Featured News

Video Gossip

Advertisement


මගේ යහළු රංගන ශිල්පිනියකට
මම මගේ පෞද්ගලික දේවල් කියනවා
විරහව විඳලා විඳලා හොඳ ආදරයක් ලැබෙයි

- දිලිනි ලක්මාලි

කොහොමද දිලිනි මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල 'රෝද තුනේ මනමාලි' ටෙලි නාට්‍යය රාත්‍රි 7.00ට ධ්ඊව් නාළිකාවේ විකාශය වෙනවා. මේ නාට්‍යයේ මම නිරූපණය කරන්නේ සම්මානි කියන චරිතය. මීට අමතරව සේනක එදිරිසිංහගේ 'වාමන යාමය' ඉරිදා රාත්‍රි 8.30ට ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පුරාවිද්‍යාව සමඟ සම්බන්ධ කතා තේමාවක් එය. ඒකේ මම අරුන්දතීගෙ චරිතය කරනවා.


මේ දවස්වල ඒ රංගනයන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා.


ටෙලි තිරයේ දැකපු දිලිනි වේදිකාවටත් ගොඩවෙලා?

ඔව්. සුදත් අයියා සහ ජනිත් අයියා තමයි මට 'දෙබිඩි බේ‍රා්' කියන වේදිකා නාට්‍යයට ආරාධනා කළේ. ඒකත් එක්ක තමයි මම වේදිකාවට එකතු වුණේ. ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය කියන රටවල් දෙකේ සංචාරයක් තිබුණා. 'දෙබිඩි බේ‍රා්' වේදිකා නාට්‍යයට තමයි එහෙ ගියෙ. වේදිකා නාට්‍යයකට පිටරට ගිය පළමුවැනි අවස්ථාව. ඒක වෙනස්ම අත්දැකීමක්.


වැඩිය නිර්මාණවල පේන්න නැත්තෙ ලැබෙන නිර්මාණවල තෝරා ගැනීමක් කරන නිසාද?

මම හිතන විදියට නිතර රූපවාහිනියෙ ඉන්නවා කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ලැබෙන හැම නිර්මාණයටම වඩා අපිට දෙයක් කරන්න පුළුවන් නිර්මාණයක් තෝර ගන්න එක තමයි වැදගත්. මම කරපු ටෙලි නාට්‍යය අටක් විතර විකාශය වෙන්නත් තියෙනවා. අනෙක මම එහෙම වැඩිය තෝරා බේරා ගැනීම් කරන්නෙ නැහැ.


නිර්මාණවලට දායක වෙද්දි දිලිනිට වැඩි වාරණ දාන්නෙ කවුද?

මමම තමයි තීරණය කරන්නෙ. අම්මවත් තාත්තවත් මල්ලිවත් මට වාරණ දාන්නෙ නැහැ. මොකද එයාලා දන්නවා මම වැරදි දෙයක් කරන්නෙ නැහැ කියලා.


සිනමාවට එන්න අදහසක් නැද්ද?

ඒක නම් මගේ හීනයක් තමයි. ඒකටත් ඉතින් වෙලාව එනකම් ඉන්න වෙනවා.


සිනමාවට ආරාධනා ලැබිලම නැද්ද?

ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ඒවා මට ගැළපෙන්නෙ නැති නිසා දායක වුණේ නැහැ.


දිලිනිට ක්ෂේත්‍රය ඇතුළේ කැපිලි කෙටිලි ඇවිත් තියෙනවද?

එහෙම නැහැ. මුල් කාලයේදී කට්ටිය උදවු කළා. පොඩි පොඩි කෙනෙහිලිකම් තිබුණත් ඒවා දුරදිග යන දේවල් නෙවෙයි.


ලංකාවේ ජනප්‍රිය කියලා රංගන ශිල්පිනියන් කොටසක් ඉන්නවා. ඔබත් ඒ ගොන්නටද වැටෙන්නෙ?

ඒක ඇත්තටම මම නෙවෙයි ප්‍රේක්ෂකයෝයි තීරණය කරන්න ඕන. නමුත් මම කැමතියි, ජනප්‍රිය ගොන්නට වැටෙන්නෙ නැතිව දක්ෂතම ගොන්නට වැටෙන්න.


දක්ෂතම ගොන්නට එකතු වෙද්දී සම්මානනීය ඇගැයුම් බලාපොරොත්තුත් තියාගෙනද ඉන්නේ?

2010 රයිගම් සම්මාන උළෙලේ නැඟී එන නිළියට හිමි සම්මානය මට ලැබුණා. සුමති සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ලැබිලා තියෙනවා. හොඳම නිළිය සම්මානය සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා. දවසක හොඳම නිළි සම්මානයක් ලැබුණොත් සතුටින් භාරගන්නවා.


දිලිනි කියන්නෙ වැඩිය සද්ද නැති කෙනෙක් නේද?

ඔව්. මම කොහොමත් මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒත් මට ලැබෙන චරිත මම හොඳට කරනවා.


දිලිනි ගැන ගොසිප් අඩුවෙන්නෙත් ඔය පරෙස්සම නිසාද?

එහෙම පරෙස්සම් වෙන්නෙ නැහැ. ඒත් මම මගේ පාඩුවේ ඉන්න නිසා මට දැනට නම් ගොසිප් හැදිලා නැහැ.


ඔබ යන රංගන ගමනෙත් හදිසියක් පේන්න නෑනේ?

මම බොහොම හෙමින් ගමනක් තමයි යන්නෙ. මම හැමදාම උත්සාහ කරනවා අඩියෙන් අඩිය ඉස්සරහට යන්න.


දිලිනිට ක්ෂේත්‍රයේ ඉන්න විශේෂම පිරිමි යාළුවා කවුද?

එහෙම එක්කෙනෙක් කියන්න බැහැ. කිහිප දෙනෙක්ම ඉන්නවා.


කවුද ඒ කිහිප දෙනා?

නළුවො, අධ්‍යක්ෂවරු එහෙමත් නැත්නම් කාර්මික ශිල්පියො වෙන්නත් පුළුවන්. එහෙම විශේෂ කියන්නත් බෑ. මුණගැසෙන හැමෝම එක්ක හොඳින් වැඩ කරනවා.

දිලිනිට විශේෂ රහසක් කියන්න පුළුවන් ගැහැනු හෝ පිරිමි යාළුවෝ ක්ෂේත්‍රයේ ඉන්නවද?

ඔව්. මගේ යහළු රංගන ශිල්පිනියකට මම මගේ පෞද්ගලික දේවල් කියනවා. ඒ ඇරුණම රංගන ශිල්පීන් සමඟ මම එහෙම ලොකුවට දේවල් කතා කරන්නෙ නැහැ.


ආදරය සහ විරහව ගැන මොකද හිතන්නෙ?

ආදරය ළඟින්ම යන දෙයක් තමයි විරහව කියන්නෙ. ගොඩක් වෙලාවට විරහව විඳලා විඳලා හොඳ ආදරයක් ලැබෙන්න පුළුවන්. ඒත් ආදරය තමයි ජීවිතයට මූලිකව අවශ්‍ය වෙන්නෙ.


දිලිනිට ආදරය කරන කෙනෙක් ඉන්නවාද?

එහෙම කෙනෙක් ඉදිරියේදි ලැබෙයි. තවම ආදරය කරන කෙනෙක් නැහැ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements