Featured News

Video Gossip

Advertisement

හෙදි බිරිය මරා ගල් වලට පැන
මියගිය සැමියාගේ කතාව ‍බොරුවක්ලු
මවයි මවගේ අනියම් සැමියයි අත්අඩංගුවට අරං


පසුගියදා අනුරාධපුර නෙළුබෑව ග්‍රාමීය රෝහලේ සේවය කළේ හෙදියක තියුණු ආයුධයකින් ඝාතනය කිරීමෙන් අනතුරුව ජලය පිරුණු ගල් වළකට පැන සිය දිවි හානි කර ගත් එම හෙදියගේ සැමියා සම්බන්ධ පුවත පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කර තිබුණි.මේවනවිට වාර්තාවන්නේ මේ දෙකම වෙනත් අය විසින් සිදු කරන ලද ඝාතන බවයි.

සිද්ධිය ගැන සැකපිට ප්‍රශ්න කිරිම සඳහා හෙදියගේ මව සහ මවගේ අනියම් සැමියා කියන අයෙකු මින් දින දෙකකට පමණ පෙර අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. පසුගිය මස 28 වැනිදා සිදු වී තිබූ මෙම ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර ශ්‍රාවස්තිපුර ශ්‍රාවස්තිකිවත්තේ පදිංචි සැකකාර කාන්තාව 49 හැවිරිදි දෙදරු මවක වන අතර ඇගේ අනියම් සැමියා 53 හැවිරිදි අයෙකි. 

මාස පහක පමණ බිලිඳියකගේ මවක වූ මාලා ප්‍රියන්ත නමැති 31 හැවිරිදි හෙදිය ඇගේ සැමියා වූ 36 හැවිරිදි සුසන්ත කුමාර බාලසුරිය විසින් තියුණු පිහියකින් ගෙල කැපීම නිසා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වූ බව මුලින් වාර්තා විය.

පසුගිය මස 28 වැනිදා රාත්‍රී 9.30 ට පමණ තමන් පදිංචිව සිටින නිවසේදී සිදු වූ මෙම සිද්ධිය ගැන අනුරාධපුර පොලිසියට ප්‍රකාශයක් කළ හෙදියගේ මව පවසා තිබුනේ තම දියණියගේ කෑ ගැසීම ඇසී තමන් නිවස පිටුපසට දිව යද්දී ඇගේ සැමියා බරපතළ තුවාල ලබා සිටි තම දියණිය පැත්තකට තල්ලු කර දමා ඔහු අත තිබූ තියුණු පිහිය ද විසි කර දිව ගොස් නිවස අසල තිබෙන වතුර පිරුණු ගැඹුරු ගල් වළට පැන අතුරුදන් වූ බවයි. ඒ අනුව පරික්ෂණ සිදු කළ අනුරාධපුර පොලිසිය නාවික හමුදාවේ කිමිදුම් භටයින්ගේ සහායෙන් ගල් වළ පතුලේ සිටි හෙදිය ඝාතනය කළබව කී ඇගේ සැමියාගේ මළ සිරුර ඊට පසු දින (29) පෙරවරුවේ සොයා ගැනීමට සමත් විය.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.එම්.එච්.එම්.කේ. සේනානායක මහතා නිගමනය කර තිබුණේ ගල් වල පතුළේ තිබී මළ සිරුර සොයා ගත් ඝාතනයට ලක් වූ හෙදියගේ සැමියාගේ මරණය සිදු වී ඇත්තේ දියේ ගිලීම නිසා නොවන බවත් ඔහුගේ ගෙල මිරිකීම නිසා හුස්ම හිරවිම හේතුවෙන් බවත්ය. ඒ අනුව ඔහු මියගිය පසු සිරුර ගල් වළට දමා තිබෙන බවට ද අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර තිබුණි. ඒ ඔස්සේ පරික්ෂණ සිදු කළ පොලිසිය ඉකුත් දින කිහිපය තුළ අනාවරණය කර ගත් තොරතුරු පදනම් කරගෙන එම පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් දෙදෙනා විසින් මෙම ඝාතන සිදුකර ඇති බවට සැක කෙරේ.

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, අපරාධයක් සමබන්ධයෙන් තොරතුරු වසන් කිරීම. පොලිස් විමර්ශන කටයුතු නොමග යැවීමට උත්සාහ කිරීම යන චෝදනා යවන්නේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 
මෙම සැකකාරියට ඝාතනය කෙරුණු හෙදියට අමතරව තවත් දියණියක සිටින බවත් සැකකාරියගේ සැමියා මීට වසර කිහිපයකට පෙර මියගිය පසු දැනට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අනියම් සැමියා ලෙස නිවෙසේ නවතාගෙන සිටි බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

ඔවුන් සමග ඇතැම් අවස්ථාවල මියගිය යුවළ දබර කරන බවටද වාර්තා පළව ඇත. සැකකාර අනියම් සැමියාගේ විවාහක බිරිඳ දැනට විදෙස් රටක රැකියාවක නිරතව සිටින බව ද පොලිසිය අනාවරණය කර ගෙන තිබේ. 

ඝාතනයට ලක් වූ හෙදිය ද මින් ඉහත පොලිස් කොස්තාපල්වරයෙකු සමග විවාහ වී සිට 2013 වසරේදී ඔහුගෙන් දික්කසාද වු තැනැත්තියක බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු පසුගිය (9) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements