හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුම ඔස්සේ නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය පසුගිය දිනට යෙදී තිබිණි. ඒ සඳහා මා හට ද ආරාධනා කලා යැයි පක්ෂ ලේකම් දයාසිරි, පාක්ෂිකයන් හට සහ මාධ්‍ය වෙත පවසා ඇති අතර, එය අමූලික අසත්‍යයකි. පසුගිය පක්ෂ සම්මේලන 3 ට ම මා හට කිසිඳු නිල ආරාධනයක් නොලැබුණු බව මා සහතිකව කියමි.






