Featured News

Video Gossip

Advertisement

පුෂ්පිකා අහිමි වූ දේවල් ගැන 
පසුතැවෙන්නේ නැතිලු

මට ලැබිච්ච දේවල්වලින් සතුටක් ලබනවා

පුෂ්පිකා කාලයක් නිහඬ වෙලා ඉඳලා ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?

ඔව්. මම අවුරුදු දෙකකට විතර පස්සේ තමයි වැඩ කරන්න පටන් ගත්තේ. වෙනසකටත් එක්ක මම ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා.

කාලයක් නිහඬ වෙලා හිටියට නිරූපණ ක්ෂේත්‍රයේ අයට පුෂ්පිකාව අමතක වෙලා නෑ වගේ..?

මම ආයෙත් වැඩ පටන් ගත්තේ Bride and groom show එකේ මයිකල් විජේසූරියට Model කරලා. ගොඩක් කාලයක් ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ නොවුණු නිසා සමහරුන්ට මාව අමතක වෙලා තිබුණා. මාව ආයේ ක්ෂේත්‍රයේ දකින්න ලැබුණට පස්සේ ගොඩක් අයට මාව මතක් වුණා. ආයෙත් ක්ෂේත්‍රයේ මාව දකින්න ලැබීම සතුටුයි කියලා තමයි ගොඩක් අය කිව්වේ.

පුතාගේ වැඩ කටයුතු එක්ක ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙන්න අපහසුවක් නැද්ද..?

බබාට දැන් අවුරුද්දක්. දැන් වගකීම් වැඩියි. මම වැඩ නොකරන වෙලාවට එයත් එක්කම තමයි ඉන්නේ. මගේ අක්කි, මගේ පවුලේ අය, මගේ යාළුවෝ උදවු කරන නිසා මට පුතාවත් බලාගෙන ක්ෂේත්‍රයේ වැඩවලටත් සම්බන්ධ වෙන්න පුළුවන්.

නිරූපණ ක්ෂේත්‍රයට නම් ආයෙත් පය තිබ්බා. රංගනයට එන්න පුෂ්පිකාගේ අදහසක් නැද්ද..?

මම රඟපාන්න දක්ෂ නැහැ. ඒ නිසා රංගනයට ලොකු ආසාවක් නැහැ. ඒත් අපිට ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැනේ. බලමු ඉදිරියට.

ජීවිතයට ලැබිච්ච හැම දෙයක්ම පුෂ්පිකා සතුටින් භාරගන්නවාද..?

මගේ ජීවිතේ මට ලැබුණු හොඳ දේවල් හෝ නරක දේවල් මම සතුටින් භාරගන්නවා. මට ලැබිච්ච දේවල්වලින් සතුටක් ලබනවා. ලැබෙන දේ හෝ නොලැබෙන දේ ගැන දෙවියන් වහන්සේ සැලැස්මක් හදලනේ තියෙන්නේ. ඉතිං මම ඒ ලැබෙන දේවල් සතුටින් භාරගන්නවා.

ජීවිතයට අහිමි වුණු නොලැබුණු දේවල් ගැන දුකක් නැද්ද..?

අහිමි වුණු දේවල් ගැන දුකක් ඇති වෙලා තියෙනවා. හැබැයි මම දෙයක් අහිමි වුණා, නොලැබුණා කියලා පසුතැවි තැවී, දුක්වෙවී ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ හැම දෙයක්ම වුණේ කොහොමද කියලා කල්පනා කරලා මගේ අනාගතය හදාගන්න ඒ අත්දැකීම් මම ශක්තියක් කරගන්නවා.

ඒ කියන්නේ පුෂ්පිකා අහිමිවීම්, නොලැබීම් හමුවේ වැටෙන කෙනෙක් නෙවෙයි..?

මම වැටෙන්නේ නැහැ. මගේ හිතට දුකක් දැනුණොත්, මගේ ජීවිතයට ප්‍රශ්නයක් ආවොත් මම ගොඩක් දුකට පත්වෙනවා. හැබැයි මම කාලයක් අරගෙන හිත හදාගෙන ආයෙත් ඒ වගේ වැරැදීම් ජීවිතයට නොවෙන තැනට වැඩ කරනවා.

තනියෙන් ජීවිතයට මුහුණ දෙන්න තරම් පුෂ්පිකා ශක්තිමත්ද..?

ඒ ශක්තිය මට උපරිම තියෙනවා. මට දෙයක් ගැන ගැටලුවක් ආවොත් මගේ හිතත් එක්ක කතා කරනවා. මගේ පවුලේ අයගෙන්, කිට්ටුම යාළුවන්ගෙන් අදහස් අහලා තමයි දැන් ජීවිතය ගැන තීරණ ගන්නේ. මම දැන් අනෙක් අයට ඕන දේවල් නෙවෙයි මගේ හිතට එකඟ දේ කරන්නේ.

පුෂ්පිකා ජීවිතේ මේතාක් ගත්තේ හොඳම තීරණ කියලා හිතනවද..?

මම ගත්ත තීරණවලින් සියයට අසූවක් විතර හරි තීරණ. ඉක්මන් වෙලා වැරැදි තීරණ ගත්ත අවස්ථාත් මගේ ජීවිතේ තියෙනවා.

ඉදිරියට ගන්න තීන්දු තීරණ වරදින එකක් නැද්ද..?

මට මේතාක් ලැබුණේ අත්දැකීම්. මම ඉගෙන ගත්ත පාඩම් එක්ක මගේ ඉදිරි අනාගතය හදාගන්න තමයි මම මහන්සි වෙන්නේ. ඉදිරියට වැරැදීම් වෙන්න ඉඩ තියන්නේ නෑ. මගේ ජීවිතයට හොඳක් හෝ නරකක් ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. මම කිසිම දෙයක් සෘණාත්මකව හිතන කෙනෙක් නෙවෙයි. මම හරි කැමැතියි අඩු වයසින් මට වරදින තරමට.

ඇයි ඒ..?

මොකද එතකොට මගේ කාලය ඉතුරුයි. ගොඩක් අත්දැකීම් ලබාගෙන මගේ අනාගතය හදාගන්න එතකොට මට කාලය ඉතිරි වෙනවා.

පුෂ්පිකා ජීවිතේ සීමා මායිම් දාගෙනද වැඩ කරන්නේ..?

මගේ සීමාවන් තියෙනවා. ඉස්සර වගේ මට හැමදේම කරන්න බෑ. මම අම්මා කෙනෙක්. ඒ නිසා මම මටත් වඩා මගේ දරුවගේ අනාගතය ගැන හිතලා තමයි වැඩ කරන්නේ.

සීමා මායිම් ඇතුළේ සමහර දේවල් මඟ හැරෙන්න පුළුවන්. දුකක් නැද්ද..?

මම ඉස්සරත් වැඩ කළේ සීමාවන් එක්ක. මම කරන්නේ මොනවද, නොකරන්නේ මොනවද කියලා ප්‍රතිපත්ති තිබ්බා. ඒ නිසා මට මඟහැරෙන දේවල් ගැන දුකක් නෑ. මගේ සීමාවන් ඇතුළේ එදා වගේම අදත් හෙටත් මම වැඩ කරනවා.

ආයෙත් නිවේදනයට එන්න අදහසක් නැද්ද..?

ආරාධනාවක් ලැබුණොත් මගේ රසිකයන් වෙනුවෙන් ඒ ආරාධනාව කැමැත්තෙන් භාර ගන්නවා.

මොනවද තව ඉදිරි සැලසුම්..?

දැන් මට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩවලට ආරාධනා ලැබෙනවා. ඒ වැඩ කටයුතු කරනවා වගේම තවත් හිතේ බලාපොරොත්තු කිහිපයක් තියෙනවා හැබෑ කරගන්න. ඒ වගේම මේ වෙනකල් මට ආදරය කරපු මාත් එක්ක හිටපු, නොහිටපු හැමෝටමත් මම ස්තුති කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements