වාහනෙන් බැහැලා සතුන්ට
ජීවිතය දුන් නි.ඇමති පාලිත
ජීවිතය දුන් නි.ඇමති පාලිත
අනතුරුව සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පිරිස ලවා ලොරි රථයට පටවා සිටි තවත් කුලු හරකෙකු ලිහා දැමීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.
පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නුවරඑලිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරිය හා වනජීවී නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබුණා.
ඔවුන්ගෙන කළ ප්‍රශ්න කිරීමේදි සහකාර ලේකම්වරිය පවසා සිටියේ ප්‍රදේශයේ වගා හානි කරන මෙම සතුන් නුවරඑළිය සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනූව අම්බලංගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානමින් පසුවූ බවයි.
කෙසේ වෙතත් පසුව සත්ව හිංසාව යටතේ සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු හා රථ දෙකක් පට්ටිපොල පොලිසිය බාරයට ගත් බව වාර්තාකරු සඳහන් කළේය.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මරණයට බියෙන් ගැහි ගැහි සිටි මී හරකුන් මුදාගත් වීඩියෝව පහතින්,

