Featured News

Video Gossip

Advertisement

කිරි උතුරුවන්නේ ඇයි?

මේ උදා වූයේ බක්‌ මාසයයි. බක්‌මහ වසන්තය සූර්ය මංගල්‍යය සමරණ කාලයයි. දොර දොර කිරි උතුරුවා සමෘද්ධිය පතන සුබ මුහුර්ථය උදාවන තුරු බලා සිටින කාලයයි. මුළු රට පුරා ජනයා එකම මොහොතක ගිනි දල්වා කිරි මුට්‌ටිය ළිප තබති.

එහෙත්...නිවෙස්‌වල සිටින වැඩිහිටි උදවියගෙන් විමසූ විට ලැබෙන පිළිතුරම කෝවිල් තුළ සිටින ඇතැම් පූජකවරුන්ගෙන් ද ලැබීම පුදුමයට කරුණකි. කවුරුත් පවසන්නේ පැරැණි චාරිත්‍රයක්‌ ඉටු කරන බවයි.

ඉතින් ඒ පැරැණි චාරිත්‍රය කෙසේ කුමන කරුණක්‌ අරඹයා දැයි විමසූ විට පිළිතුරු නොලැබේ.

එය රටට, ගමට පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණයි.

පිළිවෙල පෙර ඉසිවරු කිව් විලසට
කිරි දොවලා ගෙන්වාගෙන සැළියට
සරිවන තොරණක්‌ බන්¹ නිසිකොට
කිරි උතුරති. දොර - ඉරු දෙවියන්හට.

හිරු දෙවියන් හෙවත් සූර්ය දිව්‍ය රාජයා බුදුන් සරණ ගිය සෝවාන් ඵලයට පත් කෙනකු බව බුදුන් වහන්සේ විසින්ම දේශනා කළ බව 'සූර්ය පිරිත' කියවා තේරුම් ගැනීම බෞද්ධයන් වූ ඔබ සැමට භාරය.

ගෞතම බුදුන්ගේ වංශය ද සූර්ය වංශය බව පිරිත් පොත මෙන්ම සූර්ය ශතකය සාක්‌ෂි දරයි.

ගඩලාදෙණිය සෙල්ලිපියට අනුව සූර්ය වංශයට හා සූර්ය වර්ෂයට සම්බන්ධ වූ ශක රාජ වර්ෂ ක්‍රමය 14 වැනි සියවසෙහි ද සිංහල ජනතාව අතර භාවිත වූ බව සනාථ කරයි.

සූර්ය වන්දනාවෙන් හා හිරුට අධිපති දෙවියා ලෙස සැලකූ ශිව දෙවියන් මූලික කරගත් හින්දු ධර්මයෙහි කිරි ඉතිරවීමේ චාරිත්‍රය ප්‍රධාන බව Rෂි භාෂිත ඉගැන්වීමයි.

බුද්ධත්වය ලබන අප මහා බෝසතාණන්ට සුජාතාව පිළිගැන්වූ 'ක්‍ෂීර පායාස්‌ හෙවත් කිරිබත් පූජාව පිළිබඳ සියලු බෞද්ධයෝ දැන සිටිති.

පත්තිනි දෙවඟන

නොකළ සොරකමකට සිය සැමියා මරා දැමූ පඬි රජුට එරෙහිව කන්නගී නමැති පතිනියගේ ශාපය ක්‍රියාත්මක වෙයි.

කෝපයට පත් කන්නගී පඬි රජුගේ මාලිගය සොයා ගොස්‌ රජුටත් ඒ නුවරටත් ශාප කොට වම් පයෝදරය කඩා පොළොවේ ගැසීය. ඒ මොහොතේම මුළු නුවරම ගිනිබත් විය.

දෙවියනි· දැමි, බමුණු, එළදෙන් කිරි දුන්න
දරුවන් යුවතියන් පතිවත බල දන්න
මහලුන් හැර අදහමට බරවී ඉන්න
වහලුන් ඇති පෙදෙස්‌ ගින්නෙන් වනසන්න

මෙසේ ධාර්මික බමුණන්, දරුවන්, මවුන්, මහලුන් සහ රෝගීන් ද කිරිදෙන එළදෙනුන් ඇතුළු අහිංසක සතුන් ද හැර පාපිෂ්ඨයන් වනසා දමන ලෙස හිරු දෙවියන්ට කීවාය.

සිදු වූ මහත් ව්‍යසනයෙන් පසු හන්ධි හන්ධි ගාණේ කිරි ඉතිරුම් කොට සෙත උදාකර ගන්නා ලෙස 'පතිනිය' පඬි රජුට දන්වා යෑවූවා ය.

ගෙන්වා එළදෙන එතැනට
දොවමින් කිරි මැටි බඳුනට
උතුරා ඉරු දෙවි නාමෙට
පහකර දොෂ මහ මුහුදට

මධුරාපුර ගිනි නිවී යද්දී, කන්නගී තුසිත දෙව්ලොව උපන්නාය.

එගිනි නිවා මධුරා පුර වැඩසිට
මෙවැනි දුකක්‌ නොකරමි මින් මතුවට
එගිනි නිවා සතහට පිහිටක්‌ කොට
වඩිති පතිනි මව දෙව් ලොව සැපතට

සූර්ය පිරිතට අනුව සූර්ය දෙව් පුත් යනු තථාගතයන් වහන්සේ සරණ ගිය කෙනෙකි. බුදුන් සරණ ගිය සූර්ය දෙවියන් උදෙසා සූර්ය මංගල්‍යය දිනයේදී කිරි උතුරුවා උපහාර දැක්‌වීම මිථ්‍යාවක්‌ නොවේ.

හිරු දෙවිඳු නැකතට
වඬිනේ මෙරඟ මඬලට
තෙදින් දොස්‌ දුරු කොට
වඩින් හිරු දෙවි අප කමා කොට

කිරි ඉතිරිවීම යනු

රවිගෙ අඵල උදා වී ඇති උදවිය අවබෝධයෙන්ම කළයුතු යහපත් ක්‍රියාවකි.

හිරු දෙස බලා මෙසේ ගායනා කරන්නට හෝ සිතින් මෙනෙහි කරනට හැකි නම් උසස්‌ ප්‍රතිඵල හිමිවනු ඇත.

පුරාණ හිරු ජපය

ජපා කුසුම සංකාශංකාශ්‍යපේයං මහා ද්යුතිම්
තමෝරිං සර්ව පාපඝ්නං පුණතෝස්‌මි දිවාකරම්
සූර්ශ ශතකය

වසර 1500 කට පෙර රචනා කරන ලදැයි සැලකෙන සූර්ය ශතකය දැඩි සූර්ය භක්‌තිකයකු වන මහා කවි මයුර භට්‌ටාචාර්යයන් විසින් සම්පාදිතය.

සූර්ය ග්‍රහ තරුවට තැනහොත් එහි අධිපති දිව්‍ය පුත්‍රයාට භක්‌ති ප්‍රේමය දක්‌වන්නවුන්ට සියලු යහපත සිදුවන බව එහි කියා තිබේ.

නිමල් කුඩාතිහි - කතරගම

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements