Featured News

Video Gossip

Advertisement

සෙවණැලි නාට්‍ය කලාවෙන්
ලෝකයට වැඩ පෙන්වන 
ලංකාවේ කෙල්ල තමාෂා

තමාෂාගැන ලංකාවට මුලින්ම කිවුවෙ ගොසිප්99

2012 දෙසැම්බර් 27 තමයි සෙවණැලි නාට්‍ය කලාව ලංකාවට ගේන්නේ එවකට පුංචි කෙල්ලක් වූ තමාෂා. අප ගොසිප්99 මුලින්ම ලංකාව කියන්න සමත් වුව. දැන් ඇය ජාත්‍යංතරයද ඩැහැගෙන හමාරයි. ඇය සමග මවුබිම පුවත්පත යෙදුන පිළිසදර පහතින්.

තමාෂා සෙවණැලි නාට්‍ය කලාවට යොමු වුණු මුල ගැන කතා කරමු?




2012 දෙසැම්බර් 27 තමයි සෙවණැලි නාට්‍ය කලාව ලංකාවට ගේන්නේ. ඒ වෙනකොට නාට්‍යවල පුංචි පුංචි කොටස්වලට සෙවණැලි නාට්‍ය යොදාගෙන තිබුණා. නමුත් සම්පූර්ණයෙන්ම සෙවණැලි නාට්‍ය ඒ වෙනකොට තිබුණේ නැහැ. රැඟුම්පාලක මණ්ඩලයෙන් මට අනුමැතිය දෙද්දී ඔවුන් කිව්වා සෙවණැලි නාට්‍ය ශෛලියක් ලංකාවේ තිබ්බේ නැහැ කියලා. මම මගේ පළමුවැනි ඩ්‍රාමා එක කළේ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී. එදා බොහෝ දෙනෙක් එය නරඹන්න ඇවිත් මම කළ වෙනස අගය කළා.

තමාෂා සෙවණැලි නාට්‍ය කලාව හදාරලාද මේ කටයුත්ත පටන් ගත්තේ?

ගුරුවරයෙක් යටතේ මම මේ කලාව හදාරලා නැහැ. උසස් පෙළ කළාට පස්සේ මේ කලාව ගැන ස්වයං අධ්‍යයනයක් කළා. ලෝකයේ මේ කලාව තියෙන විධිය සහ ලංකාවේ මේ කලාව කරන්න පුළුවන්ද කියලා මම හොයලා බැලුවා. ඊට පස්සේ තමයි මම මේ නිර්මාණය පටන් ගත්තේ. මම ඉගෙන ගත්තේ ඉජඪඥදජඥ. මගේ උපාධිය තියෙන්නේ ඕඪධ ර්ඥඤඪජචත ඉජඪඥදජඥ වලින්. කලාව මගේ ෆැෂන් එක. වෙනස් දෙයක් කරන්න තිබ්බ වුවමනාවට තමයි මම මේ කලාව තෝරාගත්තේ.

තමාෂා මේ කලා කටයුත්තට අතගැහුවේ ලාභ ලබන්න නෙවෙයිද?

කලාව පැත්තට ගියොත් ස්ථාවර වෙන්න අමාරුයි කියලා තමයි ගොඩක් අය කිව්වේ. මුදල් හම්බ කරන පරමාර්ථයෙන් කළොත් ඇත්තටම මට මේක පාඩුයි. නමුත් මාකටින් දැනුමයි නිර්මාණශීලීත්වයයි දෙකම එකතු කර ගත්තොත් මේ කලාව මාකට් කරන්න පුළුවන්. මෙච්චර කල් මම කළේ මේ විෂය අධ්‍යයනය කළ එක. දැන් ඒක ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න තමයි මම මහන්සි වෙන්නේ.

මේ වෙනකොට තමාෂා සෙවණැලි නාට්‍ය කීයක් කරලා තියෙනවාද?

පළමුවැනි නාට්‍ය තමයි ඊඩඥ ඛ්ඪපජතඥ ධට තධමඥ. ආදම් සහ ඒවගේ කතාව තමයි මම එයින් ඉදිරිපත් කළේ. 2013දී මම කළා ඉඩචඤධඹ ධට තධමඥ සෙවණැලි නාට්‍ය. දැනට මම සෙවණැලි නාට්‍ය විස්සක් කරලා තියෙනවා


මේ කර්තව්‍ය කරන එක පහසු නැහැ. මේ නිර්මාණ කාර්යය කරද්දී තමාෂාට අභියෝග ඕන තරම් එන්න ඇති?

ඉගෙනීම කඩාකප්පල් වෙයි කියලා හිතලා මුලින් මගේ පවුලෙන් වැඩි කැමැත්තක් තිබ්බේ නෑ මම මේ දේ කරනවට. ඒත් පස්සේ මම මේ කලාවට ආස නිසා පවුලෙන් මට ලොකු උදව්වක් දුන්නා. දැන් මගේ උපාධිය ඉවර නිසා ගැටලුවක් නැහැ. නමුත් මම මුල් කාලයේ නාට්‍ය කලාව කරද්දී පැය දෙකක් විතර වගේ තමයි නිදාගන්න ලැබුණේ. දැන් මට මේ කලාව කරන්න වෙලාව තියෙනවා.

මේ වෙනකොට ලංකාවෙන් පිටටත් තමාෂාගේ හැකියාව ගෙනගිහින් තියෙනවා නේද?

ඔව්. ලෝකයේ සෙවණැලි නාට්‍ය කණ්ඩායම් පහළොවක් තියෙනවා. මගේ කණ්ඩායම ඉන්නේ ‍ෙදාළොස්වැනි තැන. ලෝකෙට ගෙනිච්චට ලංකාවේ ගොඩක් අය මෙහෙම නාට්‍ය ශෛලියක් තියෙනවා කියලා දන්නේ නැහැ.

තමාෂාට ජාත්‍යන්තරයට යන්න අවස්ථාව විවර වුණේ කොහොමද?

මගේ නාට්‍ය වීඩියෝ දැකලා. මට විවිධ අවස්ථා ලැබුණේ සමාජ මාධ්‍යවලින්. මගේ කණ්ඩායම පළමුවැනියටම ගියේ මාලදිවයිනට. ඊට පස්සේ ඩුබායි. ඉන්දියාව වගේ රටවල් කිහිපයකම අපි අපේ ඉදිරිපත් කිරීම් කරලා තියෙනවා. ඉදිරියටත් අපි රටවල් කිහිපයකටම යනවා අපේ ඉදිරිපත් කිරීම් කරන්න.

සෙවණැලි නාට්‍ය කලාවට අලුත් අංගත් එකතු කරගෙන තමාෂා නිර්මාණ කරනවා නේද?

ඔව්. ඇක්රෝබැටික්ස් කියලා අලුත් සංකල්පයක් අපේ නිර්මාණවලට ගෙනත් තියෙනවා. ඒ දේ එක්ක අපි අලුත් වැඩ කිහිපයක්ම කරන්න සැලසුම් කරගෙන තියෙනවා. දැනට ලැබෙන ආරාධනා එක්ක ඒක පිටරටට ගෙනියන්න තමයි ලෑස්ති වෙන්නේ.

මේ සෙවණැලි නාට්‍ය කලාව කොයි තරම් දුර ගෙනියන්නද අදහස?

මම මේ කලාව කරන්න පටන් ගත්තේ 2012 අවුරුද්දෙදි. මට ඕන අවුරුදු 28ට කලින් මේ ගැන හැමෝම දැනුවත් කරලා ස්ථාවර කරන්න. මේ කලාව පාසල්වලට හඳුන්වා දෙන්න හරි පුළුවන් නම් මම කැමැතියි.

තමාෂාගේ කණ්ඩායම ගැන තොරතුරු දැනගන්න ක්‍රමයක් තියෙනවද?

ඍඪබචතඪලඥ කියන්නේ මගේ කණ්ඩායම. මම මේතාක් දුරට එද්දී මගේ කණ්ඩායමේ සහාය මට ගොඩක්ම ලැබුණා. ඍඪබචතඪලඥ අපේ කණ්ඩායමට ජ්චද ර්ථීචඨඥ එකක් තියෙනවා. අපේ තොරතුරු ජ්චද ර්ථීචඨඥ එක මඟින් දැනගන්න පුළුවන්. ඍඪබචතඪලඥ කියන යූ ටියුබ් චැනල් එක මඟිනුත් අපේ අලුත් සෙවණැලි නාට්‍ය නිර්මාණ බලාගන්න පුළුවන්

මේ ආපු ගමන් මඟේ කලකිරීම් ඇති වුණු තැනුත් තියෙනවා නේද?

වෙන රටවල අය මට පුදුමාකාරයේ සහයෝගයක් දෙනවා. ලංකාවේ වෙන සමහර දේවල් ගැන කලකිරීමක් තියෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ සල්ලි නෙවෙයි. මේ කලාව පවත්වාගෙන යන්න සහායක් දෙනවා නම් මම කැමැතියි. කිහිපදෙනෙක් මගේ නිර්මාණ බලලා ඒ වගේ කරන්නත් උත්සාහ දරලා තිබ්බා. මම පිටරට දේවල් බලන් හැදෙද්දී ලංකාවේ අය මාව බලන් හැදෙනවට මම කැමැතියි. මම කරන දේ ඒ විධියටම කොපි කරද්දී නම් හිත රිදෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements