Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ශ්‍රියන්ත මෙන්ඩිස් බාල දුව දීග දීලා
හත් දවසක් මඟුල් කාලා

මගේ ලොකු දුව විවාහ වුණු අමන්ද පෙරේරා පුතයි
මගේ පොඩි දුව විවාහ වුණු ෂෙහාන් පෙරේරා පුතයි ළඟම ඥාතීන්

ඔබ ලොකු වගකීමකින් නිදහස් වුණා නේද?



වගකීමකින් නම් නිදහස් වුණා. මගේ චූටි දුවත් විවාහ වුණා පසුගිය හතර වැනිදා. ලොකු දුව ඉපදිලා වසර හතකට පස්සේ තමයි චූටි දුව ඉපදුණේ. එයා තමයි ගෙදර හුරතලයට හැදිච්ච දෝණි. මට එයා තාමත් මගේ හුරතල් දුව. ඒත් එයා වෙන කැදැල්ලකට පියඹලා ගියා.


දුවලා හදලා අන්තිමට තවත් කැදැල්ලකට යවන්න වෙනවානේ. ඒක ඔබට දැනුණේ කොහොමද?


ඇත්තටම අපි දුවලට කොච්චර ආදරය කළත් එයාලා කවදා හරි අලුත් ලෝකයකට පියඹනවා. ඇත්තටම ඒක දරාගන්න අමාරුයි. මම දුවගේ වෙඩින් එක දවසේ ගොඩක් අපහසුවෙන් ඒක දරාගන්න හැදුවත් ඒ වේදනාව මගේ මුහුණෙන් පෙනුණා කියලා මගේ මිත්‍රයෝ කිව්වා. සමහර යාළුවෝ මට කිව්වා මම එදා වෙඩින් හෝල් එකේ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියේ කියලා.



දුව දීග දුන්නේ ටිකක් දුරකට නේද?

ඔව්. එයා විවාහ වුණු ෂෙහාන් පුතාගේ ගම කුලියාපිටිය. ඒත් දුව හඬකැවීම් ශිල්පිනියක් නිසා සති අන්තවල ගෙදර ඒවි.

දුවට මනාලයාව හොයලා දෙන්්නේ ඔබලා. දුවට හොයලා දුන්නේ හරිම කෙනා කියලා හිතනවාද?

දුව විවාහ වුණේ කුලියාපිටිය ශාන්ත ස්ටෝර්ස් අධිපතිතුමාගේ පුතා එක්ක. ඒ පුතත් ව්‍යාපාරිකයෙක්. දුව වෙනුවෙන් විවාහ යෝජනාව ආවට පස්සේ අපි ඇයගෙන් මේ ගැන විමසුවා. දුවත් අපේ කැමැත්තට ඉඩ දෙනවා. වසර කිහිපයක් ඇසුරු කරලා තමයි එයාලා විවාහ වෙන්නේ.

දුවගේ විවාහය කරලා දීලා හත් දවසක් මඟුල් කෑවලු නේද?

ඇත්තටම ඒක හත් දවසක් මඟුල් කෑවා වගේ තමයි. ඔක්තෝබර් 25 තමයි විවාහ ගිවිස ගැනීම තිබ්බේ. ජනවාරි 04 විවාහ උත්සවය තිබුණා. ජනවාරි 07 තමයි දෙවැනි ගමනේ පළමු උත්සවය තිබුණේ. ජනවාරි 10 තමයි දෙවැනි ගමනේ දෙවැනි දවස සැමරුම තිබ්බේ. ජනවාරි 11 දුවව අපි පුතාගේ ගෙදරට භාර දුන්නා. ජනවාරි 12 තමයි මනාලයාගේ පාර්ශ්වයේ නෑදෑයෝ අපේ නිවෙසට ආවේ.

පොඩි දුවට ලැබුණු සැමියා දුව වගේම ඔබේ පවුලට ළෙන්ගතුව ඉඳීවිද?

ඔව්. මගේ ලොකු දුව විවාහ වුණු අමන්ද පෙරේරා පුතයි, මගේ පොඩි දුව විවාහ වුණු ෂෙහාන් පෙරේරා පුතයි ළඟම ඥාතීන්. අපි පස්සේ තමයි ඒක දැන ගත්තේ. ඒ දරුවොත් අපේ දරුවෝ වගේමයි. දෛවය විසින් නෑදෑයෝ ටික තව තවත් ළං කරලා දුන්නා. ෂෙහාන් පුතාගේ පවුලේ අය මගේ දරුවට ගොඩක් ආදරෙයි. මගේ දුව ඒ ගෙදරට යද්දී ඒ ගෙදර ලස්සන විශාල කාමරයක් එයාට ලෑස්ති කරලා තිබ්බා. දුවගේ ඡායාරූප, එයා කැමැති වර්ණ, ආලෝක යොදලා පුදුමසහගත විදියට ඒ කාමරය නිර්මාණය කරලා තිබුණා. අපි වගේම ඔවුන්ගේ ආදරේ මගේ දරුවට ලැබේවි.

දැන් වගකීම් අහවරද?

වගකීම් අහවර නැහැ. දැන් ලොකු දුවගේ, අලුත් පාසල් වාරය ඇරැඹෙනවා. ඊට පස්සේ ඒ වගකීම්වලට උදවු කරන්න ඕන. දවසින් දවස වගකීම් වැඩි වෙනවා. මමයි කුසුමුයි වාසනාවන්ත යුවළක්. අපි ප්‍රේම කළා. විවාහ වුණා. දරුවෝ හැදුවා. ඔවුන්ට හරියට උගන්වලා සමාජගත කළා. ඔවුන් නිසි කලට විවාහ කළා. ඉතින් අපි පුංචි දෙයින් ලොකු සතුටක් එකතු කරගත්තා.

දුවගේ විවාහය නිසා රංගන කටයුතුවලට විරාමයක් තිබ්බා කියලා ආරංචියි.

ඔව්. ජනවාරි 01 වැනිදා ඉ¼දන් ජනවාරි 15 වැනිදා වෙනකල් කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. මම කාලයකට විරාමයක් ගත්තමයි. ඉදිරියේදී කවිය ඔබ, නා ඉල්ලේ ගීරාවේ, වීරපුරන් අප්පු ටෙලි නාට්‍යවල වැඩ පටන් ගන්නවා. ඒ අතරේ හංකිති දහතුන, සුදු සහ කළු, රාක්ෂ පරාස වේදිකා නාට්‍යවලත් වැඩ කරනවා. ඉදිරියෙදී මගේ අලුත් නාට්‍යයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.

ෂෙහාන්ගෙ තාත්තා දුන්න බෙන්ස් රථය අපූරු තෑග්ගක්

කොහොමද තාරුකි අලුත් ජීවිතේ?

අලුත් ජීවිතේ හොඳයි. වෙඩින් එකෙන් පස්සේ මේ දවස්වල ගෙදරට ඇවිත් ඉන්නේ. ආයෙත් සැමියාගේ ගෙදරට යනවා.

තාත්තාගෙයි අම්මාගෙයි කැදැල්ලේ හුරතල් වෙවී හිටපු තාරුකිට වෙනත් කැදැල්ලකට යන්න වෙලා. ඒ වෙනස දරාගන්න පහසුද?

ඒක ඇත්තටම දරාගන්න අමාරුයි. ටික ටික මම ඒ වෙනසට හුරු වෙනවා. ඒත් මම මගේ අම්මව පොරොන්දු කරගත්තා මගේ මහත්තයාගේ ගෙදර සැරින් සැරේ ඉන්න. මොකද මම ගෙදරින් පිට ඉඳලා නැහැ. ඒ වෙනසට හුරු වෙනකල් අම්මා මගේ ළඟ ඉන්න ඕන කියලා හිතෙනවා.

තාරුකි වැඩිපුරම කිට්ටු අම්මට වගේ?

ඔව්. මම අම්මාට ගොඩක් සමීපයි.

හැබැයි තාරුකිගේ විවාහය දවසේ ඒ වෙන්වීම වැඩිපුරම දරාගන්න බැරි වුණේ තාත්තාටලු නේද?

ඔව්. තාත්තාට ඒ දුක හංගන්න බැරි වුණා. අම්මා නම් එයාගේ දුක පෙන්නුවේ නැහැ.

තමන්ගේ පවුලෙන් ලැබෙනවා වගේම ආදරයක් සෙනෙහසක් ෂෙහාන්ගේ පවුලේ අයගෙන් ලැබෙනවාද?

ඔව්. අපි විවාහ වෙලා තාම සතියක් වුණාට අපි දැන හඳුනගෙන අවුරුදු හයක් වෙනවා. මගේ අම්මයි තාත්තයි වගේම එයාගේ අම්මයි තාත්තයි මට ආදරෙයි. අක්කත් එහෙමයි. එයත් හරි හොඳයි. මට ප්‍රශ්නයකට තියෙන්නේ මහත්තයාගේ ගෙදර දුර වීම විතරයි.

තාරුකිගේ අක්කාව මංගල්‍යයට නංගිව ලස්සන කරන්න මහන්සි වුණාලු නේද?

ඔව්. මගේ අක්කා තමයි උත්සව තුනටම මගේ ඇඳුම් නිර්මාණය කළේ. ඒ වගේම මගේ අම්මාගේ සහ නෑදෑයන්ගේ ඇඳුම් නිර්මාණය කළෙත් එයා. තාමත් ගොඩක් අය ඒ ඇඳුම් ගැන කතා වෙනවා.

විවාහය දවසේ සැමියාට විශේෂ තෑග්ගක් ලැබුණා. ඒ තෑග්ග ගැනත් ගොඩක් අය කතාවෙනවා.

ඔව්. ඇත්තටම ඒක අපූරු තෑග්ගක්. අපේ විවාහ උත්සවය තිබ්බේ ෂෙහාන්ගේ උපන්දිනය දවසේ. ඉතින් එයාගේ තාත්තා එයාව පුදුම කරන්න අලුත්ම බෙන්ස් රථයක් තෑග්ගක් හැටියට දුන්නා. මම දැනගෙන හිටියා ඒ ගැන. ඒත් ෂෙහාන්ට නම් ඒක පුදුම කිරීමක් වුණා.

තාරුකි ගෙදර හුරතලේට හිටපු කෙනානේ. විවාහ ජීවිතේ වගකීම් දරන්න දැන් පුළුවන්ද?

මම හිතනවා ඒ වගකීම් දරන්න මට පුළුවන් වෙයි කියලා. ටික ටික ඒ වගකීම්වලට පුරුදු වෙනවා.

තාරුකි හඬ කැවීම් ශිල්පිනියක්. විවාහ වුණා කියලා ඒ කටයුතු මඟ හැර ගන්න එකක් නැද්ද?

මම චන්ද්‍ර නන්දනී නාට්‍යයේ නන්දනිගේ චරිතයට වගේම කිඳුරු කුමරා නාට්‍යයේ ඔන්ඩිනාට හඬ කවනවා. රේඩියෝ ඩ්‍රාමාවලටත් සම්බන්ධ වෙනවා. ඒ වැඩකටයුතු දිගටම කරගෙන යනවා. එතකොට මට අම්මවත් බලන්න කොළඹ එන්නත් පුළුවන්.

ඒ වැඩ කරන්නේ අම්මයි තාත්තයි බලන්න එන්නත් හිතාගෙන වගේ?

මම කොහොමත් හඬ කැවීම් ශිල්පිනියක් විදියට වැඩ කරන්න කැමැතියි. මගේ මහත්තයත් මාව ගොඩක් තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා එයා පුළුවන් හැම වෙලාවෙම මාව කොළඹ එක්කගෙන එයි. අම්මා අපි ළඟ ඉන්නවටත් එයා කැමැතියි.

හඬ කැවීම් ශිල්පිනියකට එහා ගිහින් රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වෙන්න අදහසක් නැද්ද?

රඟපාන්න කැමැත්තක් නැහැ. ජනප්‍රිය වෙන්නත් එහෙම ලොකු කැමැත්තක් නැහැ. හඬ කැවීම් ශිල්පිනියක් විදියට මම තෘප්තිමත්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ



gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook