Featured News

Video Gossip

Advertisement

ලංකාවේ ඉපදී දින 10න්
නෙදර්ලන්තයට රැගෙන ගිය
තමන්ගේ නියම මව සොයන දුලානි

පසුගිය දිනවල ෂෙරි ඇචේසන්ට ඇගේ මව සොයාදීමට සිරස රූපවාහිනය මගින් පුළුලු ප්‍රචාරයක් ලබාදෙන අතරතුර  ගොසිප්99 අප විසින් ඒ සදහා ප්‍රචාරයක් ලබාදිමට කටයුතු කරනු ලැබිනි. 

ෂෙරීගේ සිද්ධීයෙන් පසු එලෙස මෙරටින් අලෙවිකල ළමුන් විශාල ප්‍රමාණයක් අපගේ Facebook පිටුව තුලින් අප අමතා ඔවුන්ගේ දෙමාපියන් සොයා දෙන ලෙස අඛණ්ඩව ඉල්ලීම් සිදුකරමින් සිටියි. එහෙත් එය පහසු ක්‍රියාවලියක් නොවන්නේ ලියකියවිලිවල ඇති ව්‍යාජ්‍ය තොරතුරු නිසාවෙනි.

කෙසේ වෙතත් මේවනවිට අපට ලැබී තිබෙන එවැනි ඉල්ලීමකට අදාලව මවගේ යැයි සැකකරන කාන්තාවකගේ ඡයාරූපයක්ද ලැබි අතර එම ඡයාරූපය  ප්‍රසිද්ධියට පත්කර ඇය පිළිබද තොරතුරු සෙවීමට අප තීරණය කළෙමු.

1990 මැයි මාසේ 25 වෙනිදා කොම්පඥ්ඥ වීදියේ මාතෘ නිවාසයේදී ඉපදිලා ඇති අතර උප්පැන්න සහතිකයේ ඇති දත්තයන්ට අනුව
නම වන්නේ ගුණසීලී  
මවගේ නම ඉලන්දාරී පේඩිගේ ස්වර්ණලතා
මවගේ උපන් දිනය  1966 මැයි 25 

මැය උපදිනවිට මවගේ වයස තියෙන්නේ අවුරුදු 25ක් බවද පවසයි  මේ උප්පැන්න සහතිකයේ ඇති අනෙක් විස්තරයන් ව්‍යජ බව හැගෙන බැවින් අප ඒවා ඉදිරිපත් නොකිරීමට වග බලාගන්නෙමු.

දුලානිගේ ගමන් බලපත්‍රය 1990 ජුනි 4 වෙනිදා සකස්කොට ඇති අතර ඉපදී දවස් 10 කින් ලංකාවෙන්  රැගෙන ගොස්ගි ඇත.


දුලානි මේ වෙන විට නෙදර්ලන්තයේ වෛද්‍ය ආයතනයක රැකියාවක නිරතවෙමින් සිටී මැය පවසන්නේ සිය මව සොයා ගැනීමට නිවැරදි තොරතුරුක් ලැබුනොත් ලංකාවට එ්මට සූධානම් බවයි. නිවැරදි තොරතුරක් වෙතොත් 072 443 5631 අංකයට හෝ info@gossip99.com ට ලබාදෙන්න.


මෙම පුවත Share කොට දුලානිගේ මව සොයා ගැනීමට සහයෝගය ලබා දීමට කාරුණික වන්න. 

ඇයගේ මව යැයි සැලකෙන කාන්තාව




දුලානි


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements