Featured News

Video Gossip

Advertisement

අභියෝගයක් වෙන්නෙ ඒ චරිතය නුපුරුදු එකක් වුණා නම්
අම්මා කියන චරිතය මට නුපුරුදු එකක් නෙවෙයි
මේ අවුරුද්දේ මට සතුටක් ඉතිරි වෙලා තියෙනවා


ඔබ මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තා. සතුටින් ඇත්තේ?

ඔව්, සම්මානයක් ලැබෙනවා කියන එක ඉතින් සතුටක්. කවුරු හරි ඒකට අකැමැතියි කිව්වොත් ඒක බොරුවක් වෙනවා.

මොකද හිතෙන්නෙ මේ සම්මානය ගැන?

හොඳට රඟපෑවම සම්මාන ලැබෙනවා. ඒ වගේම හොඳ තරගකාරිත්වයකුත් තිබුණා. ඇත්තටම මේ අවුරුද්දට මට සතුටක් කියලා දෙයක් ඉතිරි වෙලා තියෙනවා.

රංගන ජීවිතය තුළ හොඳම නිළියට හිමි සම්මානය කියන්නෙ ගොඩක් වටින දෙයක් නේද?

ඔව්. මොකද එතැනින් එහාට තවත් සම්මානයක් නැහැනෙ.

ධර්ම යුද්ධය වෙනුවෙන් හොඳම නිළි සම්මානය ලැබෙයි කියන බලාපොරොත්තුව තියාගෙනද හිටියේ?

මෙහෙමයි, ලැබෙයිමයි කියලා හිතන් හිටියේ නැහැ. අනෙක් චිත්‍රපට මොන වගේ මට්ටමක තියෙනවාද කියලා දන්නෙ නැහැනේ. මොකද අපි ඒ ඔක්කොම බලලා නැහැනෙ.අනෙක ඒකේ තීරණය තියෙන්නේ ජූරිය අතේ. අවසාන මොහොත වෙනකම් අපි ඒ තීරණය දන්නෙ නැහැ.

ධර්ම යුද්ධයේ රාණි කියන චරිතය ඔබට අභියෝගයක් වුණාද?

අභියෝගයක් වෙන්නෙ ඒ චරිතය නුපුරුදු එකක් වුණා නම්. අම්මා කියන චරිතය මට නුපුරුදු එකක් නෙවෙයි. ඒ නිසා මවකගේ හැඟීම් කොතැනත් එකයි.

ඒ කියන්නෙ පුරුදු චරිතයක් නිසා අභියෝගයක් වුණේ නෑ කියන එකද?

පුරුදු නැති වුණත් රංගන ශිල්පිනියකට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. අපි වැටුපක් ලබන්නෙ රඟපාන්නනෙ.

මේ නිර්මාණය භාෂා කිහිපයකින් නිර්මාණය වී තිබෙනවා. ඔබ මේ නිර්මාණයේ වැඩි වටිනාකම දෙන්නේ කාටද?

මම දන්නවා මේ චිත්‍රපටය කරපු හැම භාෂාවකින්ම අති සාර්ථක වුණා කියලා. විශේෂයෙන්ම මේකෙ කතා තේමාව සහ පිටපත් රචකයා තමයි ප්‍රබලම වෙන්නෙ. ඉතින් මම ඒකේ වැඩිම වටිනාකම දෙන්නේ පිටපතට.

හොඳම නිළියට හිමි සම්මානය ඔබට ලැබෙන්න බලපෑවේ ඔබේ රංගනය විතරමද? අනෙක් පිරිසගේ සහයෝගයත් ඔබට බලපෑවද?

අනිවාර්යයෙන්ම. මේක කණ්ඩායම් වැඩක් නිසා තනියම කරන්න අමාරුයි. කෑම බීම, ඉඳුම් හිටුම් දුන්න කෙනාගේ ඉඳන් හැම කෙනාගෙම සහයෝගය මේ සම්මානය ඇතුළේ තියෙනවා.

ඔබ නිර්මාණයක් තෝරා ගනිද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ කුමක් ගැනද?

පිටපත තමයි මූලිකවම බලන්නෙ.

මේ කාලයේදී ඔබේ හැකියාව වෙනස් විදියට පෙන්වන්න පුළුවන් චරිත ලැබෙනවද?

එහෙම චරිත ලැබෙනකම් තමයි බලන් ඉන්නෙ.

මොනවද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල "දෙයියන්ගේ රටේ" නාට්‍යයට දායක වෙනවා. ඊට අමතරව නිර්මාණ කිහිපයක් ගැන කතාබහ කරමින් තිබෙනවා. නමුත් තවම ඒවා ස්ථිර වෙලා නැහැ. රියැලිටි ෂෝවලටත් සම්බන්ධ වෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements