Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

තරුණ කාන්තාව සමඟ තලත්තෑනියි කාන්තාවක්‌ ජනාධිපතිවරණයට 
-ආනන්ද මෛත්‍ර හිමියන්ගේ තවත් අනාවැකියක්‌

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.


තමන් වහන්සේ මෙම කරුණු මට හෙළි කළ යුතු යෑයි තීරණය කළේ පෙර දින පැමිණි මාස්‌ටර්වරුන් විසින් මා පිළිබදව දැක්‌ වූ යහපත් ප්‍රතිචාර නිසාවෙන් බව ද පැවැසූ සේක.

උන්වහන්සේ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ බොහෝ කරුණු මෙම කෘතියට ඇතුළත් නොකළේ ඒවා බොහෝ දුරට අතිශය විස්‌මිතවීම ද ඇතැම් කරුණු පාඨක ඔබ වුව ද සැකයෙන් බලන බව මා දන්නා නිසාය.

උන්වහන්සේගේ පෙර භවය මේ භවය සහ මතු භවය පිළිබද විස්‌තරය මවිසින් "ඉසිවරුන් දුටු මගේ බව ගමන" නමින් පළ කළ (1) ග්‍රන්ථයට ඇතුළත් කළේ ද උන්වහන්සේගෙන් රූපවාහිනී පටිගත කිරීම් අතරතුර ලද වාචික අවසරය සහිත බව ද මවිසින් සිහිපත් කළ යුතුව ඇත.

නාහිමියන් තවත් බොහෝ විස්‌තර පවසන ලද නමුත් ඒ සියල්ල මෙම අවස්‌ථාවේ සටහන් කිරීම නොමැනැවයි මම සිතමි.

එහෙත් මට ද ඇදහිය නොහැකි විස්‌තර සමුදායක්‌ උන්වහන්සේ පැවැසූ අතර එම විස්‌තර මෙම ග්‍රන්ථයට ඇතුළත් කිරීමට මා තීරණය කළේ අති පූජ්‍ය බලංගොඩ මහ නාහිමියන් පිළිබදව අප දන්නා, පොතපතින් කියවා ඇති විස්‌තර සම්භාරයට අමතරව, අප නොදන්නා විස්‌තර කරුණු කොපමණ ඇති දැයි මට සිතුන නිසාය.

අති පූජ්‍ය බලංගොඩ මහ නාහිමියන් වහන්සේ යනු මේ ලෝකයෙන් පමණක්‌ නොව මුළු විශ්වයෙන්ම වැදුම් පිදුම් ලැබූ මහා යතිවරයන් වහන්සේ නමක්‌ බව නම් මට පසක්‌ විය.

"ඊයේ රෑ ආපු ඇත්තෝ මම බව ගමන නිම කිරීමට තීරණය කළ වේලාවේ ඒ අය මහත් සේ කලබලයට පත්වුණ බව ඒ ඇත්තෝ කීවා".

"ඒ වනතුරු මමවත් දැනගෙන හිටියේ නෑ මා පිළිබදව විශ්වය පාලනය කරන මාස්‌ටර්වරුන් සුපරීක්‌ෂාවෙන් ඉන්නවා කියලා".

"ඒ වේලාවේ මුන්නැහේ කුමක්‌ කරයිද කියල ඒ අය නොඉවසිල්ලෙන් බලා ඉදල තියෙනවා.

මුන්නැහේ මට දීර්ඝායුෂ විඳීමට ආරධනා කිරීම පිළිබදව ඒ ඇත්තෝ මහත් සේ සතුටට පත්වෙලා තියෙනවා.

මුqqන්නැහේට දැනගත යුතු යමක්‌ ඇත්නම් ඒ අය පැහැදිලි කරන බවත් නාහිමියෝ පැවසූහ. (1992) මා එවකට පැවති යුධයත්, එය අවසන් වන කාලය පිළිබදවත් අප රටේ අනාගතය පිළිබදවත් සිතූ අතර ලැබුණු පිළිතුරු සියල්ල මේ වනවිටත් සත්‍ය වී ඇත".

"ලබන ශතකයේ පළමු දශකයේ මුල් භාගයේදී යුද්ධය අවසන් වන බවත් (2010) පසුව රටේ විශාල වශයෙන් භෞතික දියුණුවක්‌ ඇති වෙනවා.

එවකට බිහිවෙන රාජ්‍ය පාලකයන් අවංකව රට ගැන හිතල වංචා දූෂණවලින් තොරව කටයුතු කළොත් ලබන ශතකයේ දෙවැනි දශකය (2020) වනවිට අපේ රට ලෝකයේ විශිෂ්ටතම රටවල් ගොඩට එකතු වෙනවා".

(මෙම ප්‍රකාශය නාහිමියන් මා හා පැවසුවේ 1992 දී දෙසැම්බර් මාසයේදී බව මගේ සිහියට නැෙග්.)

එකී තත්ත්වය ඇති කිරීමේ කාර්ය භාරය රදා පවතින්නේ රටේ නායකයා අතෙයි.

ඔහු අවංකව දැහැමිව රට පාලනය කළොත් රටේ අනාගතය යහපත් වෙනවා. රට පාලනය කරන අයගේ ක්‍රියා කලාපය උඩයි සියල්ල සිද්ධ වෙන්නේ.

හරියට ගෙදරක පියා වගෙයි. ගෙදරක පියා දුශ්චරිතයට බරවෙලා රා අරක්‌කු බොන, මස්‌ මාංශ කන කෙනෙක්‌ නම් එම පවුල විනාශයට පත්වෙනවා. පිටින් බලන අයගේ අවඥාවට භාජන වෙනවා.

පියා යහපත් ගුණගරුක කෙනෙක්‌ නම්, පැවැත්ම යහපත් නම්, සියලු දුශ්චරිතවලින් මිදුන කෙනෙක්‌ නම්, ඒ පවුල දියුණු වෙනවා. පිටින් බලාගෙන ඉන්න අය අගය කරනවා. ආශිර්වාද කරනවා. රටක්‌ වුණත් එහෙමයි.

රටේ පාලකයා අතෙයි රටේ දියුණුව හරි, පරිහානිය හරි, රදා පවතින්නේ. ඒක නිසා රටේ පාලකයා අවංකව, ධාර්මිකව, කටයුතු කළ යුතුවෙනවා".

"නායක හාමුදුරුවනේ මේ රටේ රාජ්‍ය නායකයාට විශ්ව කීර්ති සම්මානයක්‌ ලැබෙනවා කියල, නාඩි වාක්‍ය වලින් කියෑවුණා කියල, ඔබ වහන්සේ ප්‍රකාශ කළ බවක්‌ මට සිහි වෙනවා. ඒ ගැන දැනගන්න මම කැමතියි හාමුදුරුවනේ" මම සිතුවෙමි.

"හොදයි මම උත්තර දෙන්නං. ඊට පළමු මුන්නැහේට කරුණු තුනකට කැමති වෙන්න සිදුවෙනවා.

එකක්‌ තමයි මේ බවයෙන් සමුගන්නා තුරු මත්පැන් පානය නොකරන බවට.

දෙවැන්න මුන්නැහේ කිසිම විටෙක කාගේ හෝ බලපෑමකට හෝ යටත් වී මෝහන නිද්‍රdවට පත් නොවන බවට.

තුන්වැන්න මෙම විස්‌තරය කිසිම විටෙක ලාභ අපේක්‌ෂාවෙන් කිසිම කෙනකුට හෝ නොකියන බවට.

එසේම මෙම විස්‌තරය මා අපවත් වන තුරු කිසිවකුටවත් නොකියන බවට.

අඩුම තරමින් තමන්ගේ පවුලේ අයටවත් නොකියන බවට කැමැති විය යුතුවෙනවා.

ඒ සියලු කරුණුවලට මම මුඵ හදවතින්ම එකග වන බව මම දැඩිව සිතුවෙමි.

"හොදයි මුන්නැහේ එකග වුණු අන්දමට කටයුතු කරයි කියල" මම විශ්වස කරනවා. හැබැයි මෙම රාජ්‍ය නායකයා කවුද කියල නං හිතන්න එපා. කර්මානුරූපව රාජ්‍ය නායකයා පිළිබදව සංඥාවක්‌ ලැබිය යුතු අවස්‌ථාවේදී මුන්නැහේට ලැබෙයි. එම තැනැත්තා මෙම පණිවුඩය පිළිගෙන කටයුතු කළොත් විශ්ව සම්මානය පමණක්‌ නෙවෙයි දීර්ගකාලීනව මෙරට රාජ්‍යත්වයට වුණත් පත්වීමේ වාසනාව ද හිමිවෙනවා.

සිsයලු විස්‌තර හෙළි කිරීමෙන් පසු උන්වහන්සේ විසින් අවසානයට දුන් උපදේශය ද පාඨක ඔබට ද වැදගත් වේ යෑයි සිතූ හෙයින් මෙසේ සටහන් කිරීමට අදහස්‌ කළෙමි.

"මහත්තයා කිසියම් යහපත් වැඩක්‌ කරන්න කල්පනාවක්‌ තියෙනවනං, ඒක ප්‍රසිද්ධීයේ කියන්න එපා. අප අවට විෂම බලවේග තියෙනවා. එම විෂම බලවේග යහපත් දේ විනාශ කරන්න බලාගෙනයි ඉන්නේ. දැන් මේ පවතින යුද්ධයත් එවැනි විෂම බලවේගයක ප්‍රතිඵලයක්‌. දැන් සම්‍යයක්‌ දෘෂ්ටික දෙවිවරුන්ගේ බලය අඩුවෙලා, පසු කාලීනව තරුණ උගත් ශීලවන්ත හාමුදුරුවරු විවිධ පිංකම් පුද පූජා සිදුකරනවා. පිංකම් කරනවා. ඒ පිං බලෙන් නැවතත් සම්‍යයක්‌ දෘෂ්ටික දෙවිවරුන්ගේ බලය වැඩිවෙලා මේ අදුරු කාලය අවසන් වෙනවා.

"මුන්නැහේට මං දුන්න ඉන්දියාවේදී මං භාවනා කළ විස්‌තර තියෙන පොත් පිංච ඉදිරි කාලයකදී මුන්නැහේට මුද්‍රණය කරන්න අවස්‌ථාවක්‌ එනවා. ඒක ප්‍රකාශයට පත් කරන එක හොදයි. ඒ පොතේ තැන්තැන්වල මං භාවිත කළ ප්‍රබල වශී මන්තර වගයක්‌ තියෙනවා. ඒවා ප්‍රකාශයට පත් කරන්න එපා. එතකොට ඒවා මගේ නම දාල වාණිජ පරමාර්ථයෙන් නිෂ්පාදනය කරන්න පුළුවනි. ඒකේ විස්‌තර මං සදහන් කරල තියෙන්නේ කෙටියෙන්. නමුත් ඒ මන්ත්‍ර ජීවං කරන්න ඕන සුදුසු පරිසරයක්‌ තුළයි. හරියට අපි පිරිත් දේශනාවක්‌ කරන කොට පිරිත් මණ්‌ඩප්පයක්‌ හදල වත්පිළිවෙත් අනුව වැඩ කරනවා වගෙයි".

"මෙම යන්ත්‍ර බලගන්වන්න විශේෂ ක්‍රම තියෙනවා. විශේෂ ගොඩනැඟිලි ඉදිකරන්න ඕනෑ. එතකොට තමයි විශ්වයේ ශක්‌ති කදම්බයන් ඒ ජීවම් කරන තෙල්වලට, වස්‌තුවට, ඇතුළත් වෙන්නේ. මා ළග මහා බලසම්පන්න මලයාලි ගුරුකම් යන්ත්‍ර හිටං තිබුණා. ඒවයේ තිබුණා මිනිස්‌සු මරන්ඩ තරම් ප්‍රබල මන්ත්‍ර. ඒත් මං ඒ කිසිම මන්ත්‍රයක්‌ කවදාවත් අත්හදා බැලුවේ නෑ. ඒ මන්ත්‍ර දුන්නු ඇත්තෝ ඒවා මට දුන්නේ ඒවා මං කිසිම දිනෙක එම මන්ත්‍ර පාව්ච්ච් නොකරන බව තමන් දන්නා නිසා කියලත් කීවා".

ven1"දවසක්‌ මට කල්පනා වුණා මේ තරම් ප්‍රබල මන්ත්‍ර කිසියම් දුෂ්ට මනුස්‌සයෙක්‌ අතට පත්වුණොත් රටට, මනුෂ්‍ය සමාජයට, විශාල විපත්තියක්‌ සිද්ධ වෙනවා නේද කියල හිතල අපේ ඩ්‍රයිවර් උන්නැහේ ලවා ඒවා ඔක්‌කෝම පුච්චලා දැම්මා. මේ පුංචි වශී මන්තර තුන හතර විතරක්‌ ඉතිරි කරගත්තා. ඒ මන්ත්‍ර හරි බලවත්. එහෙම කියන්නේ කිසි කෙනෙකුට හානියක්‌ නොවන විදිහට මං අත්හදා බලපු හින්දයි. නියම වත්පිළිවෙත් අනුව, සුදුසු පරිසරයක්‌ තුළ ඉදගෙන, සුදුසු සිල්වත් පිරිසක්‌ විසින්, මෙම වශී මන්ත්‍ර ජප කළොත් එය ඉතාම බලවත් වශී යන්ත්‍රයක්‌ වෙනවා. මම ඒවා පොතේ දීර්ග වශයෙන් සටහන් නොකළේ මේ විස්‌තර වැරදි අයෙක්‌ අතට පත් වුණොත් සිදුවිය හැකි විනාශය අවම කිරීම සදහායි.

දිනක්‌ නායක හාමුදුරුවන් වහන්සේ බත්තරමුල්ල චිත්තව්වේකාරයට වැඩිය බවට ලද ආරංචියකට අනුව උන්වහන්සේ හමුවීම සදහා බත්තරමුල්ල චිත්තවිවේකාරාමයට ගියෙමි. මා යන විට උන්වහන්සේ ඉහළ ශාලාවේ හාන්සි පුටුවකට වී පොතක්‌ කියවමින් සිටි සේක.

කුඩා සාමණේර හිමි නමක්‌ උන්වහන්සේගේ කෙණ්‌ඩා යුගලය සම්භාහනය කරමින් සිටියහ.

නා හිමියන්ට වැද නමස්‌කාර කළ මම සම්භාහනය කිරීමේ අවස්‌ථාව ලබා ගතිමි. ඒ අතරතුර නාහිමියන් සමඟ කතාවට යොමු වීමි.

"නායක හාමුදුරුවනේ පත්තරේ තිබුණා අනුර බණ්‌ඩාරනායක මහත්තයාගේ කකුල කැඩිලා ඔත්පලවෙලා ඉන්නවා කියලා". මම කීවෙමි.

"ඔව්, ඔය ආරංචිය පත්තරෙන් දැකල තමයි මමත් කොළඹ ආවේ. උන්නැහේගේ දුක සැප බලලා යන්න.

ඔය රත්වත්තේ පවුලේ ඇත්තෝ, බණ්‌ඩාරනායක පවුලේ ඇත්තෝ, මට හුගාක්‌ උදවු පදව් කරපු ඇත්තෝ. මං බලංගොඩ පිරිවෙණේ ඉන්න කොට රත්වත්තේ පවුලේ ඇත්තෝ මගේ දුකසැප නිතර නිතර සොයා බැලුවා.

ඒක නිසා මගේ හිතේ ඒ පවුලේ ඇත්තන් ගැන විශේෂ ඇල්මක්‌ තියෙනවා".

"අවසරයි, හාමුදුරුවනේ, මොනවද අනුර බණ්‌ඩාරනායක මහත්තයා කියන්නේ" මම ඇසුවෙමි.

"මම උන්නැහේට අවවාද නං කළා. ඒත් උන්නැහේ ඒවා පිළිගෙන ක්‍රියා කරයි කියලා මට නං සැකයි.

මම කීවා පවුලේ ඇත්තෝ විරසක වේලා, ඇන කොටා ගන්න එක නවත්තලා, සමගිවෙන්න කියලා.

තමුන්ට මේ රටේ නායකකමට උරුමයක්‌ තියෙනවා නේද?

නාඩි වාක්‍යවල කියලත් තියෙනවා. නියම කරල තියෙන පුද පූජා, වත්පිළිවෙත් කරල දේශපාලන කටයුතු කරන්න කියලා මම කීවා".

"මහත්තයා, මම මගේ යුතුකම ඉටු කෙරුවා. අවවාද අනුශාසනා භාරගෙන කටයුතු කරන එක ඒ ඇත්තන්ට භාරයි".

විජේතුංග ජනාධිපතිතුමා විසින් රජය විසුරුවා හරින ලදි. එතෙක්‌ මහජන පක්‌ෂයේ නායිකාව ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මැතිනිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට බැදුනු අතර පක්‌ෂය විසින් එතුමිය ජනාධිපති අපේක්‌ෂිකාව වශයෙන් තෝරා ගන්නා ලදි.

(ඇයගේ ජන්ම පත්‍රය නාඩි වාක්‍ය තුළින් විමසීම සදහා බැංග්ලෝරය වෙත යෑවූ බව එක්‌තරා සතිඅන්ත පුවත් පතකට ලිපියක්‌ සපයමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු විසින් ලියන ලද ලිපියක සදහන්ව තිබිණි.)

ජනාධිපතිවරණය සදහා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉදිරිපත් කරන ලද්දේ ජනප්‍රිය නායකයකුව සිටි ගාමිණී දිසානායක මහතාය.

පසු දින මුදල් අමාත්‍යාශංයේ මාධ්‍ය අංශයට පැමිණි දයාරත්න මහතා මානවසිංහ මහතාට කළ ප්‍රකාශය අප කාගේත් සිනහවට හේතු විය.

"ප්‍රභාත්, ඝෘෂිවරයා නායක හාමුදුරුවන්ටත් ලණුවක්‌ දීලනේ. තරුණ කාන්තාව එක්‌කළ තරගයට එන්නේ තලත්තෑනි කාන්තාවක්‌ කියලනේ කීවේ. දැන් ඇවිල්ල ඉන්නේ ගාමිණී දිසානායක මහත්තයනේ". මද වේලාවක්‌ නිහඩව සිටි මානවසිංහ මහතා,

"දයා ඉලෙක්‌ෂන් එකට තව කල් තියෙනවනේ. අපි බලා ඉදිමු මොකද වෙන්නේ කියල". මානවසිංහ මහතා කීවේය.

සති කීපයකට පසු එක්‌තරා උදෑසනක මාධ්‍ය ඔස්‌සේ මුළු රටම කම්පා කරමින් ප්‍රකාශ වූ පුවතින් කියෑවුණේ ජනාධිපති අපේක්‌ෂක ගාමිණී දිසානායක මහතා ඇතුළු පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක්‌ම තොටළග ත්‍රස්‌තවාදීන් විසින් අටවන ලද බෝම්බයකට හසුවී දිවංගත වූ බවයි. පසුව එක්‌සත් ජාතික පක්‌ෂය විසින් නව ජනාධිපති අපේක්‌ෂිකාව ලෙස දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිද වූ ශ්‍රීමති දිසානායක මැතිනිය නම් කරන ලදි.

අභිධජ මහා රට්‌ඨ ගුරු අග්ග මහා පණ්‌ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් වහන්සේ විසින් පවසන ලද බොහෝ දේ මේ වනවිටත් සැබෑ වෙමින් පවතී. මෙවැනි පොත් ලිවීමට මට කිසිදු අදහසක්‌ නොතිබිණ. එහෙත් මගේ මිතුරන් සහ පවුලේ අයගේ දිරි ගැන්වීම නිසාම මෙම පොත ඔබ අතට පත් කිරීමට මට භාග්‍යය ලැබිණ.

මෙහි සඳහන් බොහෝ කරුණු මා පමණක්‌ දැන සිටි හෙයින් එම කරුණු බෞද්ධ ජනතාවට දැනගත හැකිවන සේ ලියන ලෙස කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම පොත ඔබ අතට පත් වූ බව නැවතත් සදහන් කරනු කැමැත්තෙමි.

පොත් ලිවීමේ අපේක්‌ෂාවක්‌, අභිලාෂයක්‌,මා තුළ නොතිබුණි. එහෙයින් ඡායාරූප, සටහන් ආදිය එක්‌රැස්‌ කර ගනිමින් වඩා විස්‌තරාත්මක දින වකවානු සහිතව පොතක්‌ ඔබ වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වීම ගැන මම කනගාටුවෙමි. මගේ අභිප්‍රාය වූයේ නාඩි වාක්‍ය පිළිබද වීඩියෝ චිත්‍රපටියක්‌ නිපදවීම බැවින් එහි හඩපටය සමඟ රූප ද තිබෙන නිසා විශේෂ සටහන් තබා නොගත්තෙමි. අත්‍යවශ්‍ය අවස්‌ථා වලදී තබාගත් කෙටි සටහන් පමණක්‌ ඇසුරෙන් මෙම පොත පළකරවන ලද බව පාඨක ඔබගේ දැනගැනීම සදහා මෙසේ සටහන් කර තබමි.

අවසාන වශයෙන් කිවයුතු වන්නේ අභිධජ මහා රට්‌ඨගුරු අග්ග මහා පණ්‌ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් වහන්සේ සමාන්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්‌ පමණක්‌ නොව විශ්වයේ මහා බලසම්පන්න මාස්‌ටර්වරුන්ගේ පමණක්‌ නොව ඝෘෂිවරුන්ගේ ද නමස්‌කාරයට පාත්‍ර වූ මතු බුද්ධත්වයට පත්වීමට පෙරුම් පුරණ බෝධි සත්වයාණන් වහන්සේ නමක්‌ බවයි.

මතු බුදුවන අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ එම උදාර ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවායි පිංකම් කර පිං අනුමෝදන් කරන සෑම අවස්‌ථාවකම අපේ බෞද්ධ ජනතාව උන්වහන්සේටද පිං අනුමෝදන් කිරීම මහත් පිංකමක්‌ නොවන්නේද?

නාඩි වාක්‍ය පිළිබද විද්වත් මතය - (ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතාගේ අදහස)

නාඩි වාක්‍යය පිළිබදව ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතාගේ අදහස්‌ දැනගැනීම සදහා වේලාවක්‌ ලබාගැනීමට ඒ මහතාගේ කාර්යාලයට මම දුරකථයෙන් කතා කළෙමි. ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා දිනයක්‌ හා වේලාවක්‌ දුන් අතර නියමිත දිනයට පැමිණෙන ලෙස ඒ මහතා කාරුණිකව මගෙන් ඉල්ලා සිටියේය. නියමිත දිනයට, නියමිත වේලාවට, ගියමුත් ඒ මහතා පැමිණීමට සුඵ ප්‍රමාදයක්‌ ඇතිවන බව දන්වා ඇති හෙයින් කාර්යාලයට වී සිටින ලෙස ඒ මහතාගේ ලේකම්වරයෙක්‌ මට දැන්වීය.

ඒ අනුව ආතර් සී. ක්‌ලාක්‌ මහතාගේ කාර්යාලයේ රැදී සිටින අතරතුර එතුමාගේ කාර්යාලය මගේ නිරීක්‌ෂණයට ලක්‌විය. පොත් පත්වලින් පිරුණු අල්මාරි හා කොම්පියුටරයකින් කාර්යාලය සමන්විත වූ අතර මා දුටු එකම ආගමික ශාස්‌තෘවරයකුගේ රූපයක්‌ වශයෙන් දුටුවේ අල්මාරියක්‌ මත නිතර ඇස ගැටෙන මානයේ තබා තිබූ ගාන්ධර්ව කලාවට අනුව නිර්මිත ගෞතම බුදුන් වහන්සේගේ උඩුකයේ පිළිමයක්‌ පමණකි.

ටික වේලාවකින් ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා පැමිණි අතර ප්‍රමාද වීම පිළිබදව ඒ මහතා පළමුව කනගාටුව පළ කළේය.

මා නාඩි වාක්‍යය පිළිබදවත්, ඒ පිළිබදව මේ දක්‌වා කර ඇති විමර්ශනත්, අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් සමඟ කරන ලද සාකච්ඡාවන් පිළිබද විස්‌තර ද එම සාකච්ඡාවන් වීඩියෝගත කර ඇති බව ද පැවසීමි.

මගේ කතාවට සාවධානව සවන් දුන් ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා කළ ප්‍රකාශයයි මේ

"පළමුවෙන් මෙම විෂය පිළිබදච මා දැනුවත් කිරීම ගැන මම ඔබට ස්‌තුතිවන්ත වෙනවා. ජ්‍යෙdතිෂ්‍ය ගැන මම කියවලා, අසා, තිබෙනවා. ඒත් ජ්‍යෙdතිෂ්‍යයේ මෙබදු අංශයක්‌ ඇති බව මම දැනගෙන සිටියේ නෑ. මට මේ ආරංචිය දීම පිළිබදව මම නැවතත් ඔබට ස්‌තුතිවන්ත වෙනවා. ඒත් මේ අවස්‌ථාවේ ඔබට උදව් කිරීමට මට ක්‍රමයක්‌ නැහැ. ඒ ගැන මට කනගාටුයි. හේතුව මම මේ දිනවල කාර්ය බහුලයි. නාසා ආයතනය විසින් මෑතදී සොයාගන්නා ලද (1992) අලුත් ග්‍රහලෝකයක පස්‌ පිළිබදව පරීක්‌ෂා කරල මාස දෙකක්‌ ඇතුළත වාර්තාවක්‌ සපයන්න කියල විස්‌තර එවල තියෙනවා.

ඒ ගැන මම දිවා රාත්‍රි වැඩ කරනවා. ඔබේ ඉල්ලීමට පැය කීපයක්‌ මිඩංගු කිරීමටවත් වේලාවක්‌ ලබාදීමට නොහැකි වීම ගැන මම නැවතත් ඔබෙන් සමාව ඉල්ලනවා".

"ඒත් ඔබ විස්‌තර කළ කරුණු ආශ්‍රයෙන් මම අදහස්‌ කීපයක්‌ කියන්න කැමතියි. පළමුවෙන් මා පිළිබදව මගේ පවුලේ තොරතුරු ආදිය ගැන විස්‌තර නාඩි වාක්‍ය තුළින් කියෑවෙනවා කියලා ඔබ කීවා. ඔබ දන්නවා මා පිළිබදව බෙහෝ රටවල විවිධ භාෂාවලින් පත පොත ලියෑවිලා තියෙනවා. එමනිසා ඕනෑම කෙනකුට මා ගැන තොරතුරු සොයල විස්‌තර කියන්න පුළුවන් කියල සාධාරණ සැකයක්‌ මා තුළ තියෙනවා".

"ඊළග කරුණ තමයි ලෝකයේ බොහෝ දෙනකුගේ විස්‌තර සටහන් වෙලා තියෙනවා නම්, ඒ සදහා විශාල පුස්‌තකාල පද්ධතියක්‌ අවශ්‍ය වෙනවා. එවැනි පුස්‌තකාල පද්ධතියක්‌ තියෙනවද කියලා මම දන්නෙ නෑ. මම මේ කීවේ ඔබ කීව කරුණු පදනම් කරගෙන".

කරුණු දැක්‌වීම පිළිබදවත්, මට මෙම සාකච්ඡාව ලබාදීම පිළිබදවත්, ස්‌තුතිය පළ කළ මා එතුමා පළ කළ අදහස්‌වලට ප්‍රති උත්තර සැපයීම සදහා තවත් කෙටි කාලයක්‌ ලබාදිය හැකි දැයි විමසීමි. ඒ සදහා බොහෝ සේ කැමති වන බව පැවසූ ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා මගේ අදහස්‌ දක්‌වන ලෙස කාරුණික ඉල්ලීමක්‌ ද කළේය.

"ඒ අනුව නාඩි වාක්‍යය කියෑවීමට කාලයක්‌ නොමැති වීම සහ දෙවනුව දැක්‌වූ කරුණ වූ ඔබතුමා පිළිබදව පළ වී ඇති පොතපත ආශ්‍රයෙන් කරුණු දැනගත හැකි බවට ඔබතුමා දරන මතය සාධාරණ බව ද පැවසීමි. එහෙත් තුන්වැනි කරුණ පිළිබද ඔබගේ අවධානය පිළිබදව මා දරන මතය පළකිරීමට කැමැත්තෙමි. එනම් ලෝක පූජිත විද්‍යාඥයන් තම කරුණු පැහැදිලි කිරීමට යොදාගත්තේ අකුරු කීපයක කේතයක්‌ බවත්, ඒ කුඩා කේතය විග්‍රහ කිරීමට විශාල පොත්පත් සම්භාරයක්‌ ලියෑවී ඇති බව ද උදාහරණයක්‌ වශයෙන් අයින්ස්‌ටයින් වැනි මහා ගණිතඥයන් තම සමීකරණ සදහා යෙදාගෙන ඇත්තේ ඉතා කුඩා කේත ක්‍රමයක්‌ වන අතර එම කේත විශ්ලේෂණය සදහා දීර්ඝ සටහන් ලියා දැක්‌වීම පිළිබදවත් මම කරුණු පැහැදිලි කළෙමි.

බදුල්ලේ මෛත්‍රී රත්නායක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook