Featured News

Video Gossip

Advertisement

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු
යළිත් සේවයට

ඉකුත්දා ලන්ඩන් නුවරදී, එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා විදේශ කටයුතු අමාත්‍යාංශට නියෝග කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර ඔහුට අහිමි වූ එම තනතුර නැවත ලබා ගැනීම සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කර ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.


අප මේ පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගෙන් කළ විමසීමකදී සඳහන් කලේ අදාළ සිද්ධියෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සියලු වගකීම් ඉවත්කර ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බවයි .

පසුව ජනපතිගේ විශේෂ මැදිහත්වීම යටතේ ඔහුගෙන් ඉවත්කළ වගකීම් නැවත ඔහු වෙත පවරා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවන ලෙස ජනපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශට නියෝග කිරීමට කටයුතු කළ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements