Featured News

Video Gossip

Advertisement

ලබන අවුරුද්දේ අන්තිම වගේ
බොහෝදුරට මම නැවත විවාහ වේවි
-පියුමි හංසමාලි 


පියුමි හංසමාලි කියන්නේ හැමදාමත් සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්වන චරිතයක්. මේ දිවල නම් ඇය ගැන වඩාත්ම කතාබහ වුණේ ඇය රංගනයෙන් ායක වීමට සූදානම් වන ඉනිදීය චිත්‍රපටයක් නිසා. ඒ ගැන තොරතුරු සතිඅන්ත පුවත් පතකට කියලා තිබුණේ මෙන් මේ විදිහට..


ඉන්දියාවේ චිත්‍රපටයක වැඩ කරන්න අවස්ථාව ලැබිම ගැන මොකද හිතෙන්නේ?



මට මුලින්ම හිතාගන්න බැරිවුණා මේක හීනයක්ද කියලා. පුදුම සතුටක් දැනුණේ. කොහොමද අවස්ථාව ලැබෙන්නේ? මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන බිනා උර්නි ක්‍රිෂ්ණන් තමයි මාව යෝජනා කරලා තියෙන්නේ. මට කතා කරලා මුලින්ම ඇහැව්වත් මම විශ්වාස කළේ නැහැ.

ඇයි පියුමිට විශ්වාසයක් නොතිබුණේ?

මොකද රංගනය කියන දේ මට ආධුනිකයි. මම රඟපාන්න දන්න කෙනෙක් නෙවේ. ඉතින් ඒ චකිතය මට තිබුණා.

ජැක්සන් ඇන්තනි වගේ ප්‍රවීණයෙක් සමග වැඩ කරන්න ලැබිම ගැන පියුමිට චකිතයක් තියෙනවාද?

ඔහු කලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක්. ඒ වගේ කෙනෙක් එක්ක එකට වැඩ කරන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ලොකු වාසනාවක්. මුලින් මම බයවුණා. ඒත් ගොඩක් අය කීවා ජැක්සන් ඇන්තනි මහත්මයා හොඳ කෙනෙක්, පියුමිට උදව් කරයි කියලා.

දිගටම රංගනයෙන් ඉදිරියට යන්නද බලා‍පොරොත්තුව?

එහෙම ආසාවක් නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් මගේ බජට් එකට ගැළපෙන මම භාරගන්නවා. නැත්නම් මම කැමතියි මගේ යාළුවෝ එක්ක නිදහසේ සතුටින් ඉන්න.

පියුමිට වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

උදයකාන්ත මහත්මයාගේ වස්සානේ සඳ චිත්‍රපටය නිසා මට ගොඩක් ආරාධනා ලැබුණා. මම හිතන්නේ නැහැ මම රංගනයට දක්ෂයි කියලා. ඒ නිසා නිර්මාණ භාරගත්තෙ නැහැ.

පියුමි මියුසික් වීඩියෝවල රංගනයෙන් ඈත්වෙලාද?

ඈත්වෙලා නැහැ. මට තිස්දාහට හතළිස් දාහකට කතා කරනවා. ඒත් ඒ මගේ බජට් එක නෙවේ. ඔමරිලතා වගේ හොඳ වැඩක් ලැබුණොත් විතරයි මම භාරගන්නේ.

පියුමිගේ ගාණ ගෙව්වොත් ලැබෙන ඕනම චරිතයක් කරනවාද?

නැහැ, මට පුළුවන් චරිත විතරයි මම භාරගන්නේ.

සැබෑ ජීවිතේ පියුමි මොන වගේ චරිතයක්ද?

මම සරල, සාමාන්‍ය, ‍පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්.

පියුමිට හොඳ යාළුවෝ වගේම ඉරිසියාකාරයොත් ඉන්නවා කියන්නෙ ඇත්තද?

පාසල් යන කා‍ලේ ඉඳන්ම ඉන්න අය තමයි මගේ හොඳම යාළුවෝ. ක්ෂේත්‍රයේ ගොඩක් අය මාත් එක්ක තරහයි. දැන් මම, මට ඇතිවෙන්න කාලා බිලා ජීවත්වෙන්න මුදල් හම්බ කරලා තියෙන්නේ. මිනිස්සු හරි කුහකයි අපි සතුටින් ඉන්නවාට.

ඇත්තද පියුමි ළඟදි විවාහ වෙන්න යනවා කියන්නේ?

හ්ම්, අපේ අම්මා මට විවාහ යෝජනාවක් ගෙනැත් තියෙන්නේ. ලබන අවුරුද්දේ අන්තිම වගේ බොහෝදුරට මම නැවත විවාහ වේවි.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements