BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවෙ ලාබාලතම මන්ත්‍රීවරියවූ ඔෂිණි නීලජී ගේ අනාගත බලාපොරොත්තුව | Oshini - GOSSIP 99

ලංකාවෙ ලාබාලතම මන්ත්‍රීවරියවූ
ඔෂිණි නීලජී ගේ
අනාගත බලාපොරොත්තුව

ලංකාවෙන්ම ලාබාලතම මන්ත්‍රීවරියක ලෙස පසුගිය පෙබරවාරි මස පැවැත්වුණ පළාත් පාලන මැතිවරණයෙන් 19 වියේ පසුවන මෙනවියක දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටිනවා.

දිවුලපිටිය අකරගම පදිංචි ඔෂිණි නීලජී මුතුගල මෙනවිය මෙලෙස එක්‌ව සිටින ලාබාලතම මන්ත්‍රීවරියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂිකාව ලෙස අකරගම කොට්‌ඨාසයට ඉදිරිපත්වූ ඇය ඡන්ද 1684 ක්‌ ලබාගෙන මෙලෙස මන්ත්‍රීවරියක් ලෙස පත්වුණා.

සිය මංගල ඡන්දය ඇය වෙනුවෙන්ම වූ අකරගම විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්‌ථානයේ දී පෝලිමේ මුලින්ම සිට පළමුවෙන්ම දමා ගැනීමට තරම් ඇය වාසනාවන්ත වුණා. එය කලාතුරකින් ලැබෙන සුවිශේෂී අවස්‌ථාවක්‌ බව ඇයගේ දෙමාපියන් ඇතුළු පළාත්වාසීහු පවසනවා.

අ. පො. ස. උසස්‌ පෙළ විභාගයෙන් උසස්‌ ලෙස සමත් ඇය සරසවි වරම් අපේක්‍ෂාවෙන් සිටිනවා. නර්තන ශිල්පිනියක ලෙස ඉගෙනුම ලබා අනාගත නර්තන ශිල්පිනියක වීමේ අපේක්‍ෂාවෙන් ඇය පසුවනවා.

දූනගහ රණසිංහ මහා විද්‍යාලයෙන් හා වෙන්නප්පුව පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබු ඔෂිණී නීලජි මුතුගල මෙනවිය පීඩාවට පත් ජනතාව වෙනුවෙන් හා තරුණ පරපුර වෙනුවෙන් සේවය කිරීමේ අභිලාෂයෙන් පසුවනවා.
« PREV
NEXT »
Loading...

Facebook Comments APPID