Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා තරග පාවා දුන්නාද?

මේ දිනවල ලෝකයේ වඩාත්ම පුවත් මවන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ඉන්දියානු පි‍ලේ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමිය. එයට හේතු වූයේ ඔහුගේ බිරිඳ වන හසින් ජහාන් විසින් ඔහුට එරෙහිව ඉන්දියානු ‍පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකි. ෂාමි තමාට ශාරීරික සහ මානසික වධහිංසා පැමිණ වූ බවටත්, ඔහු තවත් කාන්තාවන් ඇසුරු කරන බවටත් හසින් ජහාන් චෝදනා කරයි. එමෙන්ම ඔහු වරක් තමාට වස දී මරා දැමීමට උත්සාහ කළ බවද, ඔහුගේ වැඩිමල් සොහොයුරා තමා දූෂණය කිරීමට උත්සාහ කළ බවද ඇය තවදුරටත් පවසා සිටියි. එමෙන්ම ෂාමි ක්‍රිකට් තරග සඳහා විදේශයන්හි සංචාරය කරද්දී ලිංගික ශ්‍රමිකයන්ගේ ඇසුර ලබන බව ඇගේ තවත් චෝදනාවකි.

පසුගිය දිනවල මාධ්‍ය හරහා කරළියට පැමිණි මෙම චෝදනාවලට අමතරව දැන් ඇය තවත් චෝදනාවක් මොහමඩ් ෂාමිට එරෙහිව එල්ල කර තිබේ. එනම් ඔහු තරග පාවා දීමේ කටයුතුවලට පවා සම්බන්ධ බවට සැක කළ හැකි බවයි. මෙම පසුබිම තුළ ෂාමි මුහුණ දී සිටින තත්ත්වය වඩාත් බරපතළ වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. මෙහිදී ජහාන් චෝදනා කරන්නේ ෂාමි එංගලන්තයේ ජීවත් වන ව්‍යාපාරිකයෙකු විසින් අලිෂ්බා නැමැති පාකිස්තාන කාන්තාවක හරහා එවන ලද මුදල් වාගයක් ලබාගෙන ඇති බවටය. ඔහු මෙම මුදල් ලබාගෙන ඇත්තේ පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවැති තරගාවලියෙන් පසු පෙරළා ඉන්දියාව බලා එන අතර ඩුබායි හිදී බවද පැවැසේ. ෂාමි මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පවසන අන්දම සටහන්ව ඇතැයි කියන පටිගත කිරීමක්ද මේ වනවිට කරළියට පැමිණ ඇති බව වාර්තා වෙයි. දැන් මේ චෝදනා සම්බන්ධයෙන් ද ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. මේ පිළිබඳව සොයා බලා වාර්තාවක් සපයන ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලය එහි දූෂණ විරෝධී අංශයට දැනුම් දී ඇත.

මේ අතර ෂාමි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ‍පොලිස් කණ්ඩායම්ද දකුණු අප්‍රිකානු සංචාරයට අදාළව ෂාමිගේ ගමන් විස්තර පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වාර්තාවක් ඉල්ලා තිබිණි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට පෙරළා පැමිණෙද්දී ආවේ ක්‍රිකට් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමගම ද, නැතහොත් වෙනම ගුවන් යානයකද යන්න සම්බන්ධයෙන්ද ඔවුන් විමසා තිබිණි. ඔහු ඩුබායි බලා ගියා නම් ඒ ක්‍රිකට් කණ්ඩායමත් සමගද නැතිනම් වෙනමද යන්න පිළිබඳවද ඔවුන් විමසා තිබේ. ඩුබායිහිදී ඔහු නතර වී සිටි ස්ථාන ගැනද, කොයි තරම් කාලයක් එහි සිටියාද යන්න ගැනද විමසා ඇතැයි මාධ්‍ය අනාවරණය කර තිබිණි. එමෙන්ම ඔහු කටයුතු කර ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිර්දේශයන්ට අනුකූලවද යන්න සම්බන්ධයෙන් ද ‍පොලීසිය විමසීමක් කර තිබේ. දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර ෂාමි එරට කාන්තාවක් සමග ද ඇසුරක් පවත්වා ඇතැයි හසින් ජහාන් කලින් චෝදනා කර තිබිණි.

ෂාමි සමග විවාහය හසින් ජහාන්ගේ දවෛනි විවාහය බව පැවසේ. මේ අතර ඇයගේ පළමු සැමියා වන ෂීක් සයිෆ්දීන් ද පසුගිය දිනවල මෙම සිදුවීම් දාමය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. ඔහු මේ වනවිට වෙළෙඳසලක් පවත්වාගෙන යන බව සඳහන් වන අතර හසින් සහ ඔහු අතර දික්කසාදය සිදුව ඇත්තේ 2010 වසරේය. බොහෝ දෙනෙකු තම වෙළෙඳසැලට පැමිණ කලින් බිරිඳ සම්බන්ධ මෙම සිදුවීම් ගැන තමාගෙන් විමසන බවත්, එයින් තමා මහත් අපහසුතාවට පත්වන බවත් ඔහු පවසා තිබේ. තමා සමග සම්බන්ධයක් නැති කෙනෙකු ගැන කතා කිරීම තමාට හිරිහැරයක් බවද ඔහු පවසා ඇති අතර ඔවුන් මේ පවතින ගැටලු විසඳාගෙන නැවත එක්වනු ඇතැයි තමා බලා‍පොරොත්තු වන බවද සඳහන් කර තිබේ.
මෙම ආන්දෝලනාත්මක සිදුවීම් දාමය සම්බන්ධයෙන් වාර්තා වන තවත් අලුත් කාරණාවක් වන්නේ ෂාමි තමාට දුරකථන ඇමතුම් දෙමින් තර්ජනය කරන බවට ජහාන් කර ඇති ප්‍රකාශයයි. ඔහු විවිධ දුරකථන අංක ඔස්සේ කතා කරමින් තමාට නොයෙකුත් ආකාරයෙන් තර්ජනය කරන බව ඇය පවසයි. තමාට ආරක්ෂාවක් සපයන ලෙසද ඇය වරක් ‍පොලීසියෙන් ඉල්ලීමක් කර තිබිණි. මෙම ප්‍රශ්න නිසා තමාගේ ක්‍රිකට් ජීවිතයට බලපෑමක් එල්ල වී ඇති බව ෂාමි පැවැසූ බවත්, මෙය සාමකාමීව විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස තමාට බලපෑම් කළ බවත් ජහාන් කියා තිබේ. නමුත් තමා එවැනි විසඳුමකට එකඟ නැති බව පවසන ඇය කියා සිටින්නේ තමාට සාධාරණය ඉටුවන තුරු දිගටම සටන් කරන බවයි.

කිත්සිරි මල්වත්ත

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook