Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

චන්ද්‍රිකා රාජ්‍ය නායිකාව වෙනවා යැයි 
ඇයට කියපු  අවුරුදු දොළහේ නාඩි වාක්‍ය අනාවැකිය




ඉසිවරුන් දුටු මගේ භව ගමන (1) (2) පොත කියවීමෙන් පසු සහ එම පොත කොටස්‌ වශයෙන් ' දිවයින ඉරිදා සංග්‍රහයේ' පළවීමත් සමඟම මෙරට පමණක්‌ නොව විදේශයන්හි වෙසෙන,  පාඨකයන් බොහෝ දෙනෙකු බලන්ගොඩ මහ නා හිමියන් විසින් ප්‍රකාශ කොට ඇති 'නාඩි වාක්‍ය' පිළිබදව තව දුරටත් විමසීම් කරනු ලබන හෙයින් ඔවුනගේ ඉල්ලීමට ගරු කිරීමක්‌ වශයෙන් මෙම කෙටි ලිපිය පළ වෙයි ,

නාඩි වාක්‍ය යනු මොනවාද ?

මේ පිළිබදව අභිධජ මහා රට්‌ඨගුරු අග්ග මහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් වෙතින් විමසන ලද අවස්‌ථාවේ උන්වහන්සේ විසින් කරන ලද පැහැදිලි කිරීම් මෙම ලිපියට ඇතුළත් වෙයි ,

මෙරට නාඩි වාක්‍ය කියවීමේ පුරෝගාමියා වන්නේ දිවංගත පණ්‌ඩිත මහාලිංගම් මහතාය, එතුමාගේ සේවය බොහෝ විට ලබා ගත්තේ මෙරට ප්‍රභූ පන්තිය වීම වැදගති, මෙරට බොහෝ රාජ්‍ය නායකයෝ එතුමාගේ සේවය ලබා ගත්හ,

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමාද, ඩඩ්ලි සේනානායක මැතිතුමාද, ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියද එම මැතිනිය විසින් තම පවුලේ සාමාජිකයන්ගේද නාඩි පත්‍ර කියවා ගන්නා ලද්දේ දිවංගත පණ්‌ඩිත මහාලිංගම් මහතා වෙතිනි , එකී නාඩි වාක්‍යයන්හි සදහන්ව තිබූ ඇතැම් පුද පූජා සිදු කරන ලද්දේද පණ්‌ඩිත මහාලිංගම් මහතා විසිනි,

හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනියගේ නාඩි පත්‍රය කියවූ පණ්‌ඩිත මහාලිංගම් මහතා ඇය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව ලෙස පත්වන බව කියා ඇත්තේ ඇය දොළොස්‌ වැනි වියේ පසුවන සමයේදීය. එවිට ඇය "පොයි පොයි" (බොරු බොරු) කියා සිනහසෙමින් තමාගේ පිටට තට්‌ටු කර ගිය බවද පණ්‌ඩිත මහාලිංගම් මහතා මා වෙත පැවසූ අයුරු සිහිපත් වෙයි,

එසේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විසින් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපති ධුර අපේක්‌ෂත්වයට නම් කිරීමෙන් පසුව ඇයගේ ජන්ම පත්‍රය ඉන්දියවේ බැංගලෝර්හි නාඩි පත්‍ර කියවන ජ්‍යෙdතිෂ්‍යවේදීන් වෙත යවන ලද බවට එවක සිටි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු විසින් පසු කාලීනව සති අන්ත පුවත්පතකට සපයන ලද ලිපියකද සදහන් කර තිබුණි,

දිවංගත පණ්‌ඩිත මහාලිංගම් මහතා සතුව තිබුණේ 'සප්ත ඝෘෂි නාඩි වාක්‍ය ක්‍රමයයි'

එනම් ඝෘෂිවරුන් සත් දෙනෙකු විසින් සංගෘහිත නාඩි වාක්‍ය සමූහයයි, එතුමාගේ අභාවයෙන් පසු සප්ත ඝෘෂි නාඩි ක්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් විය, එහෙත් සප්ත ඝෘෂි නාඩි ක්‍රමය දැනටත් දකුණු ඉන්දියාවේ වෛතීශ්වරන් කෝවිල ආශ්‍රීත නාඩි ජෝතිෂ්‍යවේදින් සතුව තිබේ.

ලංකාවේදී ඔබට දැන් ලබා ගත හැකි වන්නේ අගස්‌ති කෞශික නාඩි වාක්‍ය පමණකි, මෙම නාඩි ජ්‍යෙdතිෂ්‍යවේදීන් වසර පනහකට වැඩි කාලයක්‌ ශ්‍රී ලංකාවේ (කොළඹ, බම්බලපිටියේ, කොතලාවල පාරේ අංක 19-1 දරන ස්‌ථානයේ) සිටිමින් මහ ජනතාවගේ ජෝතිෂ්‍යමය අවශ්‍යතාවයන් ඉටුකර දෙනු ලබයි.

(මෙම ලිපිනය අප පතෙහි මෙසේ සදහන් කරනුයේ දිනපතා අප පුවත්පත් ආයතනයට ලැබෙන දුරකතන පණිවුඩ සංඛ්‍යාව හේතුවෙන් බව පාඨකයන් වෙත දන්වනු කැමැත්තෙමු.)

නාඩි වාක්‍ය යනු මොනවාද ?

මේ පිළිබඳව අප අභිධජ මහා රට්‌ඨ ගුරු අග්ග මහා පණ්‌ඩිත අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් වෙතින් විමසූ අවස්‌ථාවේ උන්වහන්සේ පිළිsතුරු දුන්නේ මෙසේය ,

කලියුගය ආරම්භයට පෙර එනම් මීට අවුරුදු පන්දහසකට හයදහසකට ( 5000 - 6000 ) ඉස්‌සර මහා ධ්‍යානලාභී ඝෘෂීන්වහන්සේලා පිරිසක්‌ උතුරු ඉන්දියාවේ හිමාලය ආශ්‍රීත ප්‍රදේශවල හිටියා, මේ ඇත්තෝ හිමාලයේ මහා ඝන කැලෑවල සදුන් රුක්‌ෂයන් යට ජීවත්වෙමින් බොහෝ කලක්‌ භාවනායෝගීව කාලය ගත කළා. ඒ ඇත්තන් පුරුදු පුහුණු කළ යෝග භාවනාවන්ට අනුව ඒ ඇත්තන්ට එක එක ශක්‌තීන් ලැබුණා. අපේ බණ පොත්වල ඔය ශක්‌තීන් හදුන්වන්නේ දිබ්බ චක්‌ඛු දිබ්බ ස්‍රොaත, පරචිත්ත විජානන, පුබ්බේ නිවාසානුස්‌සති, ඉද්ධවිධි, හැටියටයි.

තමන් දියුණු කළ යෝග භාවනාවන් අනුව, තමන් ප්‍රගුණ කළ අභිඥා බලයෙන් ඒ ඝෘෂීන්වහන්සේලාට අවුරුදු පනස්‌ දහසක්‌ අතීතය දකින්නට, ඒ මොහොතේම ලෝකයේ, විශ්වයේ, සිදුවන දේ දකින්නට, අසන්නට, අවුරුදු පනස්‌ දහසක්‌ අනාගතය දකින්නට, අනෙක්‌ ඇත්තන්ගේ හිත් කියවන්න ශක්‌තිය තිබුණා,

ලෝකයේ උපදින සත්වයන්ගේ බව ගමන මේ ඇත්තන් දියුණු කළ මනසින් දුටුවා, සත්වයන්ගේ පෙර භවය, මෙම භවය, මතු භවයද ඒ උදවිය තම අභිඥා බලයෙන්, අභිඥා ඥානයෙන් දුටුවා, සත්වයන්ගේ මෙම භව ගමන ඒ ඇත්තෝ ශ්ලෝක වශයෙන් තනාලා තමන්ගේ ගෝලයන්ට ඉගැන්නුවා,

ගෝලයෝ මෙම ශ්ලෝක බොහෝම අමාරුවෙන් කට පාඩම් කරගෙන රැක ගත්තා, පස්‌සේ කාලෙක කාලය හරියට නිශ්චිතව කියන්න බැහැ. ඒත් මෙයට අවුරුදු තුන් දහසකට පෙර හිටිය තංජෝර් රජතුමා උගත් බ්‍රාහ්මණ පඩිවරුන් තමන්ගේ මාලිගාවට ගෙන්නලා මෙම ශ්ලෝක තල්පත්වල ලේඛනගත කළා. මෙම තල්පත් සමූහයටයි, නාඩි වාක්‍ය තල්පත් කියන්නේ, නොයෙකුත් භාෂාවලින් නාඩි වාක්‍ය තියෙනවා, දෙමළ, කර්ණාටක, සංස්‌කෘත ආදි භාෂාවෙන් ලියෑවුණ නාඩි වාක්‍යයත් තියෙනවා.

ඉන්දියාවේ හැම පළාතකම වාගේ නාඩි ජෝතිෂ්‍යය ක්‍රමය තියෙනවා. මදුරාසිය, චෙන්නායි, කල්කටා බරණැස, බැංගලෝර්, යනාදී නගරවල මෙම නාඩි කියවීම අදටත් කෙරෙනවා,

වර්තමානයේ මෙම නාඩි ජ්‍යෙdතිෂ්‍යය ක්‍රමය එක්‌ එක්‌ පරම්පරාව සතු ශාස්‌ත්‍රයක්‌, බූදලයක්‌ හැටියටයි තියෙන්නේ ,තම පරම්පරාවෙන් පිට උදවියට මෙම නාඩි කියවීමට හෝ ඉගෙන ගැනීමට බැහැ. නාඩි වාක්‍ය කියවන ශිෂ්‍යයන් ගුරුවරයා යටතේ අවුරුදු හයකට හතකට වැඩි කාලක්‌ ගතකළ යුතු වෙනවා. මට දැන ගන්නට ලැබුණ හැටියට එක ගුරුවරයෙක්‌ යටතේ ශිෂ්‍යයන් පහකට හයකට වැඩිය නැහැ. එය ගුරු කුළයක්‌ හැටියටයි හදුන්වන්නේ.

නාඩි වාක්‍ය කියන්නේ සප්ත මහා සාගරයක්‌ වගේ ගැඹුරු ශාස්‌ත්‍රයක්‌. අප කවුරුත් දන්නා ජ්‍යෙdතිෂ්‍යය, හස්‌ත රේඛා, ශ€ද විද්‍යා, ආයුර්වේදය ආදියේ උප්පතිය නාඩි වාක්‍ය ක්‍රමයයි.

නාඩි වාක්‍ය මේ ශ්‍රස්‌ත්‍රයන්ගේ අග්‍ර ඵලයයි.

ඝෘෂීන් වහන්සේලා සත්වයන්ගේ භව ගමන මනසින් දකින අවස්‌ථාවලදී දෙවියන්ගේද ආධාර උපදෙස්‌ ලැබුණු බව පැහැදිලි වෙනවා. ශිව නාඩිය, පාර්වතී නාඩිය, ශිව පාර්වතී, සප්ත ඝෘෂී නාඩිය ආදී වශයෙන් නාඩි වාක්‍ය සමූහයක්‌ තියෙනවා,

එම නිසා මෙම නාඩි ක්‍රමය දෙවියන් විසින් සත්වයන්ගේ බව ගමනේ හිත සුව පිණිස දෙන ලද දිව්‍යමය උපදෙස්‌, අවවාද සමූහයක්‌ වශයෙන් සැලකීම වඩාත් සුදුසුයි.

එක්‌ එක්‌ ඝෘෂීන්වහන්සේලා විසින් කියන ලද නාඩි වාක්‍ය එම ඝෘෂීන්වහන්සේ නමින්ම හැදින්වෙනවා. කාකයර් ඝෘෂිවරයා විසින් ප්‍රකාශිත නාඩි ක්‍රමය කාකභුජන්දර නමින් හැදින්වෙනවා. තවත් නාඩි ක්‍රම රාශියක්‌ තියෙනවා,සප්ත ඝෘෂි, ගුරු, ශනි, අගස්‌ති, අගස්‌ති කෞශික, සූර්ය නාඩි, කමලමුජි විදිහට මෙම නාඩි ශාස්‌ත්‍ර ක්‍රමයේ ඇති තවත් විස්‌මිත කරුණු කිහිපයක්‌ මම කියන්නම්.

'කමලමුජි' නාඩි ක්‍රමයට නාඩි වාක්‍ය අහන කෙනා කිසිම කතාවක්‌ බහක්‌ නැතිව තමන්ට අවශ්‍ය කාරණය හිතේ දරාගෙන තමන්ගේ කේන්දරය නාඩි වාක්‍ය කියවන ඇත්තාට දෙන්න ඕනෑ. එතකොට ඒ ඇත්තා අපේ කේන්දරයට ගැලපෙන, තල්පත් මිටිය ගෙනල්ලා අපේ නම් ගොත් ආදී සියලු විස්‌තර කියලා අප හිතාගෙන ආපු කාරණයද කියනවා.

'කමලමුජි' නාඩි ක්‍රමයට මම බොහෝ අවස්‌ථාවල නොයෙක්‌ දෙනාගේ විස්‌තර තොරතුරු හොයා දැන ගත්තා,

මම අපේ බුදු හාමුදුරුවන්ගේත්, ඡේසු තුමාගේත් විස්‌තර ගත්තෙත් එම විදිහටයි.

බුදුන් වහන්සේගේ ජීවිත කතාව පිළිබදව මම රචනා කරපු බුද්ධ චරිතය පොතට (ශක්‍යමුනීන්ද්‍රdවදානය හෙවත් සිද්ධාර්ථ බුද්ධ චරිතය) කරුණු රාශියක්‌ මම ලබා ගත්තේ මේ කෞමාර නාඩි ක්‍රමයෙන්. බුදුන් වහන්සේ සිරීපාදයට වැඩිය විස්‌තරේ කෞමාර නාඩි, කාකයර් නාඩි, ප්‍රෙත්‍යය නාඩි පොත් වල සදහන් වෙනවා

තවත් තියෙනවා ප්‍රශ්න කාණ්‌ඩම්, ප්‍රෙත්‍ය කාණ්‌ඩම්, කියලා නාඩි ක්‍රමයක්‌. මේ නාඩි ක්‍රමයෙන්ද තම තමන්ගේ භව ගමන සුවපත් කරගන්න තොරතුරු, උපදෙස්‌, ලබා ගන්න පුඵවන්.

මෙම භවයේ ඔබගේ දුක්‌ කම්කටොඵවලට හේතුවූ පෙර භවයේ කරන ලද වැරදිද, ඊට කළ යුතු ප්‍රතිකර්මද, කළ යුතු පුද පූජාද, රෝගයනට ඛේත් හේත් පමණක්‌ නොව නෙවෙයි කළයුතු යාතු කර්මද යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම් ආදිය) මෙම භවයේදී ඔබ ජීවත්විය යුත්තේ කොහොමද කියලා නාඩි වාක්‍ය තුළින් දැන ගන්න පුඵවන්. නාඩි වාක්‍ය උපදෙස්‌ දෙනවා. කියා දෙනවා. ඒ අනුව කටයුතු කරනවාද? නැද්ද? යන වග තම තමන්ගේ ජීවිත සකස්‌ කර ගන්නවාද? නැද්ද? යන වග මේ ඇත්තන්ට අයිති කාරියක්‌,

තවත් විශේෂම කාරණයක්‌, විස්‌මිතම කාරණයක්‌, මම මුන්නහේට කියන්නං,

ඔබ අසන කිසියම් ප්‍රශ්නයකට පිළිතුර, අනාගතයේ, අහවල් කාලයේ, අහවල් දිනයේ, පළවෙන අහවල් පොතේ ඇති බවත්, එම පොතේ නම, කර්තෘවරයාගේ නම, පළවෙන අවුරුද්ද, අදාළ කරුණ ඇති පිටුව, සහ පේළිය දමෙම ප්‍රෙත්‍යය කාණ්‌ඩයේ සදහන් වෙනවා.

මේ තොරතුරු දැන ගත්ත වෙලේ මගේ හිතට ආපු අදහසක්‌ මම මුන්නැහේට කියන්නං, සිත දියුණු කිරීමෙන් ලබාගන්න පුඵවන් අසීමිත ශක්‌ති කදම්බය, හැකියාව, කොච්චරද කියලා පද ගලපලා කියන්න මට බෑ. මේ තොරතුරු නවීන විද්‍යාව කොච්චර දියුණු වුණත්, කවදාවත් ලබා ගන්න බැහැ,

මෙම විස්‌තර කියලා තියෙන්නේ මීට අවුරුදු පන්දහසකට හයදහසකට පෙර හිටිය මහත් අභිඥාලාභි ඝෘෂීන්වහන්සේලායි,

නාඩි කියන වචනයේ තේරුමද මම නාඩි වාක්‍ය තුළින්ම අහලා බැලුවා,

නාඩි වාක්‍යයේ සදහන් වෙන්නේ ඝෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තා කියලයි, කිසියම් කෙනෙකුට මෙම නාඩි වාක්‍ය ගැන පතෙන් පොතෙන්, කට වචනයෙන්, වෙනත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබිලා, මට නාඩි කියවා ගන්න ඕනෑ කියලා, හිතුණොත් ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙනවා. නාඩි කියවාගෙන බව ගමන සුවපත් කර ගන්න පුඵවන්. එම වාසනාව ලබාපු කෙනෙක්‌ මෙම ආරංචිය ලැබිලා කෙනෙකුට හිතුණොත් , 'ඕවා මොන බොරුද' කියලා හිතුණොත්, ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා නෑ. ඒ ඇත්තා භව ගමන සුවපත් කරගන්න වාසනාව නැති කෙනෙක්‌. එම නිසා හැම කෙනෙක්‌ ගැනම නාඩි වාක්‍ය ලියෑවීලා නැති බව මට හිතෙනවා.

බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්‌ තමයි නාඩි වාක්‍ය ලියෑවෙලා තියෙන්නේ කා සදහාද? කියාලා,? කුමන ආගමිකයන්ටද ? කුමන ජාතීන් සදහාද? කියාලා,

නාඩි වාක්‍ය ලියවිලා තියෙන්නේ මනුෂ්‍ය ප්‍රජාව සදහායි, මනුෂ්‍ය ප්‍රජාවගේ යහපත සදහායි,

උපදින කොට අපි කවුරුත් උපදින්නේ මනුෂ්‍යයන් හැටියට, ඉපදුණාට පස්‌සේ තමයි අපි එක එක ආගම්, කුලමල, ජාති, වර්ණ යනාදි වශයෙන් බෙදෙන්නේ,

ඝෘෂින්වහන්සේලා මෙම නාඩි වාක්‍ය කියා තිබෙන්නේ මිනිසුන්ට මෙම බවය සුවපත් කරගෙන මතු භවයද සුවපත් කර ගැනීමටයි,

එහෙත් නාඩි වාක්‍ය මගින් භව ගමන අවසන් කර ගත නොහැකියි,

භව ගමන අවසන් කළ හැකි වෙන්නේ අප සම්මා සම්බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති දේශනාවන්ට අනුව ජීවිතය හැඩ ගස්‌වා ගැනීමෙන් පමණයි,



බදුල්ලේ මෛත්‍රී රත්නායක
දිවයින පුවත්පත ඇසුරෙනි

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook