Featured News

Video Gossip

Advertisement

ලන්ඩන් නුවරදී
"අවර් නේෂන් තමිල් ඊළාම් 

- අවර් ලීඩර් ප්‍රභාකරන්" කියපු අයට
බෙල්ල කට් පෙන්නූ බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම්


බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


70 වැනි නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවයක් පැවැත්වෙන අතරතුර එය ඉදිරිපිටට රැස්වූ කොටි හිතවාදී ඩයස්පෝරා සාමාජිකයින් "අවර් නේෂන් තමිල් ඊළාම් -අවර් ලීඩර් ප්‍රභාකරන්" ආදී ලෙස වියරුවෙන් කෑගසමින් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.


මෙම අවස්ථාවේ ඒ දෙස බලා සිටි පිරිස අතර මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාද සිටි අතර ඔහු ඔවුනට ප්‍රතිචාර ලෙස
‘බෙල්ල කපාගන්න තමයි‘ ආකාරය හඟවන පරිදි සංඥාවක් නිකුත් කළේය. එය අවස්ථා තුනකදී පමණ කර තිබුණි. එය දැක්වෙන වීඩියෝ පටය මේ වනවිට සමාජ මාධ්‍යවල පැතිරී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවී පරීක්ෂණ නිමවනතුරු මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවන්නැයි දැනුම් දී ඇතැයි වාර්තාවේ.


විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.


“ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) ආක්‍රමණශීලි ආකාරයකින් හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.

මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය වෙත අද දින එනම් 2018 පෙබරවාරි 06 වැනි දින උපදෙස් යවා තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇත”.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements