Featured News

Video Gossip

Advertisement

හෝලි සමයේ ලිංගික
හිංසනයට විරෝධය

හෝලි උත්සවයේ නාමයෙන් කෙරෙන හිංසාවන්ට එරෙහිව ඉන්දියාවේ නව දිල්ලි සරසවි ශිෂ්‍යාවෝ විරෝධය දක්වති. බීබීසී හි නිකිටා මන්ධානි (Nikita Mandhani) ඒ සම්බන්ධයෙන් අදාල ශිෂ්‍යාවන්ගෙන් අත්දැකීම් විමසන ලදී.

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශයන්හි වසන්ත සමයේ උදාව සැමරීමට විවිධ වර්ණ ගැන්වූ කුඩු සහ ජලය එකිනෙකා අතර විසිකිරීම සාම්ප්‍රදායික හෝලි උත්සවයේදී දක්නට ලැබේ. නමුත්, තමන්ගේ අත්දැකීම බොලිවුඩ් සිනමාවේ හෝ සංචාරක ආකර්ශනයෙහිලා පෙන්වන චමත්කාරත්වයෙන් ඔබ්බට ගිය තත්ත්වයක් බව සමහර කාන්තාවන්ගේ මතයවී ඇත.

"ඔබ වැඩිවියට පත්වීමත් සමගම හෝලි වර්ණවලට ඔබේ ශරීරය ගොදුරක් බවට පත්වන ආකාරය වටහා ගන්නට පුළුවන්" දිල්ලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ ගුර්මෙහර් කොර් (Gurmehar Kaur) පවසන්නීය.

ජලය පිරවූ බැලූන, මඩ හෝ බිත්තර ප්‍රහාරවලට ලක්වන බැවින් තමන් හෝලි උත්සව සමයේ විශ්වවිද්‍යාලය අවට මාර්ගවල ඇවිදීමට බියෙන් පසුවන බව ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් බීබීසී සමග පැවසූහ.

උත්සවයට දින කිහිපයකට පෙර අවිධා රහා (Avidha Raha) ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටියදී දියර පිරවූ බැලූනයක් ඇගේ පපුවේ වැදී පුපුරා ගියේය.

"එහි තිබුනේ කුමක්දැයි මම දන්නෙ නැහැ. එය ඇලෙන සුලුයි. ඒ වගේම ගඳයි. මට ඇතිවුනේ හරිම පිළිකුලක්" ඇය පැවසුවාය.

"ශුක්‍රාණු පිරවූ" බැලූන වලින් ශිෂ්‍යාවන් බැටකෑ ආකාරය පිළිබඳ කතා ඇසූ විට තමන්ගේ ඇඳුම (T-shirt) දින දෙකක් වතුරේ පොඟවා තැබූ බව ඇය පැවසුවාය.

පෙබරවාරි 27 වෙනිදා ඉන්ස්ටග්‍රැම් පණිවුඩයක් නිකුත් කළ තවත් ශිෂ්‍යාවක වූ ටොලිනො චිෂී (Tolino Chishi), කෙනෙක් "ශුක්‍රාණු පිරවූ" බැලුමක් තමන් වෙත විසි කළ බව කියන්නීය. එම පුවත ඉතා වේගයෙන් හුවමාරුවූ අතර, දිල්ලි විශ්ව විද්‍යාලය අවට හිරිහැරයන්ට එරෙහි විරෝධතා ව්‍යාපාර කිහිපයක් ඇතිවීමට ද එය හේතුවිය.

එම බැලූන ශුක්‍රාණු සහිත බව දැනගත් ආකාරය අපැහැදිළි නමුත්, වර්ණගැන්වූ දියර සහිත බැලූන ප්‍රහාරවලට කාන්තාවන් ලක්වීම අලුත් සිදුවීමක් නොවේ.

"විරෝධතාවෙන් පසුව නැවත ගෙදර යමින් සිටියදී මම ජලය පිරවූ බැලූන ප්‍රහාරයකට ලක්වුනා" රාජිනී සමාරා (Raginee Samarah) පවසන්නීය. "බයිසිකලයක සිටි ළමයි දෙන්නෙක් ඒක විසි කරලා වේගයෙන් ගියා"

මේ කිසිවක් දිල්ලි නගරයට සීමාවී නැත. හෝලි උත්සව සමයේදී උතුරු ඉන්දියානු කාන්තාවන් නිවෙස් තුළ පවා සිටින්නේ සිත් තැවුලෙනි. විශේෂයෙන් ම ආගන්තුක පිරිමි, වර්ණ තැවරීමට හෝ දියර විසි කිරීමට මෙම දිනය නිදහසට හේතුවක් ලෙස නිරන්තරයෙන් භාවිත කරති. හෝලි උත්සව දිනයේ කංසා වලින් සාදාගන්නා බීමකින් මත්වූ සමහර පුද්ගලයන්ගේ හිරිහැරවලට කාන්තාවන් හසුවීමේ අවකාශ ද වැඩිකරයි.


"පවුලේ අය සහ මිතුරන් සමග හෝලි උත්සවය සැමරීම සතුටක්"

තමන්ගේ පවුලේ අය සහ මිතුරන් සමග හෝලි උත්සවය සැමරීමෙන් තමන් විනෝදවන බව පවසන කාන්තාවෝ එය සතුටින් වැළඳ ගන්නා බව බීබීසී සමග පවසති. නමුත් හෝලි නාමයෙන් කෙරෙන ඇතැම් හැසිරීම් පිළිගත නොහැකි මට්ටමක පවතින බව ඔවූහු පෙන්වා දෙති.

"කෙනෙක්ගේ කැමැත්ත නැතිව, නොදන්නා කෙනෙක් වෙත ඕනෑම දෙයක් විසි කරන්න කෙනෙකුට බැහැ. එහෙම කරලා 'වැරදියට හිතන්නෙපා, මේ හෝලි' කියලා කියනවා" අවිධා රහා කියන්නීය.

අවිධා සහ තවත් කිහිප දෙනෙක්, සතියකට වඩා කාලයක් ගැහැණු ළමයින් වෙත දියර පිරවූ බැලූන විසි කිරීම පිළිබඳව පුද්ගලයන් කිහිප දෙනෙක්ට එරෙහිව පොලීසියට පැමිණිළි කර ඇත. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලය අවට මුර සංචාර යෙදීමට ඉන්දීය පොලීසිය කටයුතු කරතිබේ.

"සංස්කෘතියේ නාමයෙන් කෙරෙන ලිංගික හිංසන පැතිර යමින් තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා" ආදි ශිෂ්‍යාවකවූ අවන්තිකා තෙවාරි (Avantika Tewari) පවසන්නීය.

"මණ්ඩපයෙ ආරක්ෂාව වැඩිකරන්නැයි ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ආයතනය කරන්නේ තවත් රෙගුලාසි පැනවීමයි " ඇය වැඩිදුරටත් කියා සිටින්නීය.

පිරිමි සහ කාන්තා නේවාසිකාගාරවලට ඇතුළුවීමේ අවසන් වේලාව පිළිබඳ සීමා සම්බන්ධයෙන් ඈ ඇතුළු කණඩායමක් විරෝධතාව ප්‍රකාශ කළහ. ඔවුන්ගේ මතයවී තිබෙන්නේ 'කාන්තාවන්ගේ ආරක්ෂාව' සඳහා යැයි පවසමින්, එවැනි සීමා පැනවීම දෝෂ සහගත බවය.

"හෝලි සමයේදී හිංසා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් පවතිනවා"යැයි දිල්ලි විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක මෙන්ම වර්තමානයේ එහි සමාජ විද්‍යා මහාචාර්යවරියකවන ජානකී ඒබ්‍රහම් (Janaki Abraham) පවසන්නීය.

ඇයගේ ද දායකත්වය ඇතිව දිල්ලි විශ්වවිද්‍යාලයේ 'ලිංග භේද අධ්‍යයන' කණ්ඩායමක්, 1996 දී නිකුත් කළ වාර්තාවකින් පෙන්වාදී තිබුනේ, ලිංගික හිරිහැර පිළිබඳ සිදුවීම් 'හෝලි සමයේදී' උච්ඡස්ථානයකට පැමිණෙන බවය. මණ්ඩපයේ සිටි කාන්තාවන්ගෙන් 60.5% ක් ම, එම වසරේ හෝලි සමයේදී සිදුවූ හිංසා පිළිබඳ පැමිණිළි කර තිබිණි.

(බීබීසී සංදේශය)

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements