Featured News

Video Gossip

Advertisement

මිලියනකට අධික මුදලක් වැයවුණු
දවස් 10ට ලක්ෂ 5ක් බලපු රුවන් 
සහ ෂෙරිල්ගේ නාරි හැඟුම්

ගීත ලෝලීන්ගේ ආදරය දිනාගත් ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය පහුගිය 18 වැනිදා එළි දැක්වුණා. ඒ ගැන විමසන්න අපි රුවන්ට කතා කළා. රුවන්ගෙන් ගීතය ගැන තොරතුරු විමසන අතරේ ඔහුගේ ආදරණීය බිරිඳ ෂෙරිල් එක්කත් කතා කරන්න අපි අමතක නොකළේ මේ දෙදෙනා කාලෙකින් රිද්ම කතා බහට එකතු නොවුණු නිසාමයි.

රුවන්, පහුගිය 18 වැනිදා අලුත් ගීතයක් එළිදැක්වූවා කියලා ආරංචියි?
ඔව්, මගේ අලුත්ම සිංදුව “නාරි හැඟුම්” රූප රචනයකුත් එක්ක එදා එළිදැක්වුණා. මේ ගීතය ලියුවේ රොෂාන් සමරවික්‍රම. සංගීතවත් කළේ කසුන් වෙලගම්මිල. සංගීත සංයෝජනය ලින් මුතුකුඩ. “තාල රූප” එකේ චමිල් පතිරණ තමයි වීඩියෝ එක හැදුවේ. එළිදක්වලා දවස් 10ක් ඇතුළත ලක්ෂ 5ක් ගීතය නරඹලා තිබුණා. මම අන්තිමට ගීතයක් කළේ මීට මාස 5කට විතර කලින්. ඒ, “ඇමැතුමක්” නමින්.


“නාරි හැඟුම්” රූගත කරන්න විදේශයට ගියේ ඇයි...?

මට ඕනෑ වුණා වෙනස් දෙයක් කරන්න. මගේ හිතවතෙක් වන කසුන් කාවිංග කුරුප්පුට මැ‍ලේසියාව සමග සම්බන්ධතා තියෙනවා. ඔහු මේ කටයුත්තට උදව් කළා. “ක්වාලාලම්පූර්” හා “ලංකාවී” කියන නගරවල දවස් තුනක් මෙය රූගත කළා. මගේ Music Video වලින් වැඩිම වියදමක් දරලා කරපු Video එක තමයි මේක. මිලියනකට අධික මුදලක් මේ සඳහා වැය වුණා.


රුවන් එක්ක කතා කරන අතරතුර අපි ෂෙරිල්වත් මේ කතාබහට එකතු කරගත්තා. 
“නාරි හැඟුම්” ගීත රූප රචනයේම රංගනයෙන් එකතු වන්නෙත් ෂෙරිල්.


දැන් ෂෙරිල් සැමියාගේ Music Video රඟපෑමට විතරක් සීමා වෙලාද?
එහෙම දෙයක් නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් විතරයි බාරගන්නේ. මොකද මගේ සැලෝන් එකේ වැඩත් තියෙනවානේ. ඒ හින්දා නිළියක් විදියට ගොඩාක් කාර්ය බහුල වෙන්න තරම් වෙලාවක් මට නැහැ.

මේ නිසා ටෙලි නාට්‍යවලිනුත් ෂෙරිල්ව ළඟදී දකින්නට ලැබුණේ නැහැ?
ඔව්, මම අන්තිමට රඟපෑවේ “මීදුමෙන් එහා” ටෙලි නාට්‍යයේ. ඒ 2016 වසරේදී.

ඒ කියන්නේ පහුගිය කාලය පුරාම හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණේම නැද්ද?
ආරාධනා නම් දැනටත් ලැබෙනවා. ඒත් මම මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ. තෝරා බේරාගෙන රඟපාන හින්දා හොඳ නිර්මාණය වෙන්න ඕනෑනේ. ඒ වගේ එකකට නම් මට තවම ආරාධනා ලැබුණේ නැහැ.

දැන් විවාහ වෙලාත් අවුරුදු කිහිපයක් ගතවී ගිහින් නේද?
ඔව් අපේ විවාහයට දැන් අවුරුදු පහක් වෙනවා.


රුවන් ෂෙරිල් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදද?

දෙවියන් වහන්සේ පුංචි අමුත්තෙකුව දෙන දවසක භාර ගන්න අපි තවම බලාගෙන ඉන්නවා.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements