Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ධනංජයට පලවෙනී ගීතය නිර්මානය කරද්දී
 "ආදරේ මතකේ" වෙනුවට 
'හාදරේ' කියල වෙච්ච ඇබැද්ධිය


කලාවට සාධාරණයක් ඉෂ්ට කරන්න කලාකාමී හදවතක් විතරයි.මෑතකදි සංගීත ක්ෂේත්‍රයට එකතු වෙමින් සප්ත ස්වරයට පණ පොවන ආදරණීය චරිතයක් එක්කයි අද අපේ chat එක.ඔහු නමින් ධනංජය රූපසිංහ.

ඉතිං ධනංජය කොහොමද ජීවිතේ,
ජිවිතේ නම් ගොඩාක් හොදයි,හොදීන් ගත කරනවා මේ දවස් වල,සතුටින් ඉන්නව..

ගම් පළාත පවුලේ අය ගැනත් මතක්කරමු.
උපන් ගම නම් වත්තල.වත්තල පුරවරයෙන් තමා සංගීත දිවියට අඩිය තියන්නේ.දැන්නම් ඉන්නේ කදානේ..හැම ප්‍රදේශයකින්ම උදව්ව ලැබූනා මෙ දුර එන්න. පවුලේ අම්මායි,මමයි අච්චී ඉන්නේ.ඉතිං තාත්තානම් නැතීවෙලා අවුරුදු 23 වෙනවා.ඒ උනත් එ අඩුව මට අම්මා නිසා දැනුනේ නෑ.අම්මගේ එකම හිනය මං ඉෂ්ට කරා කියලා හිතනවා.



මුලු රටම ධනංජයව දන්නේ ගායකයෙකු විදියට.ඉතිං ඒ ගමනට පාර කැපුවේ ධනංජයගේ පාසලද?
විශේෂයෙන්ම පාසල ගැන කියන්න ඔනි.පොඩි කාලේ ඉදන්ම මගේ පාසල වුනේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසල.ලොකූ ශක්තියක් උනා මෙ ගමනේදී මට.පාසල් යන කාලේ නම් විෂයක් විදියට කලේ නර්තනය.අවසානයේ හිනය උනේ සංගීතය.ඉතිං ඒ හැම දෙයක්ම සාර්ථකයි අද.

දැනට ධනංජයගේම ගීත වලට ආස කරන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා.ඔබේ ගීත හා ප්‍රතිචාර ගැනත් මතක්කරමු
හ්ම්.ගීත ගැන සදහන් කරොත් මුලින්ම කලේ "ආදරේ මතකේ තීයා ගීතය".පද රචනය කලේ සෙව්වන්දී වික්‍රමසිංහ ,සංගීතය කලේ දුලිප් මිරැන්ඩෝ.ගීතය රිලීස් කරලා දවසක් යන්න කලින් හිතුවෙවත් නැතී ප්‍රතීචාර ලැබූනා..ධනංජය කියන නම හැමෝම දැන ගන්න තැනට ඒ ගීතය මාව ගෙනාවා.ඊට පස්සේ මට හමුවෙනවා සත්සර කසූන් අයියාව,එයා එක්ක මගේ දෙවෙනී ගිතය නිර්මානය වෙනවා.."මාව දන්නෑ"ගීතය.වෙනදා තරම්ම ලොකු ප්‍රතිචාර ප්‍රමාණයක් ඒ ගීතයට ලැබූනා.පද රචනය කලේ සත්සර කසුන් අයියා,සන්ගීතය කලේ අමීත් ගුරු.ඊට පස්සේ වෙනස්ම ආකල්පයක් නිර්මානය කරන්න ඕනි කියලා හිතුවා අනියම ප්‍රේමය ගැන..ඒ මගේ තුන් වෙනී ගිතය "මා නූබ නමින්" පද රචනය සෙව්වන්දී වික්‍රමසිංහ.සංගීතය දූලිප් මිරැන්ඩෝ..මගේ ජනප්‍රියම ගිතය වුනේ ඒක.දෙස් විදෙස් ප්‍රතිචාර ලැබුනා.Fm හරහා ජනප්‍රිය වුණු ගිතයක්.එහි විඩියෝව කලෙත් සත්සර කසුන් පතිරණ.( Siyasto Cretions) ලස්සන නිර්මානයක් කරලා දූන්නා,අනියම් ප්‍රේමයක් උනත් අසභ්‍ය රූප නිර්මානයක් නැතුව ලස්සනට කරලා දූන්නා.අදටත් රුපවාහිනිය තුලින් දකින්න පුලුවන්.

මේ දක්වා වූ ගමනට අතහිත දුන් පිරිසකුත් ඇතිනේ.ඒ ගැනත් කියමු,
මේ දුර එන්න මා එක්ක එකට හිටපූ පිරිසක් ඉන්නවා,නම් කියන්න බැරී තරම්.කියන්න වචන නැතී තරම් ගොඩක් ස්තුතී.නිහතමානී ප්‍රතිචාර තමා මගේ ගමනට ශක්තියක් උනේ.ගොඩක් දුක් විදලා,මඩ කාලා ආපු ගමනක් මේ.උදව් කරපූ හැමකෙනෙක්ටම ගොඩක් ස්තූතීයි.සමාජ ජාලා මගේ යහලුවෝ.මගේ පාසලේ යලූවෝ.මගේ පවුලේ අය.හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි.

කලා ගමන තුල අමතක නොවෙන සිදුවීම් මහහොඩක් හැම කලා කරුවෙකුටම තියෙනවා.ඒ අතරින් ධනංජයගේ අමතක නොවෙන සිදුවීම් මොනවද?
අමතක නොවන සිදුවිම කියන්නේ පලවෙනී ගීතය නිර්මානය කරද්දී "ආදරේ මතකේ" වෙනුවට 'හාදරේ' කිව්වේ.සින්දුව හදල ඉවර වෙලා ඒ කෑල්ල හදන්නම ගොඩාක් වෙලා ගියා.කවදාවත් එකනම් අමතක වෙන්නෙ නෑ

ආදරේ ගැනත් අපි ටිකක් කතා කරමු.ධනංජය ආදරේ ගැන මොකද හිතන්නේ?
ආදරේ හොදයි.විදින්න මිසක් විදවන්න නෙවෙයි.ආදරේ හරියට කලොත් සහකරු හෝ සහාකාරිය දුකක් දැනෙන එකක් නෑ.විශ්වාසය මතයි ආදරේ රැදෙන්නේ.

මේ වෙද්දි ධනංජය ආදරවන්තයෙක්ද 
ආදරවන්තයෙක් නම් නෙවේ. 

අපි හැමෝගෙම ජීවිතවල පළමු ප්‍රේමයක් තියෙනවා.ඉතිං ධනංජයගේ පළමු ප්‍රේමයත් හිතට දැනුණු ප්‍රේමයත් ගැන කියමු බලන්න,
පලමූ ප්‍රේමයක් තිබුණා.ඒ කාලේ හරී බොලද අදහස් එක්ක ජිවත් වුණු කාලයක්,පාසලේ ලියුම් පවා ලියලා සර් ගෙන් ගුටිකාපූ වාර අනන්තයි.ඒ කාලේ ආදරේ මොකක්ද කියලා දන්නේ නෑ.අපි හිතුවෙ හිනා උනාම ඒ තමා ආදරේ කියලා.එත් ඒ කාලය සුන්දරයි .තාමත් මතකයි..

එතකොට ධනංජයගේ අනාගත සහකාරිය මොනවගේ වෙන්න ඕනිද
සහාකාරිය නම් චාම් උනානම් ඇතී.තරහා යන්නේ නැත්නම් ඒ ඇතී ..ටිකක් උයන්න පුලුවන් වෙන්නත් ඕනි.

ධනංජයගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද?
අනාගත බලාපොරොත්තූව ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සාධාරණයක් ඉෂ්ට කරන්න..මං හිතනවා මේ ආපූ දුර එක්ක මට ඒක පුලුවන් වෙයි කියලා.වෙනසක් කරන්නයි ඕනි..නැති වෙලා යන ජන සන්ගීතය නැවත ගොඩ ගන්නයි ඕනි.ඉතිං ලොකු ශක්තියක් වෙයි ප්‍රේක්ෂකයෝ ඒකට මට.

අනාගතයේදී කලා ක්ෂේත්‍රයට එන නවකයින්ට පණිවිඩයකුත් දෙමු
නවකයන්ට දෙන්න තීයෙන ලොකූම දේ...සල්ලී බලන් දෙයක් කරන්න එපා,සල්ලී විතරක් හම්බ කරන්න එපා,ඊට වඩා මිනිස්සූ හම්බ කරන්න ඔනේ.අපි අහන ගිත අහන්න හොද පිරිසක් ඉන්න ඕනි,හොද නිර්මාන කරන්න...සංස්කෘතිය රැකගන්න..

අවසාන වශයෙන් කියන්න බලන්න මේ දිනවල මොකද කරන්නේ
මේ දවස් වල නම් ටිකක් නිහඩ වෙලා ඉන්නේ මොකද අලුත් නිර්මානයකයකට සූදානම් වෙනවා ෂෙනාල් මද්දුමගේ අයියා එක්ක වැඩ දෙකක් කරන්න සුදානමින් ඉන්නවා.හිතනවා ලොකු වෙනසක් ඇති කරයි කියලා,සංස්කෘතික සංගීතයත් එකතු කරලා ලස්සන වැඩක් බලමු.

ඉතිං එහෙනම් ධනංජයගේ සියලුම අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා gossip 99 අපිත් සුභපතනවා.

කවී
ගොසිප්99

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook