Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

උමයංගනාට හොඳම නිළිය වීමේ
ආශාව නැතිවෙලා නෑලූ

කොයි කවුරුත් හොඳින් දන්නා ජනප්‍රිය තාරකාවක් තමයි උමයංගනා වික්‍රමසිංහ කියන්නේ. ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම අලුත් අවුරුදු පිළිසඳරට ඇය මෙලෙස අපිත් සමග කතාබහක යෙදුණා.

මේ දවස්වල කෙරෙන නිර්මාණ ගැන කතා කරමු?
මේ දවස්වල සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් වන සුනිල් කොස්තා මහතාගේ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ කියන ප්‍රාසාංගික ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. හරිම ලස්සන, දීර්ඝ නොවන, නිර්මාණාත්මක, ගුණාත්මක, වෙනස් නිර්මාණයක් ඒක. ඊට අමතරව තවත් නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඒ වගේම සිනමා නිර්මාණ දෙකක හඬකැවීම් තියෙනවා ඉදිරියේදි. එතකොට මේ දිනවල උදේසිරි වික්‍රමරත්නයන්ගේ ‘361’ සහ චාමික හත්ලාවත්තයන්ගේ ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යයත් වේදිකාගත වෙනවා.

දැන් දැන් නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ අඩුවෙන්ද?
එහෙමමත් නෑ. ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකාව කියන අංශ තුනේම නිර්මාණවලට දායක වෙනවා. ඒ වගේම තවත් නිර්මාණ නාළිකාවලින් අවස්ථා දෙනතුරු ‍පෝලිමේ බලාගෙනත් ඉන්නවා.

වේදිකාව නිසා පුංචි තිරය මගහැරිලද දැන්?
මගහැරිලා නැහැ. නමුත් වේදිකා නාට්‍යවල පුහුණුවීම්වලට වැඩි කාලයක් වෙන් වෙනවා. ඒ ඇරුණු කොට නම් වේදිකාවට වගේම පුංචි තිරයටත් සමාන ඉඩක් දීලා තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.

නිෂ්පාදන ආයතනයත් එක්කත් ඔබ කාර්යබහුල ඇති නේද?
ඔව්, කාර්යබහුලයි. මගේ මල්ලි තමයි එහි වැඩ කරගෙන යන්නේ. මගෙන් සහායක් අවශ්‍ය වෙලාවට මමත් ඔහු එක්ක ඉන්නවා. විදේශීය නිර්මාණ සහ වාර්තා වැඩසටහන් තමයි ඔහු ගොඩක් කරන්නේ. තවම ඉගෙන ගන්න ගමන් තමයි විවිධ වූ වෙනස් වූ නිර්මාණ ඔහු කරගෙන යන්නේ.

ඔබ මෙගා නාට්‍ය ප්‍රතික්ෂේප කරන කෙනෙක්ද?
ප්‍රතික්ෂේප කිරීමක්ම ‍නෙවෙයි, නමුත් කොටස් 100ට වැඩි නම් ඒ නිර්මාණ සීමා කළ යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද දැන් ප්‍රේක්ෂකයෝ ඇබ්බැහිවෙලා ඉන්නේ මේ දීර්ඝ ටෙලි නාට්‍යවලට.

ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස හැඳින්වුවොත් නිවැරදිද?
ඔව්, ඇත්තටම මම වෘත්තීය රංගන ශිල්පිනියක්. හැකියාව, දක්ෂතාව සහ උනන්දුව මත රංගනය රැකියාවකට එහා ගිය වෘත්තීය තත්ත්වයට පත්වෙලා තියෙනවා. අත්දැකීම්වලින්, අභ්‍යාසයෙන් වගේම ‍පොතපතින් සහ වෙනත් නිර්මාණ රස විඳීමෙන් ඒ වෘත්තීය වටිනාකම තවත් වැඩි කරගන්නයි මම නිතරම උත්සාහ ගන්නේ.

සාහිත්‍යයට තියෙන උනන්දුව නිසා ‍පොතක් ලියන්න බලා‍පොරොත්තුවක් නැද්ද?
හොඳ ලිවීමේ හැකියාවක් තිබුණු කෙනෙක් තමයි මම. පාසලෙන් අයින් වුණත් හරි තාම හරි දෙයක් ලියැවිලා නැහැ. විශේෂයෙන්ම මගේ සිංහල ගුරුතුමා සී.ආර්. ඩික්සන් ඇන්තනි ගුරු පියාණන් තමයි රාගම බැසිලිකාවේ ඉගෙන ගන්න කා‍ලේ මාව සාහිත්‍යයට උනන්දු කළේ. ඊට පස්සේ තමයි මම ශාන්ත තෝමස් බාලිකාවෙන් මිලාගිරියට ගියේ.
පත්තරවලටත් මම ලිපි, රචනා ලියලා තියෙනවා. අද හෙටම ‍නෙවෙයි, නමුත් මගේ නිර්මාණයක් සාහිත්‍යයට දායාද කරන්නත් බලා‍පොරොත්තුවක් තියෙනවා අනාගතයේදී.

අලුත් අවුරුද්දේ සම්මානයක් ගැන එහෙම බලා‍පොරොත්තුවක් හිතේ නැද්ද?
ජනප්‍රිය සහ හොඳම කියන සම්මාන ද්විත්වයම මම ලබාගෙන තියෙනවා. ඒ වගේම නිර්දේශවෙලත් තියෙනවා. තවත් හොඳම නිළිය වීමේ ආසාව නැතිවෙලා නැහැ. ලැබෙන චරිතවලට වෙනස් හැඩයක් එකතු කරලා රංගනයේ යෙදෙන්න මම නිතරම උත්සාහ ගන්නවා.

තිරයේ පෙම්වතුන්ගෙන් සැබෑ ජීවිතයේදී ආදරයට ඇරයුම් ලැබිලා නැද්ද?
නෑ, එහෙම අවස්ථා තිබිලා නැහැ.

හැමදාම අහිංසක චරිතයට කොටුවෙන්නද බලා‍පොරොත්තුව?
මම හිතන්නේ මම එහෙම කොටුවෙලා නෑ. තිරයේ පෙම්වතිය වුණු චරිතවලදී මම අහිංසක ළාමක, බොලඳ විදියට ඒ භූමිකාව රඟදැක්වූවා. නමුත් මම කරපු පියවි නාට්‍යයේ චරිතය, ෆෙන්ෂුයි ගෙදර සෝමලතා, ගජමුතු ආදී නිර්මාණවල මම විවිධ වෙනස් කාන්තා චරිත රඟදැක්වූවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ වගේම ක්ෂේත්‍රයේ පිරිසගෙනුත් මම විවිධ චරිත වෙනස් විදිහට තෝරගන්නා කෙනෙක් කියන ප්‍රතිචාරය ලබනවා ඒ චරිත නිසා.

ඔබ විලාසිතා තෝරාගන්නේ ඔබටම අනන්‍ය වූ විදිහකටද?
තැනට, අවස්ථාවට සුදුසු ලෙසයි මම විලාසිතාවක් කරනව නම් තෝරගන්නේ. මට ගැළපෙනවා කියලා හිතෙනව නම් ඒ ඇඳුම මගේ විලාසිතාවලට හරියන විදිහට මම හදාගන්නවා. එන එන හැම විලාසිතාවම කරන්න යන්නෙත් නෑ. ගැළපෙනව නම් විතරයි මම විලාසිතා තෝරාගන්නේ. ඒක ඒ කාලෙට උචිතද නැද්ද කියන එකට වඩා මට ගැළපෙනවා නම් මම තෝරාගන්නවා.

රංගන ශිල්පිනියක් නිසාම රූපය ගැනත් වැඩි සැලකිල්ලක් ඇති නේද?
රංගන ශිල්පිනියක් නිසාමත් ‍නෙවෙයි, සාමාන්‍ය කෙනෙක් විදිහට ලස්සනත් එක්ක නිරෝගිකම ගැනත් මම හිතනවා. ඒ වෙනුවෙන් අනවශ්‍ය කෑම බිමවලින් තොරවෙලා සාමාන්‍ය විදිහට නිරෝගිකම ගැන හිතලා යම් යම් සරල දේවල් ටිකක් කරනවා.

අලුත් අවුරුද්දේ තියෙන බලා‍පොරොත්තු ගැනත් කියමු?
මල්ලිත් එක්ක ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමයි, විශේෂයෙන්ම මගේ කලා නිර්මාණවලට හොඳ දායකත්වයක් ලබාදීම සහ දිගටම අභ්‍යාසයේ නිරත වෙමින් කලාවේ නියැළෙන්න තමයි ලොකුම බලා‍පොරොත්තුව තියෙන්නේ.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook