Featured News

Video Gossip

Advertisement

කතරගම වෙඩි තැබීමකින් 
කිරිවෙහෙර විහාරාධිපති නා හිමියන්ට තුවාල

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංවිධායක කොබවක ධම්මින්ද නාහිමියන් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති අතර ධම්මින්ද හිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක් ද තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ හිමියන් කිරි වෙහෙර වන්දනා කොට නැවත විහාරස්ථානයට පැමිණෙමින් සිට ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැඩි දුර පොලිස් විමර්ෂණ සිදුවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements