Featured News

Video Gossip

Advertisement

මට හමුවුණ හොඳම කෙනා
ඔයා ගයාත්‍රි නයනාට 
අමුතු කතාවක් කියයි

ගයාත්‍රි – නයනා කියන්නේ කලා ලෝකේ ජනප්‍රිය තරු දෙකක්. ඒ වගේම දෙන්නම හොඳ යාළුවෝ. ඉතින් නයනා කුමාරි, ගයාත්‍රිට මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි බලමු ගයාත්‍රි කොහොමද නයනා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කියලා.

කොහොමද ජීවිතේ දකින්නේ?
අපේ කැමැත්තකින් තොරව අහම්බෙන් ලැබුණු දෙයක් තමයි ජීවිතය කියන්නේ. ජීවිතේ ‍ලේසි නෑ. මහත් වූ වෑයමක් දරලා අනෙකාගේ සහායෙන් අපි විසින්මයි ජීවිතේ සුබවාදී කරගත යුත්තේ.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි ලබාගන්න බැරිවුණු දේවල් මොනවාද?
ලබාදුන්නු තරමටම මට නොලැබුණු එකම දේ ආදරය. ආදරේ තමයි මගේ ජීවිතේ එකම නොලැබිම.

ජීවිතෙන් අයින් කළ යුතුයි කියලා හිතන්නේ මොනවාද?
ඕනවටත් වඩා අනෙකාට ආදරය කිරීම සහ මම ආදරය කරන තරමටම මටත් ආදරේ ලැබෙයි කියන බලා‍පොරොත්තුව තමයි ජීවිතෙන් මට අයින් කරගත යුත්තේ.

ලබන ආත්මේ කවුරු වෙන්නද ඕන?
මේ දැන් ඉන්නවට වඩා හිත ශක්තිමත් මමම විදිහට උපදින්නයි මට ඕන. හැබැයි මට තනියම ලබන ආත්මයක් ගැන හිතන්න බෑ. මේ මගේ දරුවො දෙන්නත් මට අවශ්‍යයි.

කලාවෙන් ආපු දුර හා තව යන්න තියෙන දුර ගැන මොකද හිතෙන්නේ?
කලාව දේවත්වයෙන් සලකන මට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර, ඇගයීම් ලැබුණා. කලාවේ මට තියෙන ලොකුම සහ එකම හීනය ඉදිරියේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමයි.

රූපලාවණ්‍යයෙන් මේ ආපු දුර ගැන මොකද හිතෙන්නේ?
මට මගේ දැනුමෙන් ලංකාව විතරක් ‍නෙවෙයි ලෝකෙත් තැනකට එන්න හැකියාව ලැබුණා. ඉතින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මගේ ගමන ගැන මට උපරිම සතුටු වෙන්න පුළුවන්.

රූපලාවණ්‍යයෙන් ඉදිරියෙන්ම සිටින ඔබ තව කෙනෙකුට කොහොමද ඒ දැනුම ලබාදෙන්නේ?
මමත්, නයනත් දෙන්නම එකතුවෙලා අපි දෙන්නාගෙම රූපලාවණ්‍ය දැනුම හැමෝටම ලබාදෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉදිරියේදී වර්ක් ෂොප් කිහිපයක්ම හරහා ඒ දැනුම සමාජගත කිරීමට අපි සූදානම්.

ලෝකයේ කැමතිම පුද්ගලයා කවුද?
මම මහත්මා ගාන්ධිතුමාගේ චරිතාපදානයට වඩාත් කැමැත්තක් දක්වනවා.

ජීවිතේ අවසාන කාලය කොහොම ගතකරන්නද බලා‍පොරොත්තුව?
කිසිම කෙනෙක් නොදන්නා සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මගේ දරුවෝ දෙන්නත් එක්ක ජීවිතේ අවසාන කාලය ගත කරන්නයි මම කැමති. සමහර විට ඒ මේ රටින් එපිට වෙන්නත් පුළුවන්.

මතෛක් ආපු ගමනේ හමුවුණු හොඳම පුද්ගලයා කවුද?
ඒ නම් අනිවාර්යයෙන්ම නයනා කුමාරි. ඇයම තමයි.

ඇයි එහෙම විශේෂ වෙන්න හේතුව?
සතුට වගේම දුකත් බෙදාගන්න හැමදාම මගේ ළඟින් හිටියේ ඇය. ජීවිතේ අමාරුම කාලවලදී පවා මාව අත නොහැර මට හයියක් වුණු මගේ හොඳම යෙහෙළිය තමයි නයනා.

නඳුනි ආරියවංශ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements