Featured News

Video Gossip

Advertisement

පවුම් මිලියන10 ක මන්දිරයක්
දික්කසාද වන්දියට දුන්න
– මිස්ටර් බීන්

වචනයක්වත් කතා නොකර ලෝකයම හිනස්සවපු ‘මිස්ටර් බීන්‘ නැත්නම් රෝවන් ඇට්කින්සන්, තමන්ගේ ජීවිතේට හිනාව ගෙනෙන තීරණයක් අරගෙන. වසර තුනකට ආසන්න කාලයක් නොවිසෙ`දමින් තිබුණු ප‍්‍රශ්නයකට ලැබුණු විස`දුම මිස්ටර් බීන්ගේ ජීවිතේට ආයෙත් සැනසුම අරගෙන ඇවිත්. 1990 අවුරුද්දෙදී රෝවන් සෙබස්තියන් ඇට්කින්සන්, සුනේත‍්‍රා සාස්ත‍්‍රි තමන්ගේ ජීවන සහකාරිය කරගෙන තියෙන්නෙ 1980 අවුරුද්දෙ මුලින්ම හමුවෙලා ඇතිවුණු සබ`දකමත් එක්කයි. ඒ කාලයේ සුනේත‍්‍රා සාස්ත‍්‍රී බීබීසී ආයතනයේ වේෂ නිරූපණ ශිල්පිනියක් විදියට සේවය කරමින් සිට තිබෙනවා. පසුව මිස්ටර් බීන් ලෙස ලෝකය පුරාම අසීමිත ජනප‍්‍රියත්වයක් ලබපු රෝවන් ඇට්කින්සන් ජනප‍්‍රියත්වට නොදෙවෙනි ධනයක්ද මිස්ටර් බීන් උපයා ගත්තා. රෝවන් ඇට්කින්සන්-මිස්ටර් බීන්ට සමුදුන්නත් අද වන විට ඔහු බිලියනපති නළුවෙක්.

රෝවන් ඇට්කින්සන්ගේ බිලියනපතිකම ගැන ලෝකයා දැනගන්නේ 2014 අවුරුද්දෙදී ඔහු සහ ඔහුගේ බිරිද අතර ඇතිවුණ විරසකය නිසා. කාලයක් ආදරය කරලා විවාහ වුණත් අන්තිමේදි රෝවන් -සුනේත‍්‍රා වෙන්වෙන්නට ගත්ත තීරණය නිසා 2014 අවුරුද්දෙදි දෙදෙනා නීතිමය වශයෙන් වෙන්වීමකුත්, 2015 අවුරුද්දේ දික්කසාද වීමෙනුත් වෙන් වුණා. නමුත් මේ දෙන්නගේ වෙන්වීම තහවුරු නොවුණේ සුනේත‍්‍රා රෝවන්ගෙන් ලබාගන්නට බලාපොරොත්තු වුණු වන්දි මුදල නොලැබීම නිසා.

සුනේත‍්‍රා තමන්ට වන්දි මුදලක් ලැබිය යුතු බවට හේතුව විදියට කියලා තිබුණේ රෝවන් සතුව පවුම් මිලියන 100ක පමණ වත්කම් තිබීම. දික්කසාදය ගැන තීන්දුව 2015 අවුරුද්දේ ලැබුණත් මේ වන්දි නියම කිරීම ගැන වූ නඩුව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ විභාගවෙමින් පැවතුණා. පහුගිය සතියේ අවසන් වුණු වන්දි නඩුවෙන් තීන්දු වුණු විදියට ඇට්කින්සන්ට අයත් පවුම් මිලියන 10ක් වටිනා මන්දිරයක් හිටපු බිරිදගේ වන්දිය ලෙස ලබාදෙන්න ඔහුට සිදුවුණා. මේ වන්දි ගෙවීමත් එක්ක ඔහුට පරණ විවාහයෙන් නිදහස් වෙන්නට ලැබී තිබෙනවා වගේම ඔහුගේ අලූත් සබ`දතාවත් ඉන් සවිමත් වනවා.

රෝවන් තමන්ගේ පළමු විවාහය දෙදරා ගිය කාලයේම ඔහුගේ අලූත් පෙම්වතිය වූ ලූවිස් ෆෝඞ් ලෝකයට ප‍්‍රසිද්ධ කරවන්නත් පසුබට වුණේ නැහැ. ඒ විතරක් නොවෙයි රෝවන්ට වඩා වයසින් අවුරුදු 30කටත් අඩු ලූවිස් ෆෝඞ් 2016 අවුරුද්දෙදි රෝවන්ට තුන්වැනි වරටත් පියපදවිය ලබලා දෙද්දි රෝවන්ගෙ වයස අවුරුදු 62ක්. හිටපු බිරි`දට පවුම් මිලියන 10ක වන්දියක් ගෙවලා රෝවන් ඇට්කින්සන් තමන්ගේ ජීවිතයට ළං කරගත්තෙ මේ ලිවිස් ෆෝඞ්වයි. ඔවුන් තවමත් විවාහ වී නොමැති වුණත් මේ ආදරය නම් හරිම ආදරණීය බවයි ලෝකෙට පෙනෙන්ට තියෙන්නෙ.

නෙලූෂා සිල්වා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements