Featured News

Video Gossip

Advertisement

සිරස හැර ගිය තනූජාගේ
රහස එලියට
නාරද සමග කරළියට

තනුජා සිරස හැර ගිය වෙලාවේ හැමෝම ඇගෙන් විමසුවේ ඊළඟට මොකක්ද කරන්න යන්නේ කියලයි.


අපිත් ඒ ගැන විමසූ අවස්ථාවක ළඟදීම ඒ සියල්ල හෙළි කරන්නම් කියලා තනුජා අපිට පිළිතුරු දුන්නා.

අද අපි යළිත් තනුජාව අතරට එකතු කරගත්තේ එදා නොකී රහස ගැන දැන ගන්නයි.

තනුජා එදා අපිට වසන් කළ රහස අද රටටම හෙළි වෙලා. තනුජා ආයෙමත් නාරදත් එක්ක එකතුවෙලා? 
ඔව්. නාරදයි මමයි එකතුවෙලා ආයෙම ‍ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. “Life Changers” තමයි ‍ප්‍රෝග්‍රෑම් එක. පහුගියදා ඒක ජනගත කරද්දී අදාළ අනුග්‍රහක සමාගම විසින් සියලුම නාලිකාවල එකම වෙලාවක වැඩසටහන විකාශය කළා.



Life Changers කියන්නේ මොන වගේ වැඩසටහනක්ද? 
එකට යන චරිත දෙකක් කරන වැඩසටහනකින් සමාජය තුළ කතා බහක් ඇතිවෙන්න, සමාජයට බලපෑමක් ඇතිවන්න පුළුවන්. උදාහරණයක් විදියට නාරදගෙයි මගෙයි සුසංයෝගය මේ රටේ විනෝදාත්මක රූපවාහිනී වැඩසටහන්වල වෙනසක් කළ බව හැමෝම පිළිගන්නවා.

අන්න ඒ වගේ චරිත ගෙන්නලා කරන වැඩසටහනක් තමයි මේ. භාතිය, සන්තුෂ්, සනත්, කළු වැනි අය ඉදිරියේදී මේ වැඩසටහනට එකතුවේවි.

නාරද – තනුජා රූපවාහිනිය තුළටම එකට බැඳුණු නම් දෙකක්. කොයි තරම් කාලෙකට පස්සෙද දුරස්වෙලා හිටි දෙදෙනා ආයෙම එකතුවුණේ? 
1997දී තමයි සිරස “රස රිසි ගී” පටන් ගත්තේ.2007දී තමයි අපි දෙන්නා අන්තිමට ‍ප්‍රෝග්‍රෑම් එකක් කළේ.

ඉන් පසුව නාරද වෙනත් නාලිකාවකට ගියා. නාලිකා දෙකකදී අපි දෙන්නට එකට ‍ප්‍රෝග්‍රෑම් කරන්න බැහැනේ. ඒ වුණත් පෞද්ගලික ජීවිතේ නම් යාළුකම ඒ විදියටම තිබුණා. කොහොම හරි ආයෙම වසර 10කට විතර පස්සේ අපි ආයෙම එකතු වුණා.

තනුජා සිරසින් ඉවත් වන විට පැවැසුවේ අලුත් වෙනසක් අවශ්‍ය හින්දා ඒ තීරණය ගත් බවයි. ඒ වෙනස Life Changers ද? 
ඒ වෙනස නිදහස් මාධ්‍යවේදියෙක් විදියට රැඳී සිටීම. පහුගිය කා‍ලේ මම ගොඩාක් හෙම්බත් වුණා. දැන් මම නිදහස්.

ඒ නිසා දැන් ඉන්නේ හරිම සැහැල්ලුවෙන්. කිසිම මාධ්‍ය ආයතනයකට බැඳිලා නැහැ. නිදහසේ ඉඳගෙන විවිධ වැඩසටහන් කරනවා. ඒ එක් එක් වැඩසටහන් වෙනත් නාලිකා කිහිපයක විකාශය වේවි.

මොනවාද ඒ වැඩසටහන්? 
එකක් මුලින් සඳහන් කළ වැඩසටහන. ඊට අමතරව නාරදයි මමයි එකතුවෙලා සංගීත වැඩසටහනකුත් කරනවා. එය රස රිසි ගී වගේ. හැබැයි අද දවසට ගැළපෙන විදියටයි හදලා තියෙන්නේ. දේශපාලනික වැඩසටහනකුත් තියෙනවා. එය ඉදිරියේ දැකගන්නට පුළුවන් වේවි. එය මම තනිවම කරන වැඩසටහනක්.

මාධ්‍ය ජීවිතයේ විවිධ වෙනස්කම් සිදුවනවා. පෞද්ගලික ජීවිතය කවදාද වෙනසකට බඳුන්වෙන්නේ. හැමදාම තනිකඩව ඉන්නද කල්පනාව? 
විවාහය කියන්නේ ලොකු කැප කිරීමක් කළ යුතු දෙයක්. මම හිතන්නේ නැහැ මේ ගෙවන ජීවිතයත් එක්ක මට බිරිඳක් විදියට කළ යුතු කැප කිරීම් කළ හැකි වේවි කියලා.

එය සියයට සියයක් වටහාගත් කෙනෙක් ලැබුණොත් මම විවාහ වේවි. නැතිනම් මේ තනිකඩ ජීවිතය තුළම හැමදාම ඉඳිවි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements