Featured News

Video Gossip

Advertisement

ඔහු ඒ කාලේ රජෙක් වගේ ජීවත් වුණු කෙනෙක්
ඔය ප්‍රශ්නෙදි අයියයි මල්ලීයි ඉන්න මතයේම තමයි මමත් ඉන්නේ.
තාත්තාට හොඳ නම් අපට කමක් නෑ
වික්ටර්ගේ ආදරණීය දියණිය - මංජුලා රත්නායක

මංජුලා රත්නායක. මේ නමවත් රූපයවත් කාටවත් හුරු නැති වුණාට ඇය වික්ටර් රත්නායකගේ ආදරණීය දියණිය වනවා. ඉතින් ඇය මුල්වතාවට මාධ්‍යය සමග කතාබහක නිරත වෙලා තියෙනවා. මේ පුවත්පතක සඳහන් වූ ඇය කියූ තොරතුරුයි.

ආචාර්ය විකටර් රත්නායකගේ පුතුන් විදියට පමණක් නොවෙයි සංගීතඥයන් විදිහටත් ඔබෙි සොහොයුරන් දෙදෙනා රටේ ප්‍රසිද්ධයි. නමුත් ඔබ මේ පළමු වරට තමයි මාධ්‍ය ඉදිරියට ඇවිත් ඔබ ගැන කියන්නේ?

ඔව්. හුඟක් අය වික්ටර් රත්නායකගේ දුව විදිහට මාව අඳුරන්නේ නෑ තමයි. හැබැයි ක්ෂේත්‍රයේ අය නම් මාව හඳුනනවා. මොකද ඉස්සර ඉඳන්ම තාත්තාගේ ප්‍රසංගවලට ඔහුත් එක්ක මම සහභාගී වෙලා තියෙනවා.

ඒ ප්‍රසංගවලට ඔබ එකතු වුණේ ගායිකාවන් විදියටද එහෙමත් නැත්නම් තාත්තගේ තනි නොතනියටද?

මම ඒ ප්‍රසංගවලදී තාත්තාගේ ගීතවලට සමූහ ගායනයෙන් එක් වුණා.

තාත්තාගේ සංගීත කටයුතුත් එක්ක පොඩි කාලේ ගෙදර තිබුණේ මොන වගේ වටපිටාවක්ද?

තාත්තා ඉස්සර ගෙදර සංගීත පන්ති පැවැත්වූවා. තාත්තා පන්ති කරන වේලාවට අපි හතර දෙනාට කාමරයෙන් එළියට බහින්නවත් අම්මාට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙලාවට අපි ගෙදර නෑ වගෙයි පේන්නේ. තාත්තා එළියට ගියාම තමයි අපි කාමරෙන් එළියට ඇවිත් දඟලන්නේ.

ඔබ අදහස් කළේ තාත්තාගේ වැඩ කටයුතුවලට අම්මාගෙන් විශාල සහයෝගයක් ලැබුණා කියන එකද?

ඔව්.තාත්තා වෙනුවෙන් අම්මා ලොකු මෙහෙවරක් කළා. ඒ කාලේ හැම සතියකම වගේ “ස” ප්‍රසංග තිබුණ නිසා අපේ ගෙදර තිබුණේ බොහොම කාර්ය බහුල පරිසරයක්. අපේ ගෙදරට එන තාත්තාගේ යාළුවන්ට අම්මා තමයි තනිවම සංග්‍රහ කලේ.

තාත්තා ගායනා කළ ගීත පවා පොත්වල ලියැවුණේ අම්මගේ අත් අකුරින්. අපි හතර දෙනා අතර ලොකු වයස් පරතරයක් නොතිබුණු නිසා අම්මාට ඒ දවස්වල හුගක් මහන්සිවෙන්න සිද්ධ වුණා.

ඔබේ සොහොයුරන් දෙදෙනාට නම් සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑම තාත්තා තහනම් කළේ නැහැ නේද?

ඒ දෙන්නාටත් තාත්තා ලොකු අනුබලයක් දුන්නේ නැහැ. ඒත් තාත්තා පස්සේ ජයන්ත අයියාව ඔහුගේ ප්‍රසංග වලට එකතු කරගත්තා.

සංගීත පැත්තෙන් ඉදිරියට යන්න උනන්දු නොකළට පියකු විදියට ඔහු තමන්ගේ යුතුකම් කොටස ඉටු කරන්න ඇති?

ඔව්. තාත්තා අප වෙනුවෙන් යුතුකම් ඉටු නොකළා කියලා කියන්න බැහැ. අපි කසාද බැන්දාට පස්සේත් ඔහු අපි ගැන සොයා බැලුවා.

අම්මාගේ අභාවයෙන් දරුවන් ඔහු ගැන සොයා බැලුවේ නැහැ කියලා චෝදනාවක් ඔබේ පියාගේ පැත්තෙන් එල්ල වුණා. ඇත්තද ඒ කතාව?

අම්මාගේ අභාවයෙන් පස්සේ තාත්තාටත් අපි හතර දෙනා එක්කම ලොකු සම්බන්ධතාවක් තිබුණා. අපි ඔහුව සැලකුවේ නෑ කියනවා නම් ඒක බොරුවක්. අපි ගැන දන්නා අයනම් දන්නවා ඇත්ත. මොකක්ද ඇත්ත කියලා මෑතකදී ඇති වුණු ගැටලුවත් එක්ක තමයි අපේ සම්බන්ධතාවය දුරස් වෙලා ගියේ.

ආචාර්ය වික්ටර රත්නායකගේ දෙවැනි විවාහය ගැන මෑත කාලයේ විශාල වශයෙන් කතා බහට ලක් වුණා.ඔබේ සහෝදරයන් දෙදෙනාත් ඔබේ පියාව විවේචනය කරමින් මාධ්‍ය වෙත අදස් පළකර තිබුණා. දියණිය විදිහට ඔබ මේ කියන සිදුවීම දකින්නේ මොන විදිහටද?

ඔය ප්‍රශ්නෙදි අයියයි මල්ලීයි ඉන්න මතයේම තමයි මමත් ඉන්නේ. ඇත්තටම දැන් මම ඒක කතා කරන්නත් අකමැති මාතෘකාවක්. තාත්තාට හොඳ නම් අපට කමක් නෑ කියලා මම පැත්තකට වෙලා ඉන්නවා.

ආචාර්ය වික්ටර් රත්නායකයන් රටම ගරු කරන සංගීතඥයෙක්. මේ සිදුවීම නිසා ඔහුව විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඔබ අද තාත්තාව දකින්නේ මොන විදියටද?

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි. ඔහු ඒ කාලේ රජෙක් වගේ බොහොම ගාම්භිර බවකින් ජීවත් වුණු කෙනෙක්. ඔහු කවදාවත් ඔය විදිහට ජීවත් වෙන්න ඕනෑ කෙනෙක් නොවෙයි.

ඒ කාන්තාව කළේ කපටි කමක්. මට නම් හිතෙන්නේ මේක ඔහුට මොනවා හරි දීලා කරපු දෙයක් කියලයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements