Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


නාට්‍ය දෙකක් ලියලා
කහින කෙනෙක් නෙවෙයි මම
-ජානක සිරිවර්ධන

සිඳු සමන් එදිරිමුණි ලියන්න කලින් මට ලියන්න දෙරණින් ආරාධනා ලැබුණා

"සිඳු" ටෙලි නාට්‍යයේ රචනයට ඔබ එකතු වුණේ පසුව. නමුත් සිඳු ටෙලි නාට්‍යයේ මුල සමඟ ඔබේ සබදතාවක් තිබෙනවා නේද..?

සිඳු ටෙලිනාට්‍ය මලී තුන විදිහට තමයි පටන්ගත්තේ. මලී කියන්නේ මගේ නිර්මාණයක්. මලී 2, අත්තම්මා මගේ නිර්මාණයක්. මලී 3, සිඳු සමන් එදිරිමුණි ලියන්න කලින් මට ලියන්න දෙරණින් ආරාධනා ලැබුණා. කතා සාරාංශය හදලා සභාපතිතුමා එක්ක කතා කළා. කතා සාරාංශය ගැන යම් යම් මත ගැටුම් අපි අතර ඇතිවුණා. ඒ නිසා මට මුලින්ම එහි රචනයට එකතු වෙන්න බැරි වුණා. පසුව තමයි මම එහි රචනයට එකතු වුණේ.



ඒ කියන්නේ කතා සාරාංශය සම්බන්ධ ගැටලුව නිසාද මුලින්ම සිඳු ටෙලි නාට්‍යයේ රචනයට එකතු නොවුණේ..?

ජානක සිරිවර්ධන කියන්නේ මේ රටේ ඉන්න හොඳම නාට්‍ය නිෂ්පාදකවරයෙක්. ඒ වගේම ඔහු මගේ හොඳ යාළුවෙක්. මගේ යාළුකම ආරක්ෂා කර ගන්නවද කතා සාරාංශය එක්ක ගැටිලා නාට්‍ය කරනවද කියලා මම හිතුවා. ජානකව මට නාට්‍යයට වඩා වටිනවා. කතා සාරාංශය ගැන මත ගැටුම් ඇති කරගෙන ලියනවට වඩා නිශ්ශබ්දව ඉන්න එක හොඳයි කියලා හිතුවා. මම සිඳු ලියන්න බෑ කිව්වේ නැහැ. මම ඒක ලියන්න ටිකක් ප්‍රමාද වුණා. සිඳු නාට්‍යයේ නම ජානකගේ. එහි කතාව ජානකගේ සහ ලක්සිරි වික්‍රමගේ මහත්තයාගේ. නැතිව වෙන කාගෙවත් නෙවෙයි.

කොහොමින් කොහොම හරි සමන් එදිරිමුණි තමයි මුලින්ම සිඳු ලිව්වේ..?

මට හෘදයාබාධයක් ඇතිවුණා. දෙරණින් මට උදවු කරන්නම් කියලා යම් උදව්වක් කළා. මගේ ඔපරේෂන් එකට යද්දී පාන්දර හයටත් දෙරණෙන් මට කතා කරලා කිව්වා හොඳවෙලා එන්න අපි නාට්‍ය ලියමු කියලා. එතකොටත් සිඳු විකාශය වෙමින් තිබුණේ.

සිඳු නාට්‍යයේ රචනයට ඔබට නැවතත් ආරාධනාවක් ලැබෙනවා..?

ඔව්. හොඳ වුණාට පස්සේ මම දෙරණට කිව්වා දැන් මට හොඳයි කියලා. එතකොට සමන් ලියන්න බෑ කියලා තියෙන්න ඇති. ඒ වෙලාවේ මටත් උදව්වක් කරන්න ඕන කියන අදහස දෙරණට තියෙන්නත් ඇති. කොහොම හරි මට සිඳු ලියන්න අවස්ථාව ලැබුණා.

සිඳු දැන් යන්නේ සමන් ගෙනියන්න හදපු අරමුණේ නෙවෙයි කියනවා. "සිඳු" ටෙලි නාට්‍යයේ අරමුණ වෙනස් වෙලාද..?

"සිඳු" කොයි තැනටද ගෙනියන්නේ කියන අරමුණ තිබ්බේ දෙරණට. 217න් එහාට සිඳු ලියන්න දෙයක් නෑ කියලා සමන් මාධ්‍යවලට කිව්වා. නමුත් අපි නිහඬව ලිව්වා. ඒ වගේම "සිඳු" ජනප්‍රිය නාට්‍යයක් වුණා.

මම දෙරණෙන් බිහිවුණු රචකයෙක් නෙවෙයි. මාව බිහිකළේ මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස්. මම අදත් ඒ අයට ආචාර කරනවා මාව රචකයෙක් කළාට. සමන් එදිරිමුණි කියන්නේ දෙරණෙන් බිහිකළ රචකයෙක්. එයා තාම නාට්‍ය දෙකයි ලියලා තියෙන්නේ.

පසුගිය ර්ථීඥධනතඥඵ ඒඹචපඤ උළෙලේ සිඳු ජනප්‍රිය ටෙලි නාට්‍ය බවට පත්වුණා. එහි සම්මාන ගන්න දෙරණෙන් සමන්ට ආරාධනා කරලා තිබ්බලු නේද..?

චරිත් කොතලාවල කියලා තියෙන්නේ සිඳු සහ දෙවැනි ඉනිම ර්ථීඥධනතඥ'ඵ ඒඹචපඤ උළෙලේ සම්මානයට නිර්දේශ වී තිබෙන බවට ආරංචියක් තිබෙනවාය, දෙවැනි ඉනිමේ අධ්‍යක්ෂවරයා ලංකාවේ නැති නිසා සම්මානයක් ලැබුණොත් ගන්න යන්න එනවද කියලා. නැතිව සිඳු සම්මානය ගන්න එන්න කියලා නෑ ඔහුට. චරිත් කොතලාවල මහත්මයා මට කිව්වා ඔයා ලියන නාට්‍යයකට සමන්ට එන්න කියන්නේ ඇයි කියලා. සමන් කොටස් 217යි ලියලා තියෙන්නේ. දැනට මම සිඳු නාට්‍යයේ කොටස් 500කට වඩා ලියලා තියෙනවා.

ඔබ ඇයි සම්මාන උළෙලට නොගියේ..?

මම සම්මාන උළෙලට සහභාගි වුණේ නෑ. මට කිව්වෙත් නෑ. මම ඒක දන්නෙත් පස්සේ. නමුත් මම අකුරක් හරි ලියපු ටෙලි නාට්‍යයකට සම්මානයක් ලැබෙද්දී මට සතුටුයි. දෙරණේ මොන නාට්‍ය ජනප්‍රිය වුණත් මම ඉතාම සතුටුයි. මොකද මගේ ජීවිතය බේරගන්න ලොකු සහායක් දුන්නා ලක්සිරි වික්‍රමගේ, චරිත් සහ මාධව.

යම්කිසි නිර්මාණයක සාර්ථකත්වයට රචනයත් ඉතා වැදගත්. රචනයට උරදීපු ඔබ සම්මාන උළෙලට සහභාගි නොවීම අඩුවක් කියලා හිතන්නේ නැද්ද..?

නෑ. මේ නාට්‍ය තුන්දෙනෙක් බෙදාගෙන ලියන්නේ. ලක්ෂාන් ඒ කෙනෙක්. ජානක සිරිවර්ධන කියන්නේ ටෙලිනාට්‍ය 23ක් නිෂ්පාදනය කළ මනුස්සයෙක්. මම ටෙලිනාට්‍ය 175ක් ලියපු කෙනෙක්. මට සම්මාන උළෙලට යන්න බැරිවුණා කියලා දුකක් නැහැ. මම ලියපු සිව්දිය දහර, සොහොයුරෝ, සැනසුම් සුවඳ, දෙපත් නයි වගේ නාට්‍ය බොහොමයක් ජනප්‍රිය නාට්‍ය වුණා. නාට්‍ය දෙකක් ලියලා කහින කෙනෙක් නෙවෙයි මම.

කිහිපදෙනෙක් එකතු වෙලා වැඩ කරද්දී මත ගැටුම් ඇතිවෙලාම නැද්ද..?

අපේ මත ගැටුම්වල කෙළවරක් නැහැ. නමුත් මත මිසක් පුද්ගලයෝ නෙවෙයි ගැටෙන්නේ. ලක්ෂාන්, මම, ජානක ඉතාම හොඳ යාළුවෝ. අපි සමහර දේවල්වලට තර්ක කරනවා. තර්ක කරලා නිවැරැදි දර්ශනය තීරණය කරලා ලියනවා. ජානකයි මමයි දවස් තුන හතර කතා නොකර ඉඳලා ආයෙත් අපි කතා කරලා හරි සීන් එක තීරණය කරනවා. අපි මෝඩයෝ නෙවෙයි. අපි තර්ක කරන්නේ වැඩේ හොඳට කරන්න විතරයි. අපි අතර කුහකකමක් නැහැ.

ඇදි ඇදි යද්දී ඕනෑම දෙයක රහ නැති වෙනවනේ. සිඳු තව කොච්චර දුර ඇදගෙන යයිද.?

ලක්සිරි වික්‍රමගේ සහ ජානක සිරිවර්ධන ළඟ සිඳු ටෙලි නාට්‍යයේ මුල, මැද, අග තිබෙන කතා සාරාංශයක් තිබෙනවා. ඒකෙන් තුන් කාලක් විතර අපි කරලා තියෙන්නේ. තව කාලක්, භාගයක් විතර යන්න තියෙනවා. කතාවේ මුල, මැද, අග සම්පූර්ණ වුණාම අපි අපේ කතාව නවත්තනවා.

ඔබ සුදු අඟුරු නාට්‍යයේ රචනයෙන් ඉවත් වුණා කියලා ආරංචියි...?

සුදු අඟුරු කියන නාට්‍ය මම ලිව්වේ. නමුත් මම ඒකෙන් අයින් වුණා. අඟුරු සුදු කළත් ඒ මිනිස්සු සුදු කරන්න බෑ. ඊට වඩා හොඳයි ඒකෙන් අයින් වෙනවා.

මේ දවස්වල අලුත් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙනවාද..?

ඉලන්දාරියෝ නාට්‍යයේ රචනයට තමයි මේ දවස්වල එකතු වෙලා ඉන්නේ.

ඔබ ඕන අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න කැමැතිද..? නැත්තම් තෝරාගැනීම් තියෙනවද..?

තෝරා බේරා ගැනීමක් නැහැ. ඥනඪඵධඤඥ එකක් දෙකක් ලියද්දී මට අලුත් අධ්‍යක්ෂවරයෙක් වුණත් තේරුම් ගන්න පුළුවන්. මගේ වෘත්තිය මේක නිසා මට ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්.

ටෙලි නාට්‍ය කලාව අගාධයකට වැටිලා. මේ කතාව හැම තැනින්ම ඇහෙනවා. නිර්මාණකරුවෙක් ලෙස ඔබටත් මේ ගැන අදහසක් ඇති...?

හැමෝම කියනවා ටෙලිනාට්‍ය කලාව ආගාධයකට වැටිලා කියලා. මේක බේරගන්න පුළුවන් දෙරණ නාළිකාව වගේ නාළිකා තුනකුයි ජානක සිරිවර්ධන වගේ නිෂ්පාදකවරු පස්දෙනකුයි හිටියොත්. දෙරණ, ජානක පොලු තියන්නේ නැහැ. මේක තමයි සත්‍ය. ටෙලිනාට්‍ය කලාවට ලොකු උරදීමක් ඔවුන් කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook