Featured News

Video Gossip

Advertisement

මෙදාසැරේ නම් ජයටම කොළඹත් අවුරුදු
ලංකාවේ දැවැන්තම අවුරුදු උත්සවයේ විස්තර මෙන්න

අවුරුදු කුමරිය සහ කුමරා වෙන්න කැමතිද?
එහෙනම් කියවලම බලන්න

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල දමිළ නව අවුරුදු උදාව මහත් උත්කර්ෂයෙන් සැමරීම සහ සාම්ප‍්‍රදායික ජනමූල සංස්කෘතිකාංග පිළිබඳව තරුණ පරපුර අතර අවබෝධයක් සහ උනන්දුවක් ඇති කිරීම යන කරුණු ඉලක්ක කරගනිමින් දිවයිනේ දැවැන්තම සිංහල දමිළ අවුරුදු සැමරුම් උළෙල ‘සූර්යාභිෂේකය - මහනගරේ මහ අවුරුදු’ නමින් කොළඹදී පැවැත්වීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

කොළඹ 07 ටොරින්ටන් පිටිය, නිදහස් චතුරශ‍්‍රය සහ ආකේඞ් පරිශ‍්‍රය ආශ‍්‍රිතව එළඹෙන අපේ‍්‍රල් 08 වනදා උදෑසන සිට පැවැත්වෙන මෙම මහා සංස්කෘතික මංගල්‍ය ප‍්‍රධාන අංග තුනකින් සමන්විත වේ. 



අවුරුදු කුමරිය සහ කුමරා ලෙස අභිෂේකය ලබන්න : මුදලින් 60,000ක්

සාම්ප‍්‍රදායික සහ නවීකාරක තරග රැසකින් සමන්විත මෙම අවුරුදු උත්සවයේ මහානගර අවුරුදු කුමරිය සහ අවුරුදු කුමරා තේරීමේ තරගය සඳහා මේ වනවිට අයදුම්පත් භාරගනු ලැබේ.

මෙම අවුරුදු උත්සවයේ මහානගර අවුරුදු කුමරිය තරගයේ ජයග‍්‍රාහිකාවට මුදලින් රුපියල් 60,000ක් හිමිවන අතර, දෙවන සහ තුන්වන ස්ථාන සදහා පිළිවෙළින් රුපියල් 50,000ක් සහ රුපියල් 40,000ක් බැගින් හිමිවේ. එසේම, හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වාද මුදල් ත්‍යාග හිමිවේ. 


මහානගර අවුරුදු කුමරා සඳහා මුදලින් රුපියල් 60,000ක් හිමිවන අතර, දෙවන සහ තුන්වන ස්ථාන සඳහා රූපියල් 60,000ක් සහ රුපියල් 50,000ක් බැගින් හිමිවේ. එසේම, හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වාද මුදල් ත්‍යාග හිමිවේ. 


පාපැදි ධාවන තරගය : මැරතන් තරගය

මීට අමතරව පාපැදි ධාවන තරගය (අයදුම්පත් සඳහා මෙතැන ක්ලික් කරන්න) සහ පුරසැරිය මැරතන් තරගය (අයදුම්පත් සඳහා මෙතැන ක්ලික් කරන්න) සමඟ සාම්ප‍්‍රදායික අවුරුදු තරග මෙන්ම ජනකී‍්‍රඩා ඇතුළු විචිත‍්‍රවත් අංග රැසකින් මෙම මහා අවුරුදු උත්සවය සමන්විත වේ.

තරග පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න : 

උමේන්ද‍්‍ර - 071 1 140 000
තුල්ෂි      - 071 5 562 971

මහා සංස්කෘතික ප‍්‍රසංගය

මෙම අවුරුදු උත්සවයෙන් පසුව ශිල්පීන් 1200 දෙනෙකු සහභාගි වන මහා සංස්කෘතික ප‍්‍රසංගයක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව මහේෂ් දෙණිපිටිය ප‍්‍රමුඛ වාදක මඩුල්ල සහ භාතිය n' සන්තුශ්, උමාරියා සිංහවංශ, නිරෝශා විරාජිනි, උරේෂා රවිහාරි, ඉෂාක් බෙග්, අමිත වෙඩිසිංහ, සුසිල් ප‍්‍රනාන්දු, සුනීර සුමංග ඇතුලූ සිංහල සහ දමිළ ගායන තරු සහභාගී වන මහා මියැසි ප‍්‍රසංගයක්ද සංවිධානය කර තිබේ.

වෙළඳකුටි

මෙම අවුරුදු උත්සවය පැවත්වෙන පරිශ‍්‍රය තුල වෙළඳකුටි සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ඇති අතර ඒ සඳහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත අංකයන් අමතන්න.

මහේන්ද‍්‍ර - 077 22 79 118 / 0775 78 75 78





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements