Featured News

Video Gossip

Advertisement

උපන්දින සාදයට ලක්‍ෂ 275 ක්‌ වියදම් කරලද?
නිළියන්ට ඇඳුම් දීලද ?

චන්දිමාල්ගෙ කටින් පැනපු හැටි

ඔබ අතහැර යන දේට සිනාසී නිහඬව සමු දෙන්න. එවිට ජීවිතය ඔබට බොහෝ සොඳුරු තැන් තිළිණ කරාවි මේ ඔහුගේ මුහුණු පොතේ තිබුණු සටහනක්‌. තම ජීවිතයේ සුන්දරම දවස ඔහු අතින් හැඩවීම බොහෝ යුවතියන්ගේ හීනයක්‌. මේ දිනවල සෑම කෙනෙක්‌ගෙම කතාබහේ වැඩි කොටසක්‌ මොහු වෙනුවෙන් වෙන් වන්නේ ඔහුගේ උපන් දින සාදය රාජකීය ලීලාවෙන් පැවැත්වුණු නිසා.

කොහොමද උපන්දින සාදය හිතපු විදියටම කරගන්න පුලුවන් වුණාද ?

ඔව් අනිවාර්යයෙන්ම. මං හිතුවටත් වඩා හොඳට ඒ දේ මට සාර්ථකව කරගන්න පුලුවන් වුණා. මේ වෙනකොට පාර්ටි එක ඉවරවෙලා මම ගෙදර හිටියත් දැනටත් කට්‌ටිය ඒ දේ සමරනවා. කතාබහ වෙනවා. ගොඩක්‌ සතුටුයි.

ඇයි ඔබ උපන් දිනය වෙනුවෙන් මේ වගේ දෙයක්‌ කරන්නෙ ?

ජීවිතේ හැම කෙනෙක්‌ටම සතුටුවෙන්න දවසක්‌ තියෙන්න ඕන. හැම කෙනාම කැමැතියි ලස්‌සනට ජීවත්වෙන්න සහ ජීවිතේ එක දවසක්‌ හරි සතුටින් ඉන්න. මගේ විවාහ උත්සවය මේ වෙනකන් පැවැත්වෙලා නැහැ. ඒ වෙනකන් මට ගන්න තියෙන එකම උත්සවය මේක. මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්‌ක ගොඩක්‌ දේවල් මට මඟහැරෙනවා. මම කල්පනා කරලා මේ දේ කරන්නේ ඒ හැමෝම එකතැනකට ගෙනැල්ලා ඒ හැමෝටම සලකලා ඔවුන්ට කෘතගුණ සැලකීමක්‌ විදියට තමයි මම මේ දේ කරන්නේ. මං කා එක්‌කවත් තරහ නැහැ. මොකද මේක මගේ සතුට. ඒ අහිංසක සතුටට මොනවත් කියන්න එපා කියලයි මං ඉල්ලන්නේ.

බොහෝදෙනා මේ සාදය මේ වෙනකොට විවේචනය කරනවා. කලකිරීමෙන්ද ඉන්නෙ ඒ ගැන ?

නැහැ කිසිම කලකිරීමක්‌ නැහැ. මම විශ්වාස කරන එකම දේ බනින හැම කෙනාම බනින්නෙ ඒ පුද්ගලයා ගැන දන්නෙ නැති අය. බනින අය වගේම හොඳ කියන අය ඉන්නවා. විවේචනය කියන දේ ඕනම තැනක තියන දෙයක්‌. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌. ඒ දේ ඒ අයට භාරයි. ඒ දේවල් තවදුරටත් කරගෙන යනවද නැද්ද කියන එක ඒ අයට භාරදීලා මං මගේ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නවා.

බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නෙ තමයි ඔබට මේ තරම් සල්ලි කොයින්ද කියන එක?

මම දවස්‌ තුන්සිය හැටපස්‌ දවසෙන් දවස්‌ හැටපහක්‌ නිදාගෙන මුලු දවස්‌ තුන්සීයම වැඩකරන කෙනෙක්‌. දුක්‌ මහන්සිවෙලා හම්බකරන කෙනෙක්‌.

ගොසිප්කරුවන් ඔබේ සාදයේ වියදම් ගැන කියනවා. ඇත්තද වියදම කෝටි දෙක හමාරක්‌ කියන්නේ?

පාර්ටි එකට හදපු බජට්‌ එක මම හදපු බජට්‌ එකක්‌ නෙවෙයි. ඒක ඔය සමාජ ජාලා වෙබ් අඩවිකරුවන් හදාගත්ත දෙයක්‌. ඔවුන් විවිධ ගණන් කියල තියනවා. කෝටි හතරක්‌ පහක්‌ කියලා. කමක්‌ නෑ කැමැති බජට්‌ එකක්‌ දාගන්න. මම දන්නවා මම කොහොමද වියදම් කළේ කියලා. ඒ හැමදෙයක්‌ම මගේ ළඟ තියනවා.



දළ වශයෙන් වියදම ගැන සඳහනක්‌ කරන්න කැමතිද ?


මං හිතනවා මං එහෙම උත්තර දෙන්න ඕන නැහැ. මොකද ඒක මම වියදම් කරපු දෙයක්‌.

මේ වියදම් කරපු මුදලෙන් නැති බැරි මනුස්‌සයෙක්‌ට උදව්වක්‌ කළා නම් හොඳ නැද්ද?

ඔව් ඒක මමත් පිළිගන්නවා. හැබැයි මට කවදාවත් ඕන වුණේ නැහැ මිනිස්‌සුන්ගෙ දුක විකුණගෙන කාලා සමාජය ඉස්‌සරහ පොරක්‌ වෙන්න. පාර්ටි එකක්‌ දාලා පොරක්‌ වෙන්න ඕනෑ වුණෙත් නැහැ. ඒක මේ සමාජය විසින් හදපු දෙයක්‌. මම ඕන තරම් පින් දහම් කරලා තියෙනවා. මං හිතන්නේ නැහැ කිසිම රූපලාවන්‍ය ශිල්පියෙක්‌ මං තරම් පිං දහම් කරනව කියලා. ඒක මගේ අම්මා දන්නවා.

මේ තරම් ආපදා තත්වයක්‌ රටේ තියෙද්දි ඒ වෙනුවෙන් යමක්‌ කරා නම් කියල හිතුණේ නැද්ද?

ගිය පාරත් මේ දේම වුණා. ඒකට මට කරන්න දෙයක්‌ නැහැ. ඒක ස්‌වභාවධර්මය. ඒ දේ මටත් හිතුණා. මට ඔවුන් වෙනුවෙන් කරන්න පුලුවන් දේ පෞද්ගලිකව කරනවා ඇරෙන්න සෙල්ෆි ගහල ජනප්‍රියවෙන පහත් මානසිකත්වයක්‌ මට නැහැ. ඔවුන් වෙනුවෙන් ඒ කරන්න තියන දේවල් ඔක්‌කොම කරල තමයි මේ පාර්ටි එක මම කළේ.

නළු නිළියන්ගෙ ඇඳුම් වලට වියදම් කළේ ඔබ කියලයි කියන්නෙ. ඇත්තද ඒ කතාව?

නැහැ ඒක අමූලික බොරුවක්‌. කලාකරුවො එහෙම තත්ත්වයක නැහැ. ඔවුන් මේ රටේ වැදගත් විදියට ජීවත්වෙන මිනිස්‌සු. ඔවුන්ට තියෙනවා යම්කිසි වටිනාකමක්‌. ඔවුන් කැමතියි ලස්‌සනට ඉන්න. එදා දවසෙ ඔවුන්ට පුළුවන් විදියට ලස්‌සනට පැමිණියා. ඒ ලස්‌සන දැකපු අය වෙන්න ඇති මෙහෙම කියන්නෙ.

සමාජය තුළ කතාබහට ලක්‌වෙන්න හිතාගෙන නේද උපන් දිනේට ඔබ මෙහෙම දෙයක්‌ කරන්නේ ?

නැහැ මට ඔය වෙද්දිත් ඔය හැමදේම ලැබිලා තිබුණා. මම කවදාවත් කාත් එක්‌කවත් ගිහින් කතාකරන, ඇඩ් දාන කෙනෙක්‌ නෙවෙයි. මම නිශ්ශබ්දව පාඩුවෙ වැඩකරන කෙනෙක්‌. ජනප්‍රියත්වයක්‌ ලැබුණ නම් ලැබුණේ නළු නිළියන්ගෙ විවාහ මංගලෝත්සවයන් හැඩගැන්වීම තුළින්. තුන් හිතකවත් එහෙම බලාපොරොත්තුවක්‌ තිබුණෙ නැහැ. එක දවසෙන් මෙහෙම ජනප්‍රිය වීම ගැන සතුටුයි.

සාදයට පැමිණි බොහෝ නිළියන්ගෙ ඇඳුම් ගැන අද ලොකු විවේචනයන් තියනවා ?

ඒ අයටත් පෞද්ගලිකත්වයක්‌ තියනවා. ඔවුන්ට පාටියකට ඇවිත් සතුටුවෙන්න අවස්‌ථාව තියෙන්න ඕනෑ. ඒක ඒ අයගෙ කැමැත්ත. ඒ අය ආවේ මගේ පාටි එක ලස්‌සන කරන්න. ඒත් දුකයි ඒ අයවත් අද විවේචනය වෙනවා.



මේ වැඩේ මෝඩ වැඩක්‌ කියලා හිතෙන්නෙ නැද්ද ?


ඒක ඕන කෙනෙක්‌ට අයිති දෙයක්‌. සමහරු ඒ විදියට දකිනවා. සමහරු හොඳ විදියට දකිනවා. මගේ ජීවිතේ මටත් සතුටුවෙන්න අයිතියක්‌ තියනවා. ඒක මම විදින්න ඕනෑ. අපි මැරෙනකොට මේවා අරගෙන යන්නේ නැහැ. මාව විවේචනය කරන බොහෝ අය හිඟන්නෙකුටවත් රුපියලක්‌ දෙන්නෙ නැති අය.

ප්‍රසංග මාභරණ


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements