Featured News

Video Gossip

Advertisement

ඒඩ්ස් හැදුණැයි කටකතා පැතිරූ
ගණේමුල්ල දැරියව රන්ජන් අකිල වෙත ගෙන යයි
අකිල ජාතිපාසලක්ම දෙයි
ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පාසල් අධ්‍යාපනය අහිමිව පසුගිය කාලයේ දැඩි සමාජ පීඩනයට ලක්ව සිටි ගණේමුල්ල ප‍්‍රදේශයේ පාසල් සිසුවියට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (18) නව ජාතික පාසලක් හිමිවිය.

සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරවීමෙන් අනතුරුව අධ්‍යාපන ඇමතිවරයා මෙම පියවර ගෙන තිබේ.

එම පාසල් සිසුවියට ඒඞ්ස් රෝගය වැළඳී ඇති බව පවසමින් ඇයට පාසල් බලධාරීන් විසින් පරිභව කර ඇති බවට ද පසුගිය දිනවල වාර්තා වී තිබිණි. මෙම දැරියගේ භාරකරුට ද ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් අනුව ගැළපෙන රැකියාවක් ලබාදීමට පියවර ගන්නා බව දැරිය හමුවූ අවස්ථාවේ අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.


එමෙන්ම දරුවන්ට මෙවැනි අසාධාරණකම් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව කී අමාත්‍යවරයා ඇතැම් අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකරනු ලබන ක‍්‍රියා පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවද කීවේය. පළාත් පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් පළාත් මට්ටමින් සිදුවන මෙවැනි සිදුවීම් කළමනාකරණය කිරීමට සක්‍රීයව මැදිහත් විය යුතු බවත්, ඒවා ජාතික තලයට ගෙන ඒමට කටයුතු නොකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන් මුහුණ දෙන ගැටලූ ද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව කී අමාත්‍යවරයා දිවයිනේ සියලූ රජයේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එම ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය තුළින් නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බවද කීවේය.


 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements