Advertisement

ගයාන්ව යාළු කරගන්න
පහසුම ක්‍රමය ගැන චතුරිකා කියන හැටි

ගයාන් වික්‍රමතිලක කියන්නේ කවුරුත් හොඳින් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒ වගේම අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු ගැන අපි දන්නවාට වඩා ගොඩාක් දේවල් දන්නේ ඔහුගේ සහකාරිය චතුරිකා පීරිස්. ඒ නිසා ගයාන් කියන්නේ කවුද? කියලා ගයාන්ගේ වගතුග හරියටම දැනගන්න අපි චතුරිකාව හදගැස්මේ කතා බහට එක් කරගත්තා.

සහකරුවෙක් විදියට

ඕනෑම කාන්තාවක් බලාපොරොත්තු වෙන ආදරය, රැකවරණය, විශ්වාසය කියන දේවල් මට ගයාන්ගෙන් සියයට සියයක්ම ලැබෙනවා. ඒ වගේම තමයි ගයාන් වෙන අය ඉදිරියේ මාව දෙවැනි තැනට පත් කරන්නෙත් නෑ.


තාත්තා කෙනෙක් විදියට ගයාන්

හරියට නීතියට වැඩ කරන කෙනෙක්. පුතාට ඉගෙනීමේ කටයුතුවලට වුණත් පහසු වටපිටාවක් හදල දීලා තියෙනවා. හැබැයි ඒවාට පහසුකම් දුන්නාට මදි පුතා ඉගෙනීම් කටයුතු හරියට කරන්නත් ඕන. නැත්නම් එයාට කේන්ති යනවා.

ගයාන්ගේ ළඟම හිතවතුන්

හිතවත් යාළුවෝ කිහිපදෙනෙක්ම ආශ්‍රය කරනවා. ගෙදර අය, එතකොට අම්මා, තාත්තා, මගේ නංගි ඒ අයව තමයි ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්නේ.
යාළුවෝ ආශ්‍රය කරන්න ගයාන්ට මම නිදහස දීලා තියෙන්නේ. එයා යාළුවොත් එක්ක ඉන්න තැන්වලට මම යන්න වැඩිය කැමැති නෑ.

ගයාන්ට නැතිවම බැරි අය

නැතුවම බැරි කෙනා මම කියලා තමයි කියන්නේ. මං ගයාන් ළඟ ඉන්නවා නම් ගොඩාක් දේවල් ලැබෙනවාලු. මං නිසා එයා ළඟට ගොඩාක් දේවල් එනවාලු.

ගයාන්ට කේන්ති ගිය වෙලාවට

කේන්ති ගිය වෙලාවට එයා කෑ ගහනවා. සමහර වෙලාවට සද්ද නැතිව ඉන්නවා. ඒ වෙලාවට මම බලෙන් හරි කතා කරලා දෙකෙන් එකක් බේරුම් කර ගන්නවා.

රඟපෑම සහ අධ්‍යක්ෂණය දෙකෙන් ගයාන්ට වැඩිපුරම ගැළපෙන්නේ

ඒ දෙකම ගයාන් හොඳට කරනවා. රඟපෑම හරිම තාත්විකව කරනවා. බොහොම සුළු පිරිසකට විතරයි එහෙම තාත්විකව රඟපාන්න පුළුවන්. අධ්‍යක්ෂණය අතින් ගත්තොත් ඉතාම හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම තමයි සතුටු කරන්න අමාරු අධ්‍යක්ෂවරයෙක්. කොච්චර හොඳට රඟපෑවත් එක ෂොට් එකක් හතර පස් වතාවක් ගන්නවා.

කොයි වගේ ෆැෂන් කරන්නද ගයාන් කැමැති

ගයානුයි, මමයි දෙන්නාම ෆැෂන් කරද්දී එහෙම විශේෂයෙන් තෝරා ගන්නේ නෑ. එළියට යද්දී ඉථචපබ ඛ්චඵභචත අඳිනවා. විශේෂ අවස්ථාවලට යද්දී තමයි ෆැෂන් ගැන හිතන්නේ.

ගයාන් යන්න අකැමැති තැන්

නොදන්න පිරිසක් ඉන්න තැනක ඉන්න කැමැති නෑ. අපි හඳුනන්නේ නැති කට්ටිය ඉන්න තැනක ඉන්න එක ගැන එයා ටිකක් හිතනවා.

නිදහසක් ලැබුණාම ගයාන් මොනවද කරන්නේ

එහෙ මෙහෙ යන්න කැමැතියි. නිදහසක් ලැබුණාම පොත් කියවනවා. ෆිල්ම්ස් බලනවා. ඒඤමඥදබභපඥ වැඩ කරන්න තමයි ගොඩක් කැමැති.

ගයාන් වැඩිපුරම ලබන්න කැමැති තෑගි

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ඇඳුම් පැලඳුම්, සුවඳ විලවුන්වලට තමයි කැමැති. එයා තරහා වුණාම මම මොකක් හරි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් දීලා යාළු කර ගන්නවා.

ගයාන් ගැන අපි නොදන්න රහස්


ගයාන් හරිම සංවේදී කෙනෙක්. එක පාරටම දුක හිතෙනවා. කේන්ති යනවා. පොඩි දේ ගැනත් හරි ලොකුවට හිතනවා. මමයි පුතයි ගොඩක් වෙලාවට එයාට කියනවා පොඩි පොඩි දේවල් ගැන ඔච්චර හිතන්න එපා කියලා. ඒත් ඒ දේ එයාට පුරුද්දට ගිහින්.

උදාරා ඉන්දීවරී ජිනදාස

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements