Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මට ගී ගයන්න බැරි හින්දා 
මම රුවන් එක්ක සින්දු කියන්න යන්නේ නෑ

රුවන් උයන්න එන්නේ නැහැ
ඉස්කෝ‍ලෙදි පිරිමි ළමයෙකුට ගහලා කබඩ් එකට දාලා වැහුවා

“රැජිණ” පුවත්පතට “ගංගා ෂයිනි ගමගේ විසින් රචනා කළ “පාරා” නවකතාව ඇසුරින් “ප්‍රභාත් රෝෂන” විසින් අධ්‍යක්ෂණය කරන “පාරා” ටෙලි නාට්‍යය මේ දිනවල සතියේ දින පහ පුරාම “ස්වර්ණවාහිනී” නාලිකාව ඔස්සේ විකාශය වේ. “පාරා” ටෙලි නාට්‍යයේ “පාරා” ලෙසින් අප හමුවට පැමිණෙන්නේ “ෂෙරිල් ඩෙකර්” නම් ජනප්‍රිය රංගන ශිල්පිනියයි . ජනප්‍රීය නළු නිළියන් නිරතුරුව පුංචි තිරය හරහා අප හමුවට පැමිණියද ෂෙරිල් කලාතුරකින් ටෙලි නාට්‍යය සඳහා එක්වන නිළියකි. 
ෂෙරිල් අප හා කතාබහකට එක්වූයේද කලකට පසුය.

ෂෙරිල් ..“පාරා” සඳහා එක්වූයේ සෑහෙන කාලෙකට පස්සේ.. 

මා අන්තිමට රඟපෑවේ “මීදුමින් එහා” ටෙලි නාට්‍යයේ. ඒ මීට වසර 3 කට කලිනුයි. ඉන්පසු මා එක්වන්නේ “පාරා” ටෙලි නාට්‍යයට.

ෂෙරිල් ටෙලි නාට්‍යය සඳහා එක්වන්නේ කලාතුරකින්.. ඇයි ඒ .. ?

එක නාලිකාවක මම රඟ පෑ ටෙලි නාට්‍යයක් ඉවරවෙලා අනිත් නාලිකාවට හරවද්දිත් මමම ඉන්න ටෙලි නාට්‍යයක් යනවා දකින්න අකැමැති හින්දයි ඉඳහිට මතක හිටින නිර්මාණයකට විතරක් එක්වන්නේ.. මා රඟ පෑ හැම ටෙලි නාට්‍යක්ම ජනප්‍රිය වුණා. මේ දිනවල මගේ සම්පූර්ණ කාලය යොදලා තියෙන්නේ “පාරා” ටෙලි නාට්‍යයට. “පාරා” අවසන්වන තුරු වෙනත් ටෙලි නාට්‍යයක් බාරගන්නේ නෑ.. 

පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද ..?

ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට හරියන විදියේ පිටපතක් ඒ අතර තිබුණේ නැහැ..

“පාරා..” තෝරාගන්නට හේතුව..?

“පාරා” ඇත්ත සිද්ධියක් පාදක කරගෙන හැදුනු එකක්ද කියලා මට හිතුණා. ඒ තරමටම කතාව හිතට සමීප වුණා. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රභාත් අයියයි ( ප්‍රභාත් රෝෂන) නිමන්ති අක්කයි ( නිමන්ති ‍පෝරගේ ) හරිම හොඳයි. ඒ අයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි. 

කොහොමද සාමාන්‍ය ජීවිතයේ තොරතුරු .. 
සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.. රුවන් (රුවන් හෙට්ටි ආරච්චි) එයාගේ සංගීත කටයුතු කරගෙන යනවා.. මම මගේ රංගන කටයුතු කරගෙන යනවා.. අපි දෙන්න අපි දෙන්නගේ වැඩවලට සහය දෙනවා.. රුවන් ප්‍රසංගවලට යද්දි මමත් අනිවාර්යයෙන්ම එයත් එක්ක යනවා.. ඒ වගේම මම ෂූටින් යද්දිත් රුවන් එනවා.. ගේ දොර කටයුතුත් බෙදා හදාගෙන කරනවා. 

උයන පිහන කටයුතුවලටත් රුවන් සහය දෙනවද ..?
ගෙදර අත් උදව්වට කෙනෙක් ඉන්නවා.. ඒත් මම ගෙදර ඉන්න දවසට උයන පිහන වැඩ කරන්නේ මම. රුවන් උයන්න එන්නේ නැහැ.. ඒත් ගෙදර දොර පිළිවෙළට තියාගන්න වැඩවලට නම් එයා මට වඩා දක්ෂයි.. මම ගේ පිළිවෙළට තියාගත්තේ නැත්නම් රුවන්ගෙන් බැණුම් අහන්න වෙනවා..ගේ දොර පිළිවෙළට තියාගන්න වැඩ ටික නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ රුවන් අතින් .. 

දෙන්නම විවේකී සුවයෙන් ඉන්න දවසට මොකද කරන්නේ .... 
මොකක් හරි කෑමක් හදනවා. හොඳ චිත්‍රපටයක් බලනවා.. ඒ වගේම ආගමික කටයුතු සඳහාත් කාලය වෙන්කරනවා..

මොනවද ආගමික කටයුතු .. ?
දෙන්නම එකතු වෙලා යාඥා කරනවා.. අපි දෙන්නම ආගමට ගොඩක් නැඹුරු දෙන්නෙක්. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ දෙවල් ආරක්ෂා වන්නේ වැඩි දියුණු වන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙන හින්දා.. එහෙම වෙන්නේ අපි ආගමානුකූලව ජීවත්වෙන හින්දා කියන එක අපි තදින්ම විශ්වාස කරනවා.. 

රුවන්ගේ ගීත රූප රචනා බොහොමයක රඟපාන්නේ ෂෙරිල් සහ රුවන් .. දවසක ඔහුත් රංගනයට එක්වෙයිද .. ?
මට ගී ගයන්න බැරි හින්දා මම රුවන් එක්ක සින්දු කියන්න යන්නේ නෑ.. ඒ වගේම තමයි රුවනුත් නිතරම කියන්නේ එයාට රඟපාන්න බෑ කියන එක. එයා රඟපාන්න එන එකක් නෑ ..

දෙන්න අතර පුංචි පුංචි ගැටුම් ඇතිවන අවස්ථා ඇති .. 
එහෙම අවස්ථා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් තරහවෙලා ඉන්න අපි දෙන්නටම බෑ..

ෂෙරිල්ට ගොඩක් කේන්ති යනවා කියන්නේ ඇත්තද .. ?
ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක් .. ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා.. ඒත් දැන් මට ඉබේම වගේ ඉවසීම පුරුදුවෙලා. දැන් මට කේන්ති යන්නේ නෑ.. හැබැයි දැන් රුවන්ට නම් ඉස්සරට වඩා කේන්ති යනවා..

ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා කිව්වේ.. මතකද ඉන් එක අවස්ථාවක් .. ?
මම ගියේ මිශ්‍ර පාසලකට.. මේ සිද්ධිය වුණේ මම 8 වසරේ ඉගෙන ගනිද්දි.. ඒ දවස්වල අපේ පන්තියේ කබඩ් එකක් තිබුණා . ඒකේ කැර‍පොත්තෝ පිරිලා ඉන්න හින්දා කවුරුවත් ඒ කබඩ් එක අරින්නේ නැහැ.. දවසක් පිරිමි ළමයෙක් මැරිච්ච කැර‍පොත්තෙක්ව මගේ ඇඟට දැම්මා.. මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා.. මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා.. 

ෂෙරිල් රුවන් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද කියලා දැනගන්න ඔබලාගේ රසික පිරිස කැමති ඇති.. 
අපි දෙන්නත් ආශාවෙන් බලාගෙන ඉන්නේ ඒ දවස එනකල් .. දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි. 

ආරියවංශ කුලතිලක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook