Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අවුරුදු 20ක් ප්‍රවෘත්ති කියවපු චේතනා
පොතක් එළියට දාන්න සූදානම් වෙනවලු

ඔබ එළිදැක්වීමට සූදානම් වෙන ‍පොතේ නම අහද්දී ඕනෑම කෙනෙකුට කුතුහලයක් ඇති වෙනවා. කාලයක් තිස්සේ ප්‍රවෘත්ති කියපු චේතනා තවත් කියන්නට ඉතුරු වෙලා තිබෙන නොකියූ ප්‍රවෘත්ති මොනවාද කියලා. ඇත්තටම මොනවාද මේ ඔබ නොකියූ ප්‍රවෘත්ති?

මම වසර 20ක කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළා. එයින් වසර 10ක් මම සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම නොකඩවා ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. මම දන්නා තරමින්, මීට කලින් අපේ රටේ කිසිදු ප්‍රවෘත්ති නිවේදිකාවකට ඒ තරම් දීර්ඝ කාලයක් එක දිගටම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා නැහැ. ඔය විදිහට දශක දෙකක කාලයක් ප්‍රවෘත්ති මැදිරියේ සේවය කරලා නිවේදිකාවක විදිහට වගේම ප්‍රවෘත්ති වාර්තාකාරිනියක ලෙසත් මම බොහෝ අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම් ගොනු කරමින් රචනා කළ කෘතියක් විදිහට තමයි නොකියූ ප්‍රවෘත්ති පාඨකයන් අතට පත් වෙන්නේ.

ඒ කියන්නේ දශක දෙකක් තිස්සේ ඔබ මුහුණ දීපු රසවත් සිදුවීම් බොහොමයක් මේ ‍පොතට ඇතුළත් වෙලා ඇති නේද?
ප්‍රවෘත්ති මැදිරියේ සේවය කළ කාලයේ මම අත් විඳපු විවිධාකාරයේ අපූරු සිදුවීම් පමණක් ‍නෙවෙයි, නිවේදන වෘත්තියට අලුතෙන් පිවිසෙන අයට අධ්‍යයනය කළ හැකි ආකාරයට උපදෙස් රාශියක් අන්තර්ගත කරලයි මම මේ ‍පොත රචනා කළේ. අනික මගේ පියාවත් මේ ‍පොත රචනා කරද්දී සිහිපත් නොකර බැරි වුණා. මොකද මගේ තාත්තා ‍‍‍ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් නිසා පුංචි කා‍ලේ ඉඳන්ම ප්‍රවෘත්ති වාර්තාකරණය ගැන අත්දැකීම් මට ගෙදරදීම ලැබුණා. ඒ නිසා මම තාත්තාගේ ඇසුරේ ගෙවපු ළමා කාලය ගැන තොරතුරුත් නොකියූ ප්‍රවෘත්ති කියවන අයට දැනගන්න පුළුවන්.

කොහොමටත් ලිවීම කියන්නේ ච්ෙතනාට අලුත් අත්දැකීමක් ‍නෙවෙයි නේද?
ඔව්, කවදා හරි පත්තර කලාවට එන්න බලා‍පොරොත්තුවක් මටත් ‍පොඩි කා‍ලේ ඉඳන්ම තිබුණා. ඒ වගේම චිත්‍ර ශිල්පිනියක් වෙන්නත් මම හිතාගෙන හිටියා. පාස‍ලේ පැවැත්වුණු වාණිජ දිනයකදී තමයි මම මුලින්ම ප්‍රවෘත්ති කිව්වේ. කාලයක් ගතවෙද්දී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මට දක්ෂතාවයක් තිබෙන බව මටම හැඟුණ නිසා තමයි පාසලෙන් ඉවත් වෙච්ච වහාම නිවේදන වෘත්තිය තෝරාගත්තේ. හැබැයි ලිවීමට කොච්චර දක්ෂතාවක් තිබුණත් මේක කොයි විදිහේ ‍පොතක් වෙන්න ඕනෑද කියලා කාලයක් තිස්සේ සැලසුම් කරමින් මම ‍පොත ලිව්වේ. ඒ නිසා මේ ‍පොත නිම කරන්න මට අවුරුදු 3-4ක කාලයක් ගතවුණා. අනික මීට මාස 3-4කට කලින් තමයි මම මේ විදිහේ ‍පොතක් ලියන බව අපේ ගෙදර අය පවා දැන ගත්තේ.

මෙච්චර කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට රටම හඳුනාගත් ච්ෙතනා දැන් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට දකින්නට නොලැබෙන්නේ ඇයි ?
මම මේ වෙනකොට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ නිපුණතා
කළමනාකරණ අධ්‍යක්ෂිකාව ලෙසයි සේවය කරන්නේ. මානව සම්පත් කළමනාකරණ අංශයට ඇතුළත් වූ නිසයි මට ප්‍රවෘත්ති නිවේදනයෙන් ඈත් වෙන්න සිද්ධ වුණේ.

ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ඔබට අලුත් පරපුරට කියන්නත් බොහෝ දේවල් ඇති?
ඇත්තෙන්ම ඔව්, අවුරුදු දහයක් සතියේ දවස් පහේම ප්‍රවෘත්ති කියලා ඊට පස්සේ දවස් තුනක් විතරක් රූපවාහිනියෙන් පේන්න ගත්තාමත් හුඟක් අය මගේත් අහන්න ගත්තා අනෙක් දවස්වල මම නැත්තේ ඇයි කියලා. නිවුස් කියලා කිව්වාම මගේ නම කියැවෙන්න තරම් ප්‍රතිරූපයක් හදාගන්න මම සෑහෙන කැපවීමෙන් වැඩකළා. ඒත් අද නිවේදන වෘත්තියට පිවිසෙන්න හුඟක් අය බලා‍පොරොත්තුවෙන් හිටියාට ඒ බොහෝ දෙනා එහි තිබෙන ජනප්‍රිය පැත්ත ගැන විතරයි හිතන්නේ. නමුත් කැපවීම නැතුව කවදාවත් මේ වෘත්තියෙන් ඉදිරියට යන්න බැහැ.

වෘත්තීය ජීවිතයේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක පවුල් ජීවිතයේ වැඩකටයුතු ඔබ කළමනාකරණය කර ගන්නේ කොහොමද?
ඒකනම් විශාල අභියෝගයක් තමයි. මොකද මට ඉන්නේ පුංචි දරුවෝ දෙන්නෙක්. මගේ සැමියා මාධ්‍ය
ක්‍ෂේත්‍රයට සම්බන්ධ නැහැ. නමුත් ඔහුගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා මගේ වැඩකටයුතුවලට.

කිෂාන් කනංකෙ  - ලක්බිම





gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook