍රතිචාරයක් ද දැක්වූවේ.?

මගේ අම්මාට ඒ වෙනකොට පිළිකාවක් හැදිලා තිබ්බේ. සනායා මුණ ගැහෙද්දීත් මගේ අම්මා අසනීප වෙලා හිටියේ. වෛද්‍යවරු කිව්වේ අම්මාට ජීවත් වෙන්න පුළුවන් මාස හයයි කියලා. සනායාටත් අම්මව බලන්න එන්න බැරි වුණා. මොකද එයාට මුල් පත්වීම ලැබිලා තිබ්බේ දඹුල්ලට. එයාට නිවාඩු ගන්නත් පසුබිමක් තිබ්බේ නෑ. ඒත් අම්මා මට කිව්වේ ඔයාට ගැළපෙන ඔයාව තේරුම් ගත්ත කෙනෙක් විවාහ කර ගන්න කියලා.

අම්මා කිව්ව විදියටම සනායා කියන්නේ කාවිංගව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්ද?


අපි කවුරුවත් සියයට සියයක් සර්ව සම්පූර්ණ නැහැ. අපි දෙවිදියක්. අපේ වෘත්තීය දෙකක්. නමුත් අපි අපිව තේරුම් අරගෙන ඉන්නවා. මගේ වැඩවලටත් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම දඟලන චරිතයක්. මට වගකීම් දරන්න පුළුවන්ද කියලා තේරුම් ගන්නම එයාට කාලයක් ගියා. අපි අපිව තේරුම් ගත්තට පස්සේ තමයි විවාහ වෙන්න තීරණය කළේ. මේ තේරුම් ගැනීම ඉදිරියටත් තියෙයි කියලා හිතනවා.

කාවිංගට රංගන ක්‍ෂේත්‍රයේ ඕන තරම් තරුණියෝ මුණ ගැහිලා ඇති. ඒත් කාවිංග විවාහයට තෝර ගත්තේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි. කාවිංගගේ හිත සනායා ළඟ නතර වෙන්නත් විශේෂ හේතුවක් තියෙන්න ඇති.?

කලා ක්‍ෂේත්‍රය කියන්නේ මගේ දෙවැනි පවුල. එතැනදී මට හමුවෙන රංගන ශිල්පිනියන් මම ආශ්‍රය කරන්නේ සහෝදර බැඳීමකින්. අපි පැටියෝ, ඩාලින් කියා ගත්තට ඒක සහෝදර බැඳීමක්. මම සනායාට කැමැති වුණේ එයාගේ සරලකමට. එයත් මම වගේම පොළොවේ පය ගහලා ඉන්න හැමෝම එක්කම හිනාවෙලා ඉන්න චරිතයක්. හැබැයි එයා මට වුණත් මගේ යාළුවන්ට වුණත් කියන්න තියෙන දේ මූණටම කියනවා. ඒ වගේම මට කිසි දෙයක් හංගන්නේ නැහැ.

ඔය ආදර කතාවට බාධා තිබුණේම නැද්ද ?

බාධා තිබුණේ නැහැ කිව්වොත් බොරුවක්. අපි සර්ව සම්පූර්ණ කපල් එකක් නොවෙයි. අපි බැන ගත්තා. වචනවලින් ගහ ගත්තා. මුල් කාලයේ තිබ්බ ප්‍රශ්නත් එක්ක තමයි අපි පසු කාලීනව හැදුණේ. අපි දෙන්නම පවුල්වල හුරතලයට හැදුණු දෙන්නෙක්. ඒ නිසා ඒ වගේ යම් යම් ගැටලු අපිට තිබුණා.

හුරතලයට හැදුණ දෙන්නට වගකීම් සහගතව ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

මම කවුද කියලා මගේ බිරිය, එයාගේ පවුලේ අය දන්නවා. මම හිතනවා මට වගකීම් දරන්න පුළුවන් වෙයි. හැබැයි මිස්ටේක් වෙන්න පුළුවන්. ඒවා හදාගෙන ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ.

ඔය දැඟලිල්ලත් අඩු වෙයිද?

දැඟලිල්ල නම් අඩුවෙන එකක් නෑ. මගේ දැඟලිල්ලට තමයි සනායා කැමැති. දැඟලිල්ල නැති වුණොත් සනායා මාව අතහරියි.

සමහර බිරින්දෑවරු වගේ සනායාත් කාවිංගට සීමා දායිද?

නැහැ. එයා මට මේ වෙනකල් සීමා දාලා නැහැ. ඒ සීමා නොදෑම නිසාම මට වැරැද්දක් කරන්න හිතෙන්නෙත් නැහැ. දෙන්නට දෙන්නව විශ්වාස නම් නීති දාන්න, සීමා දාන්න ඕනේ නැහැ. නීති නැති නිසා මම මගේ ඒ නිදහස නැති කරගන්නත් කැමැති නැහැ.

විවාහ වුණ නිසා රසිකාවියන්ගේ ආදරේ කාවිංගට අඩුවෙයිද?

එයාලගේ ආදරේ අඩුවෙන එකක් නැහැ. මම හැමදාම මිනිස්සුත් එක්ක ජීවත් වුණා. ඉදිරියටත් එහෙමයි. මගේ බිරියට හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන ගමන් මගේ ප්‍රේක්‍ෂකයන්ට හොඳ රංගන ශිල්පියෙක් වෙන්න මට පුළුවන්.

දැන් නංගිගේ වගකීම්වලින් නිදහස් වෙන්නේ කවද්ද?


නංගිගේ විවාහයත් මේ වසරේ සැප්තැම්බර් මාසේ සිද්ධ වෙයි. දැනට එයා ලොකු අම්මලත් එක්ක ජීවත් වෙන්නේ.

ජීවිතයේ ඉදිරි සැලසුම් ඇති?

ලොකු සැලසුම් නැහැ. තිබෙන සැලසුම්වලට හිමින් හිමින් යන්න හැමෝගේම ආශිර්වාදය අපිට ලැබෙයි. කොහොම වුණත් අද දවසේ කාලා බීලා ලස්සනට සතුටින් ජීවත්වෙන්න තමයි අපි දෙන්නටම ඕන.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook