Featured News

Video Gossip

Advertisement

වන්නිල ඇත්තෝ, ධම්මාලෝක හිමි පැමිණි
සමන්තබද්‍ර හිමිගේ උපන්දින සාදය
(Photos)


පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර හිමියන් සිය 43 වන ජන්ම දිනය පසුගිය දා සමරා තිබුණා. ඒ වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් රැසක්ද සංවිධානය කර තිබුණා. ඒ උන්වහන්සේ වැඩ සිටින බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමහිදී.



සතියක කාලයක් පුරාවට සංවිධානය කර තිබූ මෙම පිංකම් මාලාවේදී සැදැහැවතුන්ගේ සෞභාග්‍ය උදෙසා ජය පිරිත් දේශනාවක්, මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝධි සත්වයන් වහන්සේගේ ආශීර්වාදය උදෙසා වූ මෛත්‍රී බෝසත් පූජාව, කිරි මව්වරුන් 200ක් සහ ළමුන් 50 දෙනෙකුන් සඳහා පුණ්‍යානුමෝදනා දේව දානය, සංසාර විමුක්තිය සොයා ආ තරුණ තරුණියන් සසුන්ගත කිරීම ඇතුලු පිංකම් රැසක් සිදුකර තිබෙනවා.


ඉතා උත්සවාකාරයෙන් සැමරූ සිරි සමන්තබද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අාශ්‍රමය ඉතා උත්සවාකාරයෙන් සරසා ඇති ආකාරයද දැක ගන්නට පුළුවන්ත එසේම එහිදී නිර්මාණය කල මොණරෙකුගේ ආකෘතිය සඳහා කප් කේක් දහසක් පමණ යොදා ගෙන ඇති අතර පිංකම් මාලාව තුල අධ්‍යාත්මික ගී දැහැන නමින් සංගීතමය වැඩසටහනක්ද පවත්වා තිබෙනවා. එසේම මෙම පිංකම සඳහා තිස්ස අත්තනායක මහතාද ඇතුළු ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම සහභාගී වී තිබීම විශේෂත්වයක්.


සිරි සමන්තබද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නය නියෝජනය කරමින් ශ්‍යාමෝපලික වංශික මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාදයෙන්, මල්වතු මහා විහාරිය අතිගරු දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන්, මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික ඓතිහාසික රිදී විහාර භාරකාර තැම්පත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යය දර්ශනපති ගෞරවාර්හ වැලිවිට සෝරත නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ කර්ම වාගාචාර්ය රඹුක්වැල්ලේ නන්දාරාම නායක මාහිමිපාණන් වහන්සේ, ඇතුළු ත්‍රයි නිකායික ස්වාමීන් වහන්සේලා 120 නමක් උදෙසා මහා සංඝගත දක්ෂිණාවක්ද පිළිගන්වා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements