ගයාත්‍රි චිත්‍රපට රංගනයට වැඩි කැමැත්තක් දක්වනවාද..?
අපොයි ඔව්. කොයි තරම් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණත් මගේ හිත යන්නෙම චිත්‍රපට පැත්තට. චිත්‍රපටයක පොඩි චරිතයක් ලැබුණත් එය මට ලොකුයි. කවුරු හරි මට චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළොත් චරිතයේ ප්‍රමාණය ගැනවත් නොහිතා මම ක්ෂණිකව කැමැත්ත පළ කරන්නේ චිත්‍රපට රංගනයට මා තුළ ඇති ආසාව නිසාමයි.
රඟපෑ චිත්‍රපට කීයක් විතර තිරගත වෙන්න තියෙනවද..?
චිත්‍රපට 20ක් විතර එන්න තියෙනවා. ඒ අතරම ටෙලි නාට්‍යයත් නැතුවා නෙවෙයි.
පසුගිය දවස්වල ඔබේ ළඟම මිතුරිය නයනා කුමාරි එක්ක මත ගැටුමක්වත් ඇති කර ගත්තාද..?
නෑ. ඇයි එහෙම අහන්නේ.
දෙන්නා එකට ඉන්නවා කොහේදිවත් දැක්කේ නෑ. ඒකයි..?
ඔය සේරම කතා හදන්නේ ප්‍රේක්ෂකයොයි, කර්මාන්තය ඇතුළේ ඉන්න අයයි. අපි දෙන්නාගේ යාළුකම කවදත් එක වගේ. දැන් වෙලා තියෙන්නේ අපි දෙන්නම කාර්යබහුල වීම. වයසට යද්දි, දරුවෝ ලොකු වෙද්දි කරන්න තියෙන වැඩ වැඩි වෙනවා. අපි දෙන්නට හැම උත්සව අවස්ථාවකටම එකට සහභාගි වෙන්න බැරි
වෙන්න ඒක ලොකු හේතුවක්. දැන් වුණත් අපි දෙන්නම එකට යන ගමන් අඩුයි. මේ දවස්වල අපි දෙන්නම වැඩමුළු කිහිපයක් කරන්න සැලසුම් කරමින් ඉන්නේ. ඇත්ත තමයි. ළඟදි අපි දෙන්නට එකට කොහේ හරි ගිහින් අනිත් අය සතුටු කරන්න බැරි වුණා තමයි.
ඔය යාළුකම නිසා හැදුණු කටකතාත් ඊට පරිබාහිර හේතු නිසා ඇතිවූ කටකතාත් බොහොමයි නේද..?
මම වැරැද්දක් කරලා නැති නිසා මෙවැනි අවස්ථාවල මට දරාගන්න කියලා දෙයක් නෑ. බෙල්ලේ වැල දාගන්නවත්, දරුවෝ ඉදිරියේ අසරණ වෙන්නවත්, පවුල අවුල් කරගන්නවත් මට සිදුවෙලා නැත්තේ මම නිවැරැදි නිසා. කොහොමත් ඉතිං පල ඇති රුකටනේ ගල් ගහන්නේ.
සියල්ල උපේක්ෂාවෙන් දරාගන්න ගයාත්‍රි පුරුදු වෙලාද..?
උපේක්ෂාවෙන් දරාගන්නේ නෑ. උපේක්ෂාවෙන් බලනවා. මට එල්ල වන ගල්, මුල් ප්‍රහාර ගැන මට දුක නෑ. සැලෙන්නෙත් නෑ. ඒත් දුක හිතෙන එක දෙයක් තියෙනවා..?
මොකක්ද ඒ..?
පත්තරේක හෝ වෙනයම් තැනක අපි ගැන ලිපියක් ගිය විට ප්‍රේක්ෂකයෝ දාන ඛ්ධථථඥදබඵ දැක්කම දුක හිතෙනවා. හරියට අපි ගැන හැමදේම ඒ අය දන්නවා වගේ කතා කරනවා. තමන්ගේ අල්ලපු ගෙදර මනුස්සයෙක් ගැන නම් කමක් නෑ කියමුකෝ. ඒ කෙනාව අඳුනනවානේ. දැකලා ආශ්‍රය කරලාවත් නැති අපි ගැන ඒ අය මොනවද දන්නේ. හඳුනන්නේවත් නැති අයට කතා හදන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ.
ප්‍රේක්ෂකයෝ ගයාත්‍රිට ආදරේ නෑ කියලද හිතන්නේ..?
ප්‍රේක්ෂකයන්ගෙන් සියයට අසූවක්ම මං දිහා තරහින්, කේරා්ධයෙන්, ඊර්ෂ්‍යාවෙන් බලන බව මම දන්නවා. ඒකට කමක් නෑ. ඒ අය දිහා මම තවත් ආදරෙන් බලනවා. ඒ අය එල්ල කරන ගල්, මුල්, මඩ ප්‍රහාර නිසා තමයි මම තවත් ශක්තිමත්ව මගේ ගමන යන්නේ.
මේ දවස්වල සිදු කරන නිර්මාණ කටයුතු ගැනත් කියමු
'පිනි' ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල තමයි ඉන්නේ. ඊට අමතරව චිත්‍රපට තුනක රූගත කිරීම් කරනවා. එකක නම් වැඩ ඉවරයි. තව එකක රූගත කිරීම් මැයිවල පටන් ගන්නවා. සති දෙකකට ඉතාලි යන්න ඉන්නවා. ඒ ගිහින් ආවම තමයි ඒ රූගත කිරීම් පටන්ගන්නේ. වැඩිපුරම මහන්සි ගන්නේ එධපඬ ඉඩධන එකේ වැඩවලට තමයි
චාමිණී ගම්මන්පිල