Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව
2018 අවුරුදු පලාපල

‍ජ්‍යොතිෂය දෙස වෙනස් පැත්තකින් බැලූ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ලබන 2018 අවුරුද්ද ඔබට කෙසේ දැයි මේ ලිපියෙන් පෙන්වා දෙයි.


මේෂ – බලාගෙන සිටි ජයග‍්‍රහණ ලැබේ

කාලයක් තිස්සේ බලාපොරොත්තුවූ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට පුළුවන් වන කාලයකි. සුබ ඵල බහුල වසරකි. ජීවිතයේ දියුණුවට හා අඩිතාලම දමා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසේ. දරුඵල අපේක්‍ෂා ඉටුවේ.


ගෘහ ජීවිතය : තම පවුලේ අයගෙන් ඈත්ව සිටින අය නැවත තම ඥතීන් වෙත පැමිණෙන කාලයකි. සතුරු කරදර ගෙන දේ. ගෘහ ජීවිතය ගැන කලකිරීමට සිදුවේ. අන් අයගේ සුව පහසුව සඳහා තම කාලය වැය කිරීමට සිදුවේ. ජීවිතයේ සාමකාමී බව අඩුකරයි. දෙමාපියන්ගේ දේපළ උරුමවීමට හේතු යෙදේ. ආගමික භක්තිය අඩුවේ. අනවශ්‍ය වියදම් බහුල කාලයකි.

ධනය : ආදායමට වැඩි වියදමක් දැරීමට සිදුවේ. ධන මාර්ග අහිමිවීමට හේතුවේ. භූමියෙන් ආදායම් ලබන අයට සුබඵල සහිතය. නීතිමය කටයුතුවල නියුතු අයගේ ආදායම් මාර්ග දියුණු වේ. නොලැබෙන මුදලක් ලැබීමට හේතු යෙදේ.

අධ්‍යාපනය : තම උත්සාහය මත බොහෝ අවස්ථා වැඩිදියුණු කර ගැනීමට පුළුවන. විද්‍යා අංශයේ නව අධ්‍යාපන අවස්ථා විවර වේ. තමාගේ දැනුම අන් අයගේ යහපතට, සුදුසු සොයාගැනීම් වලට යෙදවීමට සුදුසු කාලයකි.

රැුකියාව : රැකියා ස්ථානය පිළිබඳ කලකිරීම් ඇතිවේ. නව රැුකියා අවස්ථා සොයා යාමට සිත් වේ. රටින් හෝ ප‍්‍රදේශයෙන් පිට රැුකියා සඳහා යොමු වේ. දුරකථන, ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳ රැුකියාවල නියුතු අයට වාසිදායක කාලයකි.

සෞඛ්‍යය : රෝහල්ගතවීම් සහිත වසරකි. හදිසි අනතුරු නිසා ශල්‍යකර්ම සඳහා භාජනය වීමට සිදුවේ. සෙම් රෝග, ජලයෙන් බෝ වන රෝගවලට ලක්වීම නිසා පීඩාවට පත්වන වසරකි.

වෘෂභ – දුක සතුට මිශ‍්‍ර වසරක්

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම වසර දුක සතුට මිශ‍්‍ර වසරක් වනු ඇත. මනස තුළ නිරවුල් බව අඩුවේ. අන් අයගේ වැඩකටයුතු සඳහා තම කාලය ශ‍්‍රමය වැය කිරීමට සිදුවන කාලයකි. පුණ්‍ය කටයුතු සඳහා තම කාලය වැය කිරීමට අවස්ථාව ලැබේ. වන්දනා ගමන් සඳහා විදෙස් ගතවීමට වාසනාව ඇති කාලයකි.

ගෘහ ජීවිතය : මෙම වසරේ ඔබගේ ගෘහ ජීවිතයේ ප‍්‍රබෝධය අඩුවීමට ඉඩ ඇත. තමා විසින් ඇති කරගනු ලබන ප‍්‍රශ්න එයට හේතුවේ. රහස් සබඳතා සඳහා තම වටිනා කාලය නාස්ති කර ගැනීමට සිදුවිය හැක. තම කුටුම්භයෙන් ඈත්වීමට කරුණු යෙදීමට පුළුවන. තම දේව භක්තිය වැඩිකරන කාලයකි. වැයපස වැඩිකරන කාලයක් වන නිසා කල්පනාවෙන් කටයුතු කිරීම නුවණට හුරුය. විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉටුවේ. නඩුහබ වලට පැටලීමට ඉඩ ඇත. ආත්ම ශක්තියෙන් කරගෙන යන කටයුතු ඉක්මනින් ජයග‍්‍රහණය කරා යොමු කරගැනීමේ වාසනාව ඇත. දරුවන්ගේ කටයුතු සඳහා තම කාලය වැය කිරීමට සිදුවේ. තම කීර්ති නාමයට කැළැල් ඇතිකර ගන්නා වසරකි. වසර අග කාලයේ ගුරු සහ ශනි මහ දශා ගෙවන අයගේ ජීවිතවල අලූත් බලාපොරොත්තු, නව නිවාස සිහින සැබෑ වීමට කටයුතු යෙදේ.

ධනය : විදේශ රැුකියාවලින් හා එ් සම්බන්ධ ව්‍යාපාර කටයුතුවලින් මුදල් උපයන අයගේ ආදායම් මාර්ග වැඩිවේ. ගමෙන් පිට සිටින අයගේ ආදායම් අවස්ථා උදාවේ. නමුත් ආදායමට වඩා වියදම් වැඩිවන වසරකි. ශුක‍්‍ර දශා ගෙවන අයගේ ධන සම්පත් වර්ධනය වේ.

අධ්‍යාපනය : තම ජීවිතයට අවශ්‍ය වෘත්තීමය අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මාර්ග පෑදේ. බාධා පැමිණියද අධ්‍යාපන ජයග‍්‍රහණ සහිත වසරකි. සාගරය, ජලය ආශ‍්‍රිත ක්ෂේත‍්‍ර පිළිබඳව නව පර්යේෂණ කරන අය නව සොයාගැනීම් සිදුකිරීමට අවස්ථාව සලසා ගනී.

රැුකියාව : රැකියාවේ ආදායම් මාර්ග සරුවේ. රැුකියා ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉටුවේ. නව රැුකියා ආදායම් ලබන වසරකි. තමා දරන තනතුරු සම්බන්ධ යම් වෙනස්කම් වීම සිදුවීමට ඇති වසරකි. තමාගේ නව ව්‍යාපාර ආරම්භයට ද සුබ වසරකි. හවුල් ව්‍යාපාර සුදුසු නැත.

සෞඛ්‍යය : සම සම්බන්ධ අසනීප ඇතිවේ. රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමට සිදුවීමට පුළුවන. හිස, උගුර ආශ‍්‍රිත ශල්‍යකර්ම සිදුකිරීමට විය හැකිය. ජලය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලූ පැන නගී.

මිථුන – නව ආදායම් මාර්ග විවෘත වේ

මිථුන ලග්න හිමියාගේ බලාපොරොත්තු ඉටුවන වසරකි. හවුල් කටයුතුවලට සුබදායක වේ. සැහැල්ලූවෙන් යුතුව ජීවිතය ගොඩනගා ගැනීමට මෙම වසර සුබදායකය. රැුකියා කටයුතුවල ප‍්‍රගතිය දක්නට ලැබෙන අතර ජයග‍්‍රහණයන් බහුල වසරකි. මෙම අලූත් අවුරුදු ග‍්‍රහ පිහිටීම අනුව නව ආදායම් මාර්ග විවර කරන අතපසු වූ වැඩකටයුතු බොහොමයක් ඉටුවන වසරකි.

ගෘහ ජීවිතය : කුටුම්භයේ සතුට වැඩිකරන නව සාමාජිකයන් එකතුවන නව වසරකි. නව දරු සම්පත් බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉටුවේ. ආදායම් මාර්ග වැඩිදියුණු වේ. ප‍්‍රබෝධමත් ලෙස නව ජීවන ගමන් මාර්ග පටන් ගැනීමට පුළුවන. ගේෙදාර අලංකාරයට, නව නිවාස ගොඩනැගීමට වාසනාව ගෙනදේ. මංගල කටයුතු සිදුවීමට ඉඩ යෙදෙන වසරකි. හිතේ සතුට, සෞභාග්‍යය ලැබෙන කාලයකි. නව ගෘහ භාණ්ඩ, රන් ආභරණ මිලදී ගැනීමට හේතු යෙදේ. තම කීර්තිය පැතිරෙන කාලයකි.

ධනය : නව ආදායම් මාර්ග විවර වන කාලයකි. නව ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගෙන අතර හවුල් ව්‍යාපාර සඳහා වුවද සුදුසු කාලයකි. ආයෝජන සඳහා මුදල් යොමු කිරීමට සුදුසු කාලයකි. ජීවිතයේ අවශ්‍යතා සඳහා ධනය උපයන අයගේ බලාපොරොත්තු ඉටුවේ. කොටස් වෙළෙඳපොළ ආයෝජනයට සුබදායක කාලයකි. රෙදිපිළි කර්මාන්තයෙන් ධනය උපයන්නන්ට ද සුදුසු කාලයකි.

අධ්‍යාපනය : අධ්‍යාපන ජයග‍්‍රහණ සහිත වසරකි. ප‍්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියුතු දරුවන්ගේ අධ්‍යාපන හැකියාව වර්ධනය වේ. ශිෂ්‍යත්ව සඳහා වන තරග විභාගවලින් ජය ලැබීමට පුළුවන. ශනි දශා ගතකරන අයට විශේෂ වාසි සැලසේ. වාණිජ ක්ෂේත‍්‍රයේ අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායක වේ.

රැුකියාව : චිත‍්‍රපට කර්මාන්තයේ නියැළෙන අයගේ රැුකියා අවස්ථා දියුණු වේ. ඇගයීම්වලට ලක්වේ. විදේශ රැුකියා ආදායම් බලාපොරොත්තු වන අයගේ අපේක්‍ෂා අගෝස්තු, සැප්තැම්බර් මාසවල සාර්ථක වේ. රැුකියා ස්ථානයේ කටයුතු සඳහා නිතර බැහැර ප‍්‍රදේශවලට හෝ පිටතට යාමට සිදුවේ. සුබ ඵල බහුල වසරකි.

සෞඛ්‍යය : කථනය සම්බන්ධ ආබාධ, උගුර, දණහිස ආශ‍්‍රිත ආබාධ ගෙන දේ. වසවිස ශරීරගතවීම වැනි අවස්ථා නිසා කරදර ගෙන දේ. කකුල් ආබාධ බහුල වසරකි. බුධ දශා ගෙවන අයගේ අසනීප සුවවීම කල්ගත වේ.

කටක – භූමියෙන් ධන ලාභ

සංවේදීව කටයුතු මෙහෙයවන ග‍්‍රහ පිහිටීමක් සහිතව මෙම අලූත් අවුරුද්ද උදාව සිදුවනු ලබන අතර රැුකීරක්‍ෂා, වෙළෙඳ ව්‍යාපාර කටයුතු දියුණු කරන හා බලාපොරොත්තු ඉටුවන කාලයක ආරම්භයකි. ඔබගේ වාසනාව ඔබ විසින් සොයා යා යුතු වන අතර එය ඔබගේ උත්සාහය වේ. වෙනදාට වඩා බුද්ධිමත් වන කාලයකි. ක්‍ෂණික කෝපය හටගැනීමේ දුර්වලතාව මත අයහපත් සිදුවීම් ඇතිවේ. නිතර දියුණුව ගැන සිතන වසරකි.

ගෘහ ජීවිතය : තම පවුලෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන කාලයකි. නමුත් එම සිද්ධි තම සුබසිද්ධියට හේතුවන කාරණා සඳහා සිදුවීමට පුළුවන. මෙය ගෘහ ජීවිතයේ සාමකාමී බවට ගැටලූ ගෙනෙන අවස්ථා විය හැක. නව දේපළ මිලදී ගැනීම, නිවස අලූත්වැඩියාව වැනි කාරණාවලට වැඩි වියදම් දැරීමට සිදුවේ. අදෘෂ්‍යමාන දෝෂ ඇතිවීමට පුළුවන. ගෘහ ජීවිතය අප‍්‍රියවීමට ඉඩ ඇත. නමුත් නිතර රස ආහාරපාන ලැබෙන කාලයකි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කිරීම ඉතා යහපත් කාලයකට මග පෙන්වීමට හේතුවේ.

ධනය : රැුකියාව හෝ වෙළෙඳ ව්‍යාපාරවලට අමතරව භූමියෙන් ධන ලාභ හිමිවීමට වාසනාව ඇත. වගා කටයුතුවල නියුතු අයගේ ධන උල්පත් විවර වේ. තමාට බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවශ්‍ය ධනය නිරායාසයෙන් ළඟාවේ. ගුරු වෘත්තිය වැනි දැනුම බෙදන වෘත්තීන්වල යෙදෙන අයගේ ධන වාසනාව වැඩිවේ.

අධ්‍යාපනය : ගෘහ නිර්මාණ ශිල්පය, ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායක වේ. තරග විභාග ආදියට මුහුණදෙන අයට සුබ ප‍්‍රතිඵල අඩුවේ. ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ උනන්දුව අඩු කරයි. උසස් අධ්‍යාපනය නියුතු අයගේ වෘත්තිය කඩයිම් ජය ගනී.

රැුකියාව : දුරබැහැර ප‍්‍රදේශවල සේවයේ නියුතු අයට තම නිවසේ සිටම රැුකියාවට යාමට අවශ්‍ය වටපිටාව සැකසේ. වෙනදාට වැඩිය ආසාවකින් තම රැුකියාවට යොමුවේ. රැුකියා ස්ථානයේ සතුටින් ගතකිරීමට පුළුවන. රජයේ රැුකියාවල නියුතු අයගේ උසස්වීම්, ස්ථාන මාරු බලාපොරොත්තු ඉටුවේ. වෘත්තිය වශයෙන් සුබ ප‍්‍රතිඵල ගෙනදෙන වසරකි.
සෞඛ්‍යය : පපුව සම්බන්ධ ආබාධ ගෙනදීමට පුළුවන. නමුත් මෙම වර්ෂය සමස්තයක් ලෙස ගත් කල සෞඛ්‍ය සම්පන්න ලෙස තම කටයුතු පවත්වාගෙන යා හැකි කාලයකි. කල්පවතින රෝග තිබූ අයගේ ගැටලූ අඩුවන කාලයකි.

සිංහ – සිතුවිලි පාලනය වැදගත්

දැඩි අධිෂ්ඨානශීලීව කටයුතු කරන වසරකි. සියල්ල ජයග‍්‍රහණයකින් නිමාකර ගැනීමට කටයුතු සැලසේ. තමාගේ ඕනෑම කටයුත්තක් සාර්ථක ලෙස නිමකර ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි. සැප සම්පත් තමා සොයාගෙන පැමිණෙන කාලයකි. රාගාධික කාලයකි. සිතුවිලි පාලනය ඉතා වැදගත්ය.

ගෘහ ජීවිතය : රහස් සතුරු කරදර පැමිණේ. ඊර්ෂ්‍යාවට ලක්වීමට පුළුවන. තමා රහස් වැඩ කරනවා නම් ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. නීතිමය කටයුතුවලට මැදිහත්වීමට ඉඩකඩ ඇතිවේ. ඇසුරු කරන අයගෙන් ප‍්‍රවේසම්වීම නුවණට හුරුය. වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුවේ. තම දරුවාට අපල ගෙනදෙන කාලයකි. ආගමික ඇසුරට හුරුවේ. අධ්‍යාපනික දැනුම සොයා යෑමට පෙලඹේ. විදේශගත අයගේ අපල අඩුවේ. තම ආත්ම විශ්වාසය වැඩි කාලයක් බැවින් කරදර ආවද බි`දගෙන ඉදිරියට යාමට වාසනාව ඇති කාලයකි.

ධනය : අන් අය සමග ගනුදෙනු කිරීමේදී බුද්ධිමත් විය යුතුය. මූල්‍ය වංචාවලට හසුවීමට ඉඩකඩ වැඩිය. තම කටයුතුවලට අවශ්‍ය ධනය අන් අයගේ කටයුතු නිසා විනාශයට පත්වීමට ඉඩ ඇත. ජලයෙන් ආදායම් ලබන අයගේ ආදායම් මාර්ග වැඩිදියුණු වේ.

අධ්‍යාපනය : සන්නිවේදන ක්ෂේත‍්‍ර තුළ අධ්‍යාපනය ලබන අයගේ අධ්‍යාපන කටයුතු සඳහා හොඳ කාලයකි. උසස් උපාධි පාඨමාලා අධ්‍යයන කටයුතුවල නිරත අයගේ දැනුම සහ කීර්තිය පැතිරෙන අවස්ථා යෙදේ. ශුක‍්‍ර දශාව ගෙවන අයට සුබඵල බහුල කාලයකි.

රැුකියාව : ජනමාධ්‍ය ආයතන සහ වෙනත් සන්නිවේදන ආශ‍්‍රිත රැුකියාවල නියුතු අයගේ කීර්තිය වැඩිවේ. රැුකියාවේ කටයුතු සඳහා විදෙස්ගත වීමට හැකිවේ. නිතර නිවසින් බැහැරවීඹට රැුකියා අවශ්‍යතා ඇති වීමට ඉඩකඩ බහුල වසරකි. තමා බලාපොරොත්තු වන තරමට රැුකියාවේ ආදායම් මාර්ග නොලැබී යාමට හැකිය.

සෞඛ්‍යය : ශල්‍යකර්ම, විදෙස් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවීමට අවශ්‍ය කාරණා යෙදේ. නමුත් රෝග සුවවීමට ඇති ඉඩකඩ වැඩි වසරකි. අක්මාව, ලිංගය ආශ‍්‍රිත රෝග ඇතිවේ.

කන්‍යා – හවුල් කටයුතුවලින් සිත් තැවුල්

කන්‍යා ලග්න හිමියන්ට මිශ‍්‍ර ඵල සහිත කාලයකි. මානසික සහනය අඩු කරයි. හවුල් කටයුතු වලින් සිත් තැවුල් ඇතිකර ගනී. උත්සාහයේ තරමට ප‍්‍රතිඵල ලබා ගැනීමට අපහසුය. ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට නව ක‍්‍රමෝපායන් භාවිතයට ගන්නා කාලයකි. ජය පරාජය සම සේ විඳදරා ගැනීමට සිදුවේ. දරුවන්ගේ දියුණුව දැකිය හැක.

ගෘහ ජීවිතය : නව දරු උපත් බලාපොරොත්තු වන අයගේ අපේක්‍ෂා ඉටුවන කාලයකි. නව ඥති සම්බන්ධතා ගොඩනැගේ. සමාජ මතයට පටහැනි දේ සිදුකිරීම හේතුවෙන් යුග දිවියේ ගැටලූ ඇතිවේ. මානසික සහනය අඩුවේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන කාලයකි. අසල්වැසියන් සමග ඇති හොඳ හිත පළුඳුවීමට හේතු කාරණා යෙදේ. ආගමික භක්තිය වැඩිවේ. පූජනීය ස්ථාන වැඳපුදා ගැනීමට බලාපොරොත්තු වන අයගේ අපේක්‍ෂා ඉටුවේ. අන් අයෙකුගේ වස්තුව තමන්ට උරුමවීමට ඉඩකඩ සැලසෙන කාලයකි.

ධනය : ආදායමට වඩා වියදම් යෙදෙන කාලයකි. අනවශ්‍ය කටයුතු සඳහා ආදායම යොමු කිරීමෙන් කරදර ඇතිවේ. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරන අයගේ ආදායම් මාර්ග සරුවේ. භූමියෙන් ධන වාසනාව ගෙනේ. රසායන ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපාර වල නියුතු අයගේ ධන වාසනාව වැඩිවේ. සඳු, ශනි දශා ගත කරන අයගේ ධන වාසනාව ඉහළ යයි.
අධ්‍යාපනය : මතක ශක්තිය අඩු කිරීමට හේතු වේ. බලාපොරොත්තු වන ප‍්‍රතිඵල අඩුවීමට හේතු යෙදේ. තමාගේ දැනුමේ තරමට ප‍්‍රතිඵල ඇති නොවේ. නව අධ්‍යාපන අවස්ථා උදාකර ගැනීමේ වාසනාව සහිතය. සඳු, ගුරු දශා ගෙවන අයගේ අධ්‍යාපනික ජයග‍්‍රහණ වැඩිදියුණු වේ.

රැුකියාව : නව රැුකියා අවස්ථා උදාවන වසරකි. බෙහෙත් වෙළඳාමේ යෙදෙන අයගේ රැුකියා දියුණු වේ. ගෘහ ආශ‍්‍රිත කර්මාන්තවල නියුතු අයගේ බලාපොරොත්තු ඉටුවේ. රාජ්‍ය අංශයේ රැුකියාවල නියුතු අයගේ සිත් කලකිරීම් ඇතිවේ. පතල් ආශ‍්‍රිත කර්මාන්තවල නියුතු අයගේ බලාපොරොත්තු ඉටුවේ. කළුගල් කර්මාන්තයේ නියුතු අයට ද සුබදායක වසරකි.

සෞඛ්‍යය : රුධිරය, ස්නායු ආශ‍්‍රිත රෝග ඇතිවීමට ඉඩකඩ ඇත. දියවැඩියාව, අම්ල පිත්තය වැනි රෝග ඇති අයගේ රෝග තත්ව පිළිබඳ සැලකිලිමත් විය යුතු වසරකි. හදිසි අනතුරු ශල්‍යකර්ම ශුක‍්‍ර, ශනි දශා ගෙවන අයට ඇතිවීමට පුළුවන.

තුලා – අපනයන කටයුතු කරන අයට වාසි

නිවාස, දේපළ සිහින ඉටුවන, ආදායම් මාර්ග වැඩිදියුණු වන පසුගාමී ලෙස අතහැර දමන ලද කාර්යයන් නැවත ආරම්භ කිරීමට සිත් දෙන ජය සහිත වසරකි. ¥ දරුවන් නිසා සිතේ සතුට ගොඩනැගෙන සහෝදරයන් සමග බැ`දීම් වැඩිවන අධිෂ්ඨානය ඉහළ යන කාලයකි. පෙර පින නැවත ඉහළට පැමිණේ. සිතේ සතුට පිරී ඉතිරී යයි.

ගෘහ ජීවිතය : යානවාහන මිලදී ගැනීමට සිත් වේ. වසර පුරාවට ජීවිතය නැවුම් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව සැලසේ. ¥ දරුවන්ගේ ජයග‍්‍රහණ නිසා සිතේ සතුට වැඩිවේ. යාළු මිත‍්‍රාදීන්ගේ උදව් උපකාර නොසිතූ ලෙස ලැබීමට වාසනාව ඇත. ආගමික භක්තිය වැඩිවේ. නව ව්‍යාපාර ආරම්භයට සිත් වේ. නිවස තුළ නිතර ප‍්‍රිය සාද පැවැත්වීමට කරුණු කාරනා යෙදෙන කාලයකි. වසර පුරාම ප‍්‍රබෝධමත් ලෙස ජීවන රටාව ගෙනයාමට වාසනාව ඇත.

ධනය : හවුලේ සිදුකරන ව්‍යාපාරවලින් ධන වාසනා ඉහළ යයි. පෙර පින පහලවන කාලයකි. ආයෝජන අවස්ථා තමා සොයගෙන එන අතර එ්වායේ වාසි තමා වෙතට යොමුවේ. අපේක්‍ෂිත ආර්ථික දියුණුව මේ වසරේදී ළඟා කර ගැනීමට හැකියාව පවතී. අන් අයට ණයට දීමේදී ප‍්‍රවේශම් වන්න.

අධ්‍යාපනය : අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ බලාපොරොත්තු ඉටුවේ. උසස් අධ්‍යාපනයට යොමුවීමට ශිෂ්‍යත්ව හිමිවන කාලයකි. ඉංජිනේරු, යන්ත‍්‍ර සුත‍්‍ර පිළිබඳ නව සොයා ගැනීම් කරන අයගේ බලාපොරොත්තු ඉටුවේ. ශනි දශා ගෙවන අයගේ අධ්‍යාපන ජයග‍්‍රහණයන් ඉතා ඉහළය.

රැුකියාව : විදේශ අපනයන කටයුතු සිදුකරන අයගේ අවස්ථා ඉහළ මට්ටමට පැමිණේ. ඉහළ නිලධාරීන්ගේ ප‍්‍රශංසාවට ලක්වේ. සුවඳ විලවුන් වැනි දේ අලෙවි කරන ව්‍යාපාරිකයන්ට ලාභදායී කාලයකි. අලංකාරයට තැබිය හැකි භාණ්ඩ නිපදවන අයගේ අලෙවිය ඉහළ යයි. ශුක‍්‍ර දශා ගෙවන අයගේ රැුකියා දියුණුව ඉතා ඉහළ මට්ටමක පවතී.

සෞඛ්‍යය : හිස, යටි බඩ, මහ බඩවැල ආශ‍්‍රිත රෝගාබාධ හටගනී. සෞඛ්‍ය පිරිහීමට හේතු වන වසරකි. ඖෂධ ප‍්‍රතිකාර නිසි ලෙස ශරීරයට ප‍්‍රතිඵල නොදෙන කාලයකි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාලයකි. එම ආහාර ශරීරයට අහිතකර වීමට ඉඩ සැලසේ.

වෘශ්වික – අධ්‍යාපන ජයග‍්‍රහණ ලැබේ

වේගයෙන් තම වැඩකටයුතු ඉටුකර ගැනීමට උත්සාහ කරන වසරකි. අන් අයගේ වදනට කන් නොදී තම කටයුතු ඉටුකර ගනී. පවුලේ දියුණුවට අවශ්‍ය නව ආදායම් මාර්ග සහ අලූත් තීරණ ගන්නා කාලයකි. විදෙස්ගතව සිටින අයට ඉතා සුබදායක කාලයකි. පසුගිය වසරවල ප‍්‍රමාද වූ කාරණා බොහොමයක් මෙම වසරේ ඉටුවේ. සුබදායක වසරකි.

ගෘහ ජීවිතය : පෙර පින පහලවන කාලයකි. නිවසේ සතුට ගොඩනැගේ. නව සම්බන්ධතා පවුලට එකතු වේ. නිවාස භූමි සංවර්ධනයට මුදල් වැය කිරීමට සිදුවේ. ඥති මිත‍්‍රාදීන්ගේ පිළිගැනීමට ලක්වේ. තමන් පිළිබඳ අන් අයගේ ඇගයීම වැඩිවේ. මග පාර්ශවයේ ඥතීන්ගේ උදව් උපකාර සහිත කාලයකි. නව නිවාස ගොඩනැගීමට, ඉඩකඩම් මිලදී ගැනීමට සිත් යෙදේ. සහෝදරයන්ගේ දියුණුවට කාලය වැය කිරීමට සිදුවේ. නව ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණු කිරීමට වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. තමාගේ කීර්තිය පැතිරෙන කාලයකි. රහස් සතුරු කරදර ඇතිවීමට හේතු යෙදේ.

ධනය : වචන භාවිතයෙන් ධනය උපයන අයගේ ආදායම් මාර්ග වැඩිදියුණු වේ. භූමිය සම්බන්ධයෙන් ධනය උපයන අයගේ ආදායම් ද වැඩිදියුණු වේ. බුධ දශා ගෙවන අයගේ ධන මාර්ග වර්ධනයට හේතු කාරණා යෙදේ. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය හා ආයෝජන කටයුතුවල නියුතු අයගේ ධන උල්පත් විවර වේ. වෙනත් අයගේ ආදායම් ද තමන්ගේ දියුණුවට එකතු වන කාලයකි.

අධ්‍යාපනය : අධ්‍යාපන ජයග‍්‍රහණ අධික කාලයකි. ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියුතු දරුවන්ගේ අලස බව දුරුවී ක‍්‍රියාශීලී වේ. වෘත්තීය අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ අධ්‍යාපනික ජය ඇතිවේ. නීතිය, වෛද්‍ය විද්‍යාව හදාරන අයට සුබදායක වේ. විදෙස් ශිෂ්‍යත්ව බලාපොරොත්තු ඉටුවේ. සඳු, ශනි දශා ගෙවන අයට සුබදායක කාලයකි.

රැුකියාව : විදේශ රැුකියා බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉටුවේ. බන්ධනාගාර, නාවුක කටයුතු ස්ථානවල රැුකියා නියුතු අයගේ සුබ තත්ත්වයක් දැකීමට හැකිය. නව රැුකියා අවස්ථා බලාපොරොත්තු වන අයගේ අපේක්‍ෂා ඉටුවේ. මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රැුකියාවල නියුතු අයගේ ස්ථාන වෙනස්වීමට ඉඩකඩ යෙදේ. විදේශ ආදායම් මාර්ග ලබන අයගේ රැුකියා කටයුතුවල ප‍්‍රගතියක් දක්නට ලැබේ. ගුරු දශා ගතකරන අයට සුබදායක වේ.

සෞඛ්‍යය : හන්දිපත් අමාරු, උරහිස, පාද, සම ආශ‍්‍රිත රෝගාබාධ ඇතිවේ. හිස ආශ‍්‍රිත කොටසට අසුබදායක වේ. ඇස් ආබාධ සඳහා ප‍්‍රතිකාර ගැනීමට සිදුවේ. ආහාර අරුචිය වැනි රෝග ඇතිවීමට පුළුවන. සිකුරු දශා ගෙවන අයට ශල්‍යකර්ම අවස්ථා ඇතිවීමට පුළුවන.


ධනු – ජීවිතයේ සාමකාමී බව අඩුවේ

පවුලේ සුබසිද්ධිය උදෙසා කැපවීම් කළ යුතු වසරකි. තමාගේ මානසික සහනය අඩුකරන කාලසීමාවක් වන අතර විවිධ බාධාවලට මුහුණපෑමට සිදුවේ. බාධා පැමිණියද එම බාධා පසෙකලා නව අරමුණු කරා ගමන් කිරීමට උත්සාහ ගතයුතු කාලයකි. අසීරු තීරණ ගැනීමටද සිදුවේ.

ගෘහ ජීවිතය : දුරබැහැර ප‍්‍රදේශවල සිටින අය නැවතත් තම නිවස කරා පැමිණීමට හේතු යෙදේ. මවට තරමක් අසනීප තත්ත්වයන් ඇතිවේ. පවුලේ අය අතර අසනීප, සිත් බිඳීම් ඇතිවීමට පුළුවන. ජීවිතයේ සාමකාමී බව අඩු කරන කාලයකි. පවුල් ජීවිතයේ අවශ්‍යතා ඉටුකර ගැනීමට අපහසු වන සිද්ධීන්වලට මුහුණදීමට සිදුවේ. තම තැම්පත් ධනය ගෘහ ජීවිතය සඳහා යෙදවීමේ අවශ්‍යතා ගොඩනැගේ. නව ඥති මිත‍්‍ර සබඳතා ගොඩනැගෙන මංගල උත්සව පවුලේ අයට යෙදෙන කාලයකි.

ධනය : නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන ධන අයෝජන මාර්ග විවර වේ. භූමියෙන් ආදායම් ලබන අයගේ ආදායම් මාර්ග දියුණු වේ. තැම්පත් ධනය වියදම්වීමට හේතු යෙදේ. වසර අගභාගය වන විට ආර්ථික පසුබැසීම් දක්නට ලැබිය හැක. ගුරු, ශනි දශා ගෙවන අය ධනය සම්බන්ධ කටයුතුවලදී බුද්ධිමත් ලෙස කටයුතු කිරීම සුබයි.
අධ්‍යාපනය : අධ්‍යාපන බලාපොරාත්තු සඵල වන කාලයකි. නව සොයාගැනීම්වල නියුතු අයට විශේෂ ඇගයීම් ලැබීමට වාසනාව ඇත. ප‍්‍රාථමික හා උසස් අධ්‍යාපනයේ නියුතු අය හට සමස්ත ලෙසම වසර පුරාම අධ්‍යාපන ජයග‍්‍රහණ සහිතයි. කුජ, සිකුරු දශා ගෙවන අයට අධ්‍යාපනික දියුණුව වැඩිවේ. තමාගේ දැනුම ඉතා ඉහළ ඇගයීම්වලට ලක්වන වසරකි. විදෙස් අධ්‍යාපන ශිෂ්‍යත්ව උරුම වේ.

රැුකියාව : මෙම වසරේ ඔබගේ රැුකියා බලාපොරොත්තු සඵල වේ. නවීන විද්‍යාව ආශ‍්‍රිත රැුකියාවල නියැළෙන අයගේ හැකියාවන් ඇගයීමට ලක්වේ. ඔබගේ ස්ථානීය වෙනසක් බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු සඵල වේ. ආයතන ප‍්‍රධානීන්ගේ අවවාදයට හෝ විනය පරීක්‍ෂණ ආදියට ලක්වීමට පුළුවන. ශුක‍්‍ර දශා ගෙවන අයට සුබ බලාපොරොත්තු තමාගේ වෘත්තිය ජීවිතය පිළිබඳ තබාගැනීමට පුළුවන.

සෞඛ්‍යය : ලේ විෂ වීම නිසා ඇතිවන රෝගාබාධ, පාද අමාරු, වකුගඩු ආශ‍්‍රිත රෝග ගෙනදීමට ඉඩ ඇත. ශරීරයේ අප‍්‍රාණික ගති ලක්‍ෂණ දිගට පෙන්නුම් කෙරේ.

මකර – විදේශ රැුකියා සිහින හරියයි

වෙනස්වීම් සමග ජීවිතය ඉදිරියට ගෙන යා යුතු කාලයකි. මකර ලග්න හිමියාගේ සිතුවිලි වංචල වන වසරකි. අනවශ්‍ය වියදම් වැඩි ලෙස යෙදෙන අතර මානසික අසහනය බහුල කාලයකි. ප‍්‍රිය සම්භාෂණ සඳහා සහභාගී වීමට අවස්ථා සැලසේ. මිශ‍්‍රඵල සහිත වසරකි. තම උත්සාහය අනුව ප‍්‍රතිඵල වෙනස් කර ගැනීමට අපහසු වේ.
ගෘහ ජීවිතය : නිවසේ කටයුතු සඳහා වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ. සමාජ සම්බන්ධතා වැඩිදියුණු වේ. නීතිමය ගැටලූ විසඳේ. නව බලාපොරාත්තු ගොඩ නැගේ. දුවා දරුවන්ගේ අනාගතය ගැන සුබදායක බලාපොරොත්තු ගොඩනැගේ. පොදු වැඩකටයුතු වලින් ඈත්වීමට සිදුවේ. නව ඥති මිත‍්‍රාදීන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. නිවාස ඉදිකිරීමට සිටින අයගේ සිහින ඉටුවේ. නිවසේ සාමාජිකයන් අතර සුහදතාවය වර්ධනය වන කාලයකි. මව සම්බන්ධ කටයුතුවලදී වැඩි කැපකිරීම් සිදුකිරීමට සිදුවේ. අලූත් පිරිවර ලැබෙන කාලයකි.

ධනය : ධනය ඉපයීමේ මාර්ග වැඩිදියුණු කිරීමට සිත් දේ. නමුත් අනවශ්‍ය වියදම් සඳහා නව තැන්පත් මුදල් වැය කිරීම, ණය මුදල් ලබා ගැනීම සිදුවිය හැක. අපේක්‍ෂිත ආදායම් මාර්ග කරා යොමු වීමේදී ගැටලූ පැන නගී. ශනි දශා ගෙවන අයගේ ආර්ථිකය අයහපත් වේ.
අධ්‍යාපනය : ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැඩි අවධානයක් යෙදවීමට සිදුවේ. විදේශ ශිෂ්‍යත්ව සඳහා මග පෑදේ. විශේෂිත අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට සිත් යොමු වේ. කලාව සම්බන්ධ අධ්‍යාපන කටයුතුවලට සුබයි. බුධ දශා ගෙවන අයට උසස් අධ්‍යාපන අවස්ථා වැඩිදියුණු වේ.
රැුකියාව : විදේශ රැුකියා බලාපොරොත්තු ඉටුවේ. වෛද්‍ය වෘත්තිය හා එ් ආශ‍්‍රිත වෘත්තීන්වල නියැළෙන අයගේ දියුණුව වැඩිවේ. නව රැුකියා අවස්ථා බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ප‍්‍රමාද වේ. ස්වයං රැුකියා කටයුතුවල නියැළෙන අයට සුබ ප‍්‍රතිඵල සහිතය. පතල් ආශ‍්‍රිත කර්මාන්තවල යෙදෙන අයට සුබඵල සහිතය.

සෞඛ්‍යය : හෘද රෝග, හුස්ම ගැනීමේ අපහසුතා, ආමාශගත අජීර්ණ තත්ත්වයන් වලට ප‍්‍රතිකාර ගැනීමට සිදුවේ. දණහිස් අමාරු, හන්දි අමාරු මතු තරනු ලබයි.


කුම්භ – ස්වයං රැුකියාවලට සුබයි

තම ජීවිතයේ බලාපොරොත්තු ඉටුවන අතර වෙනදාට වඩා පවුලේ අයගේ දියුණුව වෙනුවෙන් කැප කිරීම් සිදු කිරීමට සිදුවේ. විදේශ ආදායම් ලබන අයට සුබදායකය. වන්දනා ගමන් සඳහා දුරබැහැර ප‍්‍රදේශවලට යාමට අවස්ථාව ලැබේ. පෙර කරන ලද කුසල් නැවත ඵලදෙන කාලයකි. අපේක්‍ෂා කරන ආකාරයට මෙම අවුරුද්දේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට අවස්ථාව සැලසේ.

ගෘහ ජීවිතය : නිවස තුළ පුණ්‍ය කටයුතු සිදු කිරීමට කාලය සහ ධනය වැය කරන වසරකි. තමාගේ අභිවෘද්ධිය සැලසෙන වසරකි. නිවසේ අලංකාරයට මුදල් වියදම් කරන කාලයකි. සමාජය තුළ තමා ගැන වැඩිපුර කතාබහ කිරීමට හේතු කාරණා යෙදේ. නව ඥති මිත‍්‍ර සම්බන්ධතා ගොඩනැගෙන වසරකි. තම පවුලේ අයගේ දියුණුව සඳහා වැඩකටයුතු මෙහෙයවන කාලයකි. තමා තුළට කීර්තිය, ප‍්‍රශංසාව ලැබෙන ජයග‍්‍රහණය සහිත වසරකි.

ධනය : තමාගේ ආදායම් මාර්ග වැඩිදියුණු වේ. පෙර පින මත ජීවිතය ධන වාසනා අලූත් මාර්ගයකට යොමුවේ. තමන්ගේ ආදායම් මාර්ග වැඩිදියුණු කරගත හැකි නව ව්‍යාපාර ඇරඹීමට සිත් දෙන කාලයකි. අන් අයගේ ධනය හෝ තම පසුම්බියට එකතුවන කාලයකි.

අධ්‍යාපනය : අධ්‍යාපනික බලාපොරොත්තු සඵල වේ. විදේශ පාඨමාලා සඳහා අවස්ථාව සැලසේ. ශාඛ පටක රෝපණය, උද්‍යාන අලංකරණය වැනි අධ්‍යයන කටයුතු සඳහා සුබදායක කාලයකි. ස්වයං නිර්මාණ කටයුතුවල නියැළෙන අයට සුබදායක වේ.


රැුකියාව : නාවුක කටයුතුවල නිරත වන අයට සුබපල සහිත කාලයකි. සන්නිවේදන ක්ෂේත‍්‍රයේ රැුකියාවල නියුතු අයගේ දියුණුවක් දක්නට ලැබේ. තමන් ගත කරන ස්ථානයේ යම් කිසි වෙනසක් විටින් විට දක්නට ලැබේ. උසස්වීම් බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉටුවේ. ස්වයං රැුකියාවලට සුබදායකය.


සෞඛ්‍යය : උරහිස, හෘදය ආශ‍්‍රිත රෝගපීඩා ඇතිවිමට පුළුවන. ලප කැළැල් ඇතිවන හදිසි අනතුරු සිදුවීමට ඉඩ තිබේ. සන්දි ආශ‍්‍රිත ආබාධ නිසා පීඩා විඳීමට සිදුවේ. ශල්‍යකර්මවලට ලක්වීමට ඉඩකඩ පවතී.


මීන – අනාගත සහකරු හෝ සහකාරිය හමුවේ

තමන්ට නොපෙනෙන බලවේගවලින් කරදරයට පත්වන කාලයකි. අභියෝගාත්මක ගමන් මගක ගොස් ජයග‍්‍රහණ ලබා ගැනීමට පුළුවන. අනාගත සහකරු හෝ සහකාරිය හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. පතල් ආශ‍්‍රිත කර්මාන්තවල නියුතු අයට සුබදායක වේ.

ගෘහ ජීවිතය : විදේශගත අයට එම රටෙහි දේපළ මිලදී ගැනීමට සුබ කාලයකි. යානවාහන මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටුවේ. මංගල උත්සව, ප‍්‍රිය සම්භාෂණ සඳහා මුදල් වියදම් කිරීමට යෙදෙන වසරකි. නිවසේ අය සමග විනෝද චාරිකා යාමට සිදුවේ. සිය පවුලේ දියුණුව ගැන නිතර සිතමින් කටයුතු කරයි. තමන්ගේ මංගල සිහින සැබෑවක් වේ. ජීවිතයේ සතුට ඔබ සොයා එන කාලයකි.

ධනය : වෙළඳ ව්‍යාපාර කටයුතු පිළිබඳ ආයෝජන වැඩි දියුණු කිරීමට පුළුවන. ණය මුදල් බලාපොරොත්තු වන අයගේ එම අපේක්‍ෂා ඉටුවේ. ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යා හැකිවේ. අන් අයගේ වස්තුව තමන්ට හිමිවීමට පින ඇති කාලයකි.

අධ්‍යාපනය : බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල අඩුවන වසරකි. අධ්‍යාපන ජයග‍්‍රහණ වෙනුවෙන් වෙහෙසෙන තරමට ප‍්‍රතිඵල නොලැබී යයි. නිතර නිතර මානසික පීඩන ගෙන දේ. ආකාශ වස්තු ගවේෂණය කරන අයගේ නව සොයා ගැනීම් දක්නට ලැබිය හැකි වසරකි.

රැුකියාව : රජයේ රැුකියා බලාපොරොත්තු වන අයගේ අපේක්‍ෂා ඉටුවීම ප‍්‍රමාද කරයි. පොත්පත් ආශ‍්‍රිත රැුකියා කරන අයගේ ආදායම් ඉහළ යයි. නිමි ඇඳුම් කර්මාන්තය, විලවුන් වර්ග පිළිබඳ කටයුතු කරන අයට සුබදායක වේ.

සෞඛ්‍යය : මොළය, කොඳුඇටපෙළ, අක්මාව ආශ‍්‍රිත රෝග ඇතිවිය හැක. තම හෘදය වස්තුවේ ආබාධ නිසා නිතර වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට සිදුවේ. ඇස් සම්බන්ධ ශල්‍යකර්ම කිරීමට සිදුවේ.

ජ්‍යොතිර්වේදී වංචාවල අමල් සුරවීර

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook