Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

දක්‍ෂයින් බිහි නොවෙතැයි කියා
තුන් ඈවර කළ බෙල්වුඩ්

තරුණ සභාපති එරංදගේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය රනිල්ගේ වැඩක්
විගණන වාර්තාවලින්ද දූෂිතයකු ලෙස හෙලිවී ඇති සභාපතිවරයෙකු යහපාලනය රකින්නේ ඇයි
පැරණි අකුණු සංනායකයද අතුරුදන්

දිරාපත්ව කඩාවැටේ යෑයි, තක්‌සේරු කර තිබුණද ලී ඇතුරුම් අතරෙහි ඝණකමින් යුතු කොන්ක්‍රීට්‌ තට්‌ටුවක්‌ ඉදිකොට ඇති වග දුටුවේ ගොඩනැඟිල්ල ක්‍රමිකව බිම හෙළද්දීය. ඒවා බිඳ හෙළන්නට නොහැකි බැවින් යන්ත්‍රානුසාරෙයන් කඩා බිම දමන ලද්දේය.

කලාකාමී දස්‌කම් පිරි තරුණ ජවය තිරිහන් කරන්නා වූ කිණිහිර අද බිඳී සුණුවිසුණු වී ගොස්‌ය. වැලි පොළොවට සමතලා වූ සරස්‌වතී මණ්‌ඩපයේ නිහඬ විලාපය සුව ලදවුන් සොයා අදටත් සැරිසරනු පෙනේ.

"බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය" හෙවත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ප්‍රතාපවත් ස්‌මාරකයක්‌ වූ බෙල්වුඩ් ඉපැරණි තේ කම්හල් ගොඩනැඟිල්ල කඩා බිම හෙළීම ජාතියටම සිදුකරන මහා අපරාධයක්‌ බව අපි වරින් වර කියා සිටියෙමු. 


එම අපරාධය උදෙසා ලන්සු තබන්නට රාජ්‍ය නිලධාරීන් බලධාරීන් සැරසෙන පළමු වෙඩිමුරයේ සිටම, අපේ අවධානය ඒ වෙත යොමා තිබුණද , ඒ වග කියා සිටිය ද ඵලක්‌ වූයේ නැත. දැන් බෙල්වුඩය බිමට සමතලා වී හමාරය.

වසර 2015 ජනවාරි අට වැනිදායින් පසුව, බෙල්වුඩයේ ක්‍රියාත්මක වූයේ අමුතුම පාලන ක්‍රමවේදයකි. බෙල්වුඩය ඈවරයි කියා අප මුලින්ම කෑ මොර දුන්නේ, 2016 /2017 වසර සඳහා නව සිසුන් බඳවා ගැනීම නතර වූ දාය. චිත්‍ර, නැටුම්, සංගීතය වසර තුනක්‌ පුරා වැඩිදුර උගනිමින් ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් ඩිප්ලෝමා සහතිකයක්‌ ලබා දී ප්‍රවීණයන් බිහි කිරීමේ උත්තුංග කාර්යයට තිත තබන බවට පළමුව සැළවූ දිනය එදාය.. මෙරට සියයකට වැඩියෙන් සිටින ඇමැතිවරයෙකුට හෝ රටේ සම්පත් රැක ගැනීමට ලොල්බඳින බව කියන කිසිවෙකුට හෝ මේ අපරාධය පෙනුනේaම නැත. 

"බෙල්වුඩ් දෑවරයි " කියා අපි බලධාරීන්ට ඒත්තු ගැන්වූයේ, 2015 වසර සඳහා බඳවා ගත් බෙල්වුඩ් කණ්‌ඩායම දැනුම් දීමකින් තොරවම හදිසියේම 2017 නොවැම්බර් විසි හත්වැනි දින සිට බදුලු පාරේ මහියංගනය ඔරුබැඳි වැව තරුණ සේවා ගොඩනැඟිsල්ලක්‌ තුළට ගාල් කළ දාය. එසේ වුවද ඇස්‌ කන් ඇර ජාත්‍යාලයෙන් නැඟී සිටි එකදු බලධාරියෙක්‌ දේශ හිතෛෂීන් කියාගන්නා අයෙක්‌ හෝ මේ ලක්‌දිව කොතැන හෝ සිටියේ ද නැත.


සවිශක්‌තිමත් යකඩ බාර් 

අභ්‍යාසලාභීන් සහ කාර්යය මණ්‌ඩලය මේ මොහොතටත් ඉන් දැඩි අපහසුතාවන්ට ලක්‌ව පීඩා විඳිමින් සිටින බව ද කිවයුතුය. 

බෙල්වුඩය තුන්ඈවර වූයේ, 2018 පෙබරවාරි දෙවැනිදාය. ඒ ශිෂ්‍ය නේවාසිකාගාරවලින් ඇඳන් සහ අල්මාරි ඉවත් කළ දාය. ඉතා ආරක්‌ෂිතව ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාලිකාවන් සඳහා විසිය හැකිව තිබූ නේවාසිකාගාර පෙදෙස්‌ ඇඳන් පහළට දැමූයේ, එම මහල්වල යකඩ ජනේල පවා තුවාල වන්නට ය. 

ඒ මහා දේවොල බිඳ නොහෙළා වළකාගන්නට ඒ වන විට ද බලධාරීන්ට අවස්‌ථාව තිබූණද, සියලෝම නෑසූ කනින් නොදුටු දෑසින් විසුහ. ඉනික්‌බිතිව අධමයන් සේ, 2016 මාර්තු පස්‌ වැනි දින අලුයම 5.32ක්‌ වූ නැකැත් වේලාවක්‌ ද සාදවා බෙල්වුඩයේ ප්‍රතාපවත් යකඩ කණු බිම හෙළා සමතලා කරමින් බෙල්වුඩය ඈවරයි දෑවරයි තුන්ඈවරයි කියා සියල්ල නිමා කොට දැමූහ. 

බිම හෙලූ බෙල්වුඩ් 


අනාගත අභිවෘද්ධිය පිණිස ආයතනයක්‌ නවීන තාක්‌ෂණය හා නවීන පහසුකම්වලින් සමන්විත ව ඉදිවන්නේ නම් එහි කිසිදු වරදක්‌ නැත්තේය. එහෙත් මේ පුන පුනා කියන්නේ බෙල්වුඩ් ගොඩනැඟිල්ල බිම හෙළන්නට අවැසි නැති බවය. එහි ශක්‌තිමත් බව තවත් කාලාන්තරයක්‌ පවතින බවය. මහජන මුදල් නාස්‌ති කොට නව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම අවශ්‍ය නොවන බවය. 


 ඉපැරණි විදේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් යකඩ කඳන් ඕක්‌ ලී පළුදු නොවන තහඩු යෙදූ මේ තේ කම්හල් ගොඩනැඟිල්ල 1979දී තරුණ සේවා සභාව යටතට පවරා ගත්තේ රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු ඇමැතිවරයාව සිටියදීය. මෙරට සෞන්දර්ය ක්‌ෂේත්‍රයේ හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ සනිටුහන් කරමින් ගායන වාදන නර්තන කණ්‌ඩායම් බිහිකරමින්, තරුණ පිරිස්‌ යහමඟට ගැනීමට මෙම ආයතනය බෙහෙවින් ඉවහල් වූ බව කීමට අටුවා ටීකා ටිප්පනි අවැසි නැත. 


පලුදු නොවූ යකඩ පඩිපෙළ 

බෙල්වුඩයේ බිම්මහල සමඟ මහල් සතර වසර සියයක්‌ පැරණි වුවද, එයව බ්‍රිතාන්‍ය ජාතිකයන් නිමවා ඇත්තේ කාලාන්තරයක්‌ පවතින පරිදිය. දිග අඩි 140 ක්‌ සහ බිම් මහළ පළල අඩි 60ක්‌ සරි වපසරියකින් යුතුවන බැවින් ඇති පදමට අතපය විහිදුවා සෞන්දර්යයේ නිම්වළලු පුළුල් කර නිදහස්‌ අධ්‍යාපනයක්‌ ලැබීමට දරුවන්ට වරම් ලැබී තිබිණි. ප්‍රායෝගික පුහුණු පන්ති කාමර, වේදිකාව සහිත රංග ශාලාව, පුස්‌තකාලය, රැස්‌වීම් ශාලාව, මුළුතැන්ගෙය, කෑම කාමරය, නේවාසිකාගාර ඇතුළු සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම ගොඩනැඟිල්ල උස්‌සාගෙන සිටීමට බර වැඩි වූයේ කොයි කාටදැයි නොදනිමි. 

මෙම ගොඩනැඟිල්ලේ අන්තර්ගතයේ තිබූ කෝටි ගණනක්‌ වටිනා අකුණු සන්නායක, යකඩ බාර්, යකඩ උළුවහු, ඕක්‌ ලී, ඇතුළු අමුද්‍රව්‍ය සියල්ල මුදලට පරිවර්තනය කිරීමේ බල ලෝභය හටගත්තේ කාගේ සිත්හි දැයි සොයා බැලිය යුතුය. මන්ද, මේ සා විශාල වටිනාකමින් යුතු භාණ්‌ඩ වල පූර්ණ අයිතිය රජය සතුවන බැවිනි.

තරුණ කටයුතු ඇමැති ලෙස රනිල් වික්‍රමසිංහ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය තරුණ අයිතියට පත් කළ දායින් පසුව, අලුත්වැඩියා කොට ඇත්තේ වරක්‌ හෝ දෙවරක්‌ පමණි. මේ වන විටද වසර ගණනාවක්‌ පිළිසකර කොට නැති බැවින් පෙනුම දිරාපත් බවකි. හොද නිරීක්‌ෂණයක්‌ සිදු නොකොට ඡායාරූප හරහා ගොඩනැඟිල්ලේ ස්‌වභාවය නිරීක්‌ෂණය කළ බැවින් ඉහළ පෙළේ ඒකමතික තීරණය වූයේ මෙම ගොඩනැගිල්ල බිම හෙළා යළි නව ගොඩනැඟිල්ලක්‌ තැනිය යුතු බවය. 

නේවාසිකාගාරය කැඩීමෙන් පසු 

ඒ අනුවය, වසර සියයකට එපිට පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු බෙල්වුඩය බිමට සමතලා වූයේ. දැන් ඇස්‌ ඇරී ඇත්තේ ය. බිම හෙළුE යකඩ කඳන් අදටත් සවි ශක්‌තිමත් බවින් අනූනය. මහල් ඕක්‌ ලීයෙන් තනා ඇති බැවින්, දිරාපත්ව කඩාවැටේ යෑයි, තක්‌සේරු කර තිබුණද ලී ඇතුරුම් අතරෙහි ඝණකමින් යුතු කොන්ක්‍රීට්‌ තට්‌ටුවක්‌ ඉදිකොට ඇති වග දුටුවේ ගොඩනැඟිල්ල ක්‍රමිකව බිම හෙළද්දීය. ඒවා බිඳ හෙළන්නට නොහැකි බැවින් යන්ත්‍රානුසාරෙයන් කඩා බිම දමන ලද්දේය. ජනේල උළුවහු ගැලැවීමට ද ගස්‌ කපන යන්ත්‍ර යොදා ගැනීමට සිදු වූයේ ද එහි සවිශක්‌තිමත් බව නිසාය. ඉහළට දැවැන්ත යකඩ කණු සහ බිම හෙළා තිබූ නැවුම් යකඩ කඳන්, දකින ඕනෑම අයෙකුට හැඟී යන්නේ මේ නම් අලුතින් ඉදිකිරීමක්‌ කරන තැනක්‌ ලෙසය. ඒ තරමට බිම හෙළුE සියල්ලෙහි නැවුම් බවක්‌ ඇත්තේය. ස්‌කොට්‌ලන්තයේ ලැන්කෂයර් වානේ සමාගම විසින් නිෂ්පාදිත දැවැන්ත වානේ යකඩ කඳන් මේ දිනවල ඇද හැලෙන වැස්‌සට තෙමි තෙමී බෙල්වුඩ් බිමෙහි වැතිර සිටින්නේය. බෙල්වුඩ්, ස්‌කොට්‌ලන්ඩ් ආදි ලාංඡන අදටත් කිසිදු පලුද්දක්‌ නැතිවම විද්‍යමාන වෙමින් එහි ශක්‌තිමත් බව මොනවට පැහැදිලි කරමින් තිබෙන්නේය. මේසා විශාල අපරාධයක්‌ සිදුකරන්නට සිත් පහළ වන්නේ මිනිස්‌කම ඇත්තකුට නම් නොවන බව පැහැදිලිය. 

මේ සම්බන්ධයෙන් අදහස්‌ දැනගැනීම පිණිස , තරුණ සේවා සභාවේ අධ්‍යක්‌ෂ ජෙනරාල් එරන්දික වැලිඅංගේ
මහතා ඇමතුවෙමි. " බෙල්වුඩ් ආයතනයෙන්, අනුව දශකයේ රටට වැඩදායි දක්‌ෂ ශිල්පීන් බිහි වුණේ නැහැ. එතැන් සිට ඉදිරිය දෙස බැලුවත් හොඳ ශිල්පීsන් හෝ ගුණාත්මක බවින් යුතු අති දක්‌ෂ ශිල්පීන් බිහිවූයේ නැහැ. අප බැලිය යුතු වන්නේ මෙම ආයතනය හරහා පිළිගැනීමක්‌ ඇතිව ගුරු පත්වීමක්‌ හෝ ලබා ගත හැකි තත්ත්වයකින් අධ්‍යයන කටයුතු පුළුල් කරන්න. අපි දැන් එයට අවශ්‍ය සැලැස්‌ම සකස්‌ කර තිබෙනවා. මේ සඳහා භෞතික සහ න්‍යායාත්මක දියුණුවක්‌ පවත්වාගෙන යායුතුයි. ඒ සඳහා අපි බෙල්වුඩ් සෞන්දර්ය ආයතනය නවීන පහසුකම් සහිත ආයතනයක්‌ ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට අපි පැරණි ගොඩනැඟිල්ල ඉවත් කරමින් සිටිනවා. ලබන වසරේ මාර්තු මස වන විට, ඉදිකිරීම් නිම කරන්න බලාපොරොත්තු වෙනවා.. නව ගොඩනැඟිල්ලට ඇස්‌තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන දෙසීයක්‌. අපි මේවා හදන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. අපි සංවර්ධන කරන්නේ අනාගතය වෙනුවෙන්. පැරණි ගොඩනැඟිල්ල බිම දැම්මේ ඉංජිනේරුවන්ගේ, තීරණ මත. ඉංජිනේරුවෝ කියා සිටියා මේ යකඩ දිරාපත්වෙලා කියා. නවීන ශබ්දාගාර, සහිතව නවීන තාක්‌ෂණික උපක්‍රම ඇතිව ඉදිකරන මෙම ගොඩනැඟිsල්ල මේ වන විට කොන්ත්‍රාත්කරුවන් වෙත භාරදී තිබෙන්නේ. නව ගොඩනැගිල්ල ඉදි වූ පසුව අපි නව සිසුන් බඳවා ගැනීමට අපේක්‌ෂා කරනවා..... මේ නව ඉදිකිරීම්වලට බොහෝ දෙනා දොස්‌ කියනවා. හොඳ වැඩක්‌ කරද්දි වැරදි දකින එක මේ ලංකාවේ මිනිසුන්ගේ හැටි. සිංගප්පූරුව වගේ මේවා දියුණු කරන්න බැරි ඒකෙන්. " අධ්‍යක්‌ෂ ජෙනරාල්වරයා කියා සිටියේය. 

ඉතිහාසය අකා මකා දමා නව ලොවට ගමන් කරන්නා කෙටි කලකින්ම අභාවයට යන්නේය. පැරණි යකඩ පාලම් රකිමින් අසලින් කොන්ක්‍රීsට්‌ පාරවල්ද , වලව් හෝ ඉපැරණි නිවාස රකිමින් නගර ඉදිකරන්නද, අම්බලම් ඉපැරණි බිම්ගෙවල් මඟහරිමින් අසලින් මාර්ග තනන්නටද වෙරදරමින් , පුරා වස්‌තු රකිමින් ඉදිරියට යන උදවිය වෙසෙන ලොවක, බෙල්වුඩය බිඳ හෙළා නව ගොඩනැඟිල්ලක්‌ තැනීම විහිළුවකි. හරියටම පුටුවක්‌ තනන්නට අටුවක්‌ කැඩුවා වැන්න. 

කලාවට අධිපතිනි සරස්‌වතී දේවියය. ඕ තොමෝ මේ නිග්‍රහශීලී අතිනින්දිත , දුෂ්ඨ , විනාශය අර්ථ විඤ්ඤාණයෙන්ම හඳුනාගනු ඇත. දුර නොබලා ළඟ බලමින් බඩ වඩා ගන්නට කෙරෙන මෙවන් අත්තනෝමතික ක්‍රියාදාමයන්ට හවුල් වන්නන්ට සොබා දහමින් නිසි දඬුවම් ලැබෙනු ඇත්තේය. එය මඟහැර යන්නට ශක්‍ර දේවේන්ද්‍රයාටවත් නොහැක්‌කේය. 

කෙසේ  නමුත් වර්තමාන සභාපති එරංද වැලිඅංගේහට දූෂිතයෙකු යැයි මේ දිනවල සමාජ ජාලා වල දැඩි විරෝධයක් පවතී. තවද 2016 විගණන වාර්තා පදනම් කරගනිමින් මෙම නිලදාරියාගේ දූෂන වංචා පිළිබදව News tubeවෙබ් අඩවිය ද හෙලිකලේය.

තවද ලංකාවේ ප්‍රධාන සංනිවේදන ආයතනය සේවය කරන සේවයකුද මේවන විට සේවයෙන් පහ කර ඇත ඒ හෙතෙම මෙම නිළධාරියාගේ දූෂන වංචාවලට එරෙහිව සමාජ ජාලාතුලින් හඩ නැගීම හේතුවෙනි.

දූෂණයට විරුද්ධව පැමිණි යහපාලනය මෙවැනි දූෂිතයකු තවමත් ආරක්ෂාකරන්නේ ඇයි දැයි ජනතාව ප්‍රෂ්ණකරයි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook