Featured News

Video Gossip

Advertisement

මාතර කොල්ලයට කොස්ගොඩ
තාරක ඇතුළු 5 ක් අත්අඩංගුවට
රෝහල් ගත කළ පොලිස් නිලධාරියා මියයයි




පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොස්ගොඩ තාරකගේ සහෝදරයා වන කොස්ගොඩ මහේෂ් හා ඔහුගේ මිතුරකු වන අනුරාධපුර පදිංචි අකිල කිත්සිරි නැමැත්තා ද මේ අතර සිටින බව පොලිසිය කියයි.

මීට අමතරව එම පාතාල කල්ලියේ තවත් සැකකරුවකු මාතර හුණුකොටුව හංදිය ආසන්නයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවටගනු ලැබීය.

මේ වන විට කරාපිටිය රෝහලට දැඩි පොලිස් හා එස්.ටී.එෆ්. ආරක්ෂාවක් යොදවා වේ.

මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක මුදල් හා රන් ආභරණ මංකොල්ලකෑම සඳහා පැමිණී කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලිය සහ පොලීසිය අතර අද (22) උදෑසන සිදුවු වෙඩි හුවමාරුවේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මාතර පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ (33) යන අය වේ.

ක්‍රිෂාන් ජිවක ජයරුක්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements