Featured News

Video Gossip

Advertisement

රට පාලනය ෆේස්බුක් වලින් නම් ආණ්ඩුව හා නීතිය කුමටද?
වෙබ් මාධ්‍යෙව්දීන් ආණ්ඩුවෙන් අසයි
රට පාලනය කිරීම සිදුවන්නේ ෆේස්බුක්වලින් නම් ආණ්ඩුව හා නීතිය අවශ්‍යවන්නේ කුමටදැයි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික හා සමබිම වෙබ් අඩවියේ සංස්කාරක නීතීඥ ප්‍රබෝධ රත්නායක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ "මෙය මාධ්‍ය වාරණයක් - පැය 72ත් අවසන්” යන තේමාව යටතේ සාමාජ හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (13) පැවැති ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවේදීය.



ආණ්ඩුව එළියේ සිටින ජාතිවාදීන් ආරක්ෂා කරණ ගමන්, හැංගිලා ඉන්නවායැයි කියන ඡාතිවාදීන් හොයන්න තමයි ආණ්ඩුව මේ ෆේස්බුක් වාරණය කරගනිමින් උත්සාහ කරමින් සිටින්නේ යැයි ඔහු කියා සිටියේය.

ජාතිවාදය අවසන් කිරීමට නම් පළමුව කළයුත්තේ එළියේ සිටින ජාතිවාදීන්ට දඬුවම් කිරීම යැයි ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.






වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොළුකාරයට එක දවසයි - ෆ්‍රෙඩී ගමගේ

ඉකුත් ආණ්ඩුව වෙනස් කරමින් මේ ආණ්ඩුව හරහා අන්තර්ජාල මාධ්‍යයේ නිදහස තහවුරු කර ගැනීමට බලාපොරොත්තුවුවද, එය වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොළුකාරයා විසින් එක දවසකින් විනාශකළ ආකාරයට මේ ආණ්ඩුව එය විනාශකළ බව එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියා සිටියේය.

ආචාරධාර්මික සමාජ මාධ්‍ය කලාවක් උදෙසා FACE to facebook යන නමින් අද සිට මුහුණු පොතට මුහුණ දෙමු යන නව සටනට ද අවතීර්ණවන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ මහතා මෙසේද පැවසීය.

 

ෆේස්බුක් වාරණය ආණ්ඩුවේ අසාර්ථකත්වය වසා ගැනීමේ උපක්‍රමයක් - කැළුම් ශිවන්ත

ෆේස්බුක් පාලනය කරනු ලැබුවේ රජයේ අසාර්ථකත්වය වසා ගැනීමේ උපක්‍රමයකට බව ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත මහතා එම මාධ්‍යහමුවේදී පැවසීය.

ආණ්ඩුවේ ෆේස්බුක් ප්‍රචාරයට එක්කරගෙන සිටින පිරිස අසාර්ථක කණ්ඩායමක් බවත්, ඔවුන් පසුගිය කාලයේදී සිදු කළ කිසිවකින් ආණ්ඩුවට වාසි ලබාගත නොහැකි වූ බවත් ඔහු කියා සිටියේය.

එසේම මුහුණු පොතට අපි මුහුණදිය යුතු බවත්, ඉන් පැනයාම ප්‍රතිඵල විරහිත බවත්, දැන්වත් ඊට මුහුණදෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

විදේශ සේවා හා ඩිජිටල් යටිතල පහසුකම් ආමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අදාළ විෂය සම්බන්ධ දැනුම ගැන ප්‍රශ්නයක් ඇති බවත්, ඔහුගේ උපදේශයකයන්ද ඔහුට දී ඇති උපදෙස් ගැටලුකාරී බවත් ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් මෙසේද කීය.

 

දේශපාලකයන්ගේ ෆේස්බුක් අන්ලයික් කරමු - නුවන් හෙට්ටිආරච්චි 



විදේශගත ශ්‍රී ලාංකියන්ට කරන අසාධාරණයක් - කනිෂ්ක රාජකරුණා



නැවතත් මිනිස්සුන්ව රවට්ටන්න හදන්නේ - විමුක්ති දුෂාන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements